නිවන්_මඟ_මෙන්න-(12/20)
7.0 ආර්යෂ්ටාංගික මාර්ගය
ආර්යෂ්ටාංගික මාර්ගය කියන්නේ භාවනා 4ක්
සීල භාවනා
කාය භාවනා
චිත්ත භාවනා - (සමථ)
ප්‍රඥ්ඥා භාවනා- (විදර්ශනාව)
සීල භාවනා කියන්නේ -> සම්මා වාචා, සම්මා වායාම
කාය භාවනා කියන්නේ -> සම්ම කම්මන්ත, සම්මා ආජීව
චිත්ත භාවනා කියන්නේ -> සම්මා සංකල්ප, සම්මා සමාධි
ප්‍රඥ්ඥා භාවනා කියන්නේ -> සම්මා දිට්ඨි, සම්මා සම්මා සති
සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ කාය භාවනා වුනත් ඒ දෙකේම කය වෙහෙසලා දාඩිය දාගන අමුතුවෙන් කරන්න දෙයක් නෑ . වැරදි ලෙස මුදල් හෙව්වා නම් ඒක නවත්තන එකයි. හොරකම් කර කර හිටියා නම් ඒකෙන් මිදෙන එකයි තියෙන්නේ. ඒ කියන්නේ යම් යම් ගොං වැඩ ටිකක් කර කර හිටියා නම් ඒ ගොං වැඩ ටික නතර කරන එකයි තියෙන්නේ
වන්දනා කර කර ඉන්න එකෙන් ආර්යෂ්ටාන්ගික මාර්ගයට සම්බන්ධයක් නෑ. මේ සාසනෙයේ කිසි දෙයක් තේරුනේ නැත්නම් වෙනත් සසනයකදී නිවන් දකින්න ඒක හොඳයි
සම්මා දිට්ඨිය
"මහණෙනි, සම්‍යක්දෘෂ්ටි කවර යත්: මහණෙනි, මම සම්‍යග්දෘෂ්ටිත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්‍යග්දෘෂ්ටියක් ඇති.
(මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, අනුපද වර්ගය, මහාචත්තාරීසක සූත්‍රය)
ඒ කියන්නේ සම්මාදිඨි 2ක් තියවා
ලෞකික සම්මා දිට්ඨිය
ලොකෝත්තර සම්මා දිට්ඨිය
ලෞකික සම්මා දිට්ඨිය
මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය කවර යත්: දුන් දැය විපාක ඇත. යජන ලදුයෙහි විපාක ඇත. පුදන ලදුයෙහි විපාක ඇත. සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක ඇත. මෙලොව ඇත. පරලොව ඇත. මවු ඇත. පියා ඇත. උපදනා ඔපපාතික සත්‍වයෝ ඇත. ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් විශිෂ්ටඥානයෙන් තුමූ මැ ප්‍රත්‍යක්‍ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතැ’යි. මහණෙනි, මේ සාස්‍රව පුණ්‍යභාගී වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්මාදිට්ඨි නම් වෙයි."

"ආස්‍රව සහිත වූ, පුණ්‍යභාගි වූ, උපධි සංක්‍යාත විපා දෙන සම්මා දිට්ඨිය" තමයි ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ
ආස්‍රව සහිත වූ කියන්නේ : කාම ආස්‍රව, භව ආස්‍රව, දිට්ඨි ආස්‍රව
ඒ කියන්නේ සංසාරයේ දිගටම යන ඒවා
පුණ්‍යභාගි වූ : මේ ටික තියෙන්නේ විභංගප්‍රකරනයේ පටිච්ච්සමුප්පාද විභංගයේ අවිද්‍යා පච්චයා සංඛාරා යටතේ
ඔය යටතේ විස්තර කරනවා: පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනඤ්ජාභිසංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර
පුණ්‍යාභිසංඛාර කියන්නේ "දාන, සීල, භාවනා" ත්‍රිවිධපුණ්‍යක්‍රියා
ඕවගෙන් නිවන් දකින්නේ නෑ. ඒකයි "අවිද්‍යා පච්චයා සංඛාර " යටතේ ඕවා තියෙන්නේ
පුණ්‍යාභිසංඛාර කියන්නේ හොඳ එකක්. ඒත් හොඳම එක නෙවෙයි
පුණ්‍යාභිසංඛාර : දස අකුසල චේතනා
ආනඤ්ජාභිසංඛාර: බමුනන්ගේ දැහැන් වඩන ක්‍රමය
උපධි සංක්‍යාත විපා දෙන : කියන්නේ මතු දිව්‍යලෝක, බ්‍රහ්මලෝක වල විපාක දෙන, සසර ගමන ගෙනියන ඒවා. මොකද ඒවා කරලා තියෙන්නේ රාග, ද්වේෂ, මෝහ වලින්
රාගය කියන්නේ පාපයක් නෙවෙයි. රාග වස්තු පරිභෝජනය (උදා: ඇඳක නිදාගන්න එක, දාඩිය දාපුවහම ෆෑන් එකක් දාගන්න එක, ...) ද්වේෂයයි පාපය.
රාගය කියන්නේ භවගාමී සංයෝජනයක්. රාගයෙන් තමයි බ්‍රහ්මලෝකයේ යන්නේ. ලෝභ, ද්වේෂ, මෝහයෙන් සතර අපායේ යන්නේ. ඒ වස්තු එක්ක රාගයෙන් බැඳිලා ආශ්වාද හදාගන්න එකයි නැතිකරන්න ඕනේ
ඔය කිව්වේ ලෞකික සම්මාදිඨිය අර්ථගන්වන්න පාවිච්චි කරපු වචන වල තේරුමයි
ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ ඕපපාතික සත්තවයෝ ඇත, මව ඇත, පියා ඇත, දුන් දෙයේහි විපාක ඇත, මෙලොවක් පරලොවක් ඇත, පුදපූජා වල ආනිසන්ස ඇත, රහතන්වහන්සේලා ඇත (ලොව යම් කෙනෙක් මෙලොවත් පරලොවත් විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද, එවැනි එබඳු සම්‍යක්පතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත ) කියන දැක්මයි.
ඒ කියන්නේ මිත්‍යා දිට්ඨියේ විරුද්ධ පැත්තයි
ලෝකෝත්තර සම්මාදිට්ඨිය
ලෝකෝත්තර සම්මාදිට්ඨියට අර්ථ ගොඩාක් තියනවා
බුදුහාමුදුරුවෝ කෑල ගහක් උපමාකරලා "කච්චායනගිත්ත සූත්‍රයේ" කිව්වේ ඔන්න ඕකයි
සම්මා කියන්නේ අභිසංඛාර නිරෝධයයි (ඔය කිව්වේ පටිච්චසමුපාද නිරෝධය)
ආශ්වාදයේන් මිදුනාම සම්මා මාර්ගය (ඔය කිව්වේ අවිද්‍යා නිරෝධයෙන් )
සංඛාර නිරෝධ කරන්න
අභිනාමරූප නිරෝධ කරන්න
අභිවිඥ්ඥාන නිරෝධ කරන්න
සලායතන, නාම රූප, ජාති ජර මරන ඔය සේරම නිරෝධ කරන්න කිව්වත් එකයි
කෙනෙක් එකක් අල්ලගත්තම ඒක විතරයි සම්මාදිට්ඨිය කියලා හිතාගන ඉන්නවා.
සම්මාදිට්ඨිය කියන්නේ අශ්වාදය නිරෝධ කල යුතුයි කියලා ලැබෙන ඥානයක්. ඒක වේදනාවෙන් ලැබෙන එකක් නෙවෙයි
"මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්මාදිට්ඨි කවර යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්ගය වඩනුවහු හේ යම් ප්‍රඥාවක් ප්‍රඥෙන්ද්‍රියෙක් ප්‍රඥාබලයෙක් ධර්‍මවිචයසම්බොධ්‍යඞ්ගයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් මාර්ගාඞ්ගයෙක් ඇද්ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්මාදිට්ඨි යයි කියනු ලැබේ. ඒ මහණ මිථ්‍යාදෘෂ්ටි ප්‍රහාණය පිණිස සම්‍යග්දෘෂ්ටි ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි"

"ආර්ය වූ, අනාශ්‍රව වූ, ලෝකෝත්තර මාර්ගාංගවූ සම්මාදිට්ඨිය" කියන්නේ රාග, ද්වේෂ, මෝහ වලින් තොර වූ
මාර්ගාංගවූ කියන්නේ මුල මේ සම්මාදිට්ඨියට එන්න නම් දැනගත්ත යුත්තේ මොකක්ද ? ආශ්වාද, ආදීනව, නිස්සරන
"ප්‍රඥාව" කියන්නේ ආර්‍ය ප්‍රඥාව. ඒ කියන්නේ ස්ඵර්ශ ආයත 6යේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරනයත් දන්න එක
" ඒ මහණ මිථ්‍යාදෘෂ්ටි ප්‍රහාණය පිණිස සම්‍යග්දෘෂ්ටි ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි" කියන්නේ මොකක්ද?
සෝතාපන්න වුන කෙනාටත් ආශ්වාදය තියනවා. ඒ මොකෙන්ද? කාම රාග, පටිග වලින්.
සෝවාන් වුනාට කාමරාග පටිය, රූපරාග, මාන, උද්ද්ච්ච, අවිද්‍යා තියන නිසා ඒවත් නැති කරන්න උත්සාහ කරනවා
ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත්වීමයි, ලෝකෝත්තර සම්මාදිට්ඨිය පූර්ණය වීමයි කියන්නේ 2ක්
ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත්වීම ට කියනවා "සෝවාන්" කියලා
ලෝකෝත්තර සම්මාදිට්ඨියට පූර්ණ වීමට කියනව "රහත්" කියලා
ආර්යෂ්ටාංගික මාර්ගයේ 8යි, සම්මාඥාන, සම්මා විමුක්තිත් එක්ක 10ක් තියනවා
ඔය 10න් ම ඉස්සරලම ලැබෙන්නේ වෙන්නේ "සම්මාදිට්ඨියයි"
ඒක අයිති සීලයට නෙවෙයි ප්‍රඥාවටයි. අන්න එකයි මේ සාසනයේ නිවන් දකින්න මූලික වෙන්නේ සීලය නෙවෙයි "ප්‍රඥාව" කියලා කියන්නේ
ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ "ආශ්වාදයේ නොබැඳිය යුතුයි" කියන එකයි
සම්මාදිට්ඨිය කියන්නේ 62ක් මිත්‍යා දිට්ඨි අතර 63වන දිට්ඨිය නෙවෙයි
62ක් මිත්‍යාදිට්ඨි වලින් මිදීමයි සම්මාදිඨිය කියන්නේ
සම්මාදිඨියේ කොටස් 4ක් තියනවා
1) කම්මස්සගත සම්මාදිට්ඨිය- කර්මය, කර්මඵල, විපාක ඇත, පිං කළොත් විපාක තියනවා කියන සම්මාදිට්ඨිය
(ඒකෙන් තමයි මුලින්ම වැඩේ පටන් ගත්තේ )
2) ධ්‍යාන සම්මාදිට්ඨිය- ධ්‍යාන ටික දැනගන ඒ ඒ ධ්‍යාන වල මෙනෙහි කරන්න ඕනේ දේ දැනගන්න සම්මාදිට්ඨිය
3) මාර්ග සම්මාදිට්ඨිය- මාර්ගඵල ලබාගැනීම සඳහා සක්ඛායදිට්ඨි, විචිකිච්චා, සීලබ්බත, පරාමාස ප්‍රහින වෙලා සෝවාන් වෙන බවත්, කාම රාග, පටිග දුරුවෙලා සෝවාන් වෙන බවත්, කාමරාග සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙලා අනාගාමී වෙන අබ්වත්, රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්යා ප්‍රහීන වෙලා අරිහත් වෙන බවත් (මාර්ගය දැනගන්න) දන්න සම්මාදිට්ඨිය
4) ඵල සම්මාදිට්ඨිය- පලයට පත් වෙලා මම දැන් නම් සෝතාපන්නයි කියලා දැනගන්න ඥානය
සම්මාසංකප්ප
සම්මාසංකප්පය 2 ආකරයි. ලෞකික සම්මාසංකප්ප + ලෝකෝත්තර සම්මාසංකප්ප
ලෞකික සම්මා සංකප්පය ආයේ 3 ආකාරයි
නෙක්ඛම්ම සංකප්ප (කාමයන් පස්සෙ යන්නේ නෑ)
අව්‍යාපාද සංකප්ප (තරහා ගන්නේ නෑ)
අවිහිංසා සංකප්ප (කාටවත් හිංසා කරනෙන නෑ)
කාමයන් පස්සෙ යන්නේ නතුව, තරහා ගන්නේ නැතුව, හිංසාවක් නොකර ඉන්න මේ ලෞකික සම්මාදිට්ඨිය සාශ්‍රවයි. ඒ කියන්නේ ආශ්‍රව සහිතයි. පුණ්‍ය විපාක සහිතයි උපධි විපාක දෙන්නේය
ඒ කියන්නේ මොකක්ද? නැවත ඉපදෙනවා, දිව්‍යලෝකයේ යන්න හොඳයි
නමුත් ආර්‍යවූ, අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගවූ ආර්ය මාර්ගක් තියනවා. ලෝකෝත්තර සම්මා සක්කප්පය කියන්නේ ඒකයි.
අන්න ඒකයි පටිච්චසමුප්පාදයේ සංඛාර නිරෝධ කරන එක.
සම්මාසංකප්පය වැඩෙද්දී ඒක සම්මාදිට්ඨියයි, සම්මාවායාමයයි, සම්මා සතියයි කියන 3න් පරිවාර වෙලා බැඳිලා තියෙන්නේ. වෙන් කරන්න බෑ.
සම්මා වාචා
මිත්‍යාවාචා: මුසාවාද, පිශුනාවාච, පරුෂාවාච, ප්‍රලාප
සම්මා වාචා 2 ආකරයි. ලෞකික සම්මා වාචා + ලෝකෝත්තර සම්මා වාචා
ලෞකික සම්මා වාචා: සාසහ්‍රව, පුණ්‍ය වූ උපධි විපාක දෙන මෙය
මුසාවාදයෙන් වෙන්වීම, පිසුනු බසින් වෙන් වීම, පරුෂ වචනයෙන් වෙන්වීම, ප්‍රලාප වලින් වෙන් වීම
මුසා වාද කියන්නේ යම් කිසි කෙනෙක් මේ ලෝකේ තියන දේවල් "නිච්චයි, සුඛයි, අත්තයි" කියලා කියනවා නම් ඒවා මුසාවාද.
ලෝකෝත්තර සම්මා වාචා: ආරති, විරති, පටිවිරති වේරමනී
ආර්‍යවූ, අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගවූ ආර්ය මාර්ගසංගෘහිතවූ ආර්‍ය මාර්ගය වඩන කෙනෙකුගේ සිව් වැදෑරුම් වාග් දුෂ්චරිතරේ දුරුවීමක් තියනවා. ලෝකෝත්තර සම්මා වාචා කියන්නේ ඒකයි
සම්මා කම්මන්ත
මිත්‍යාකම්මන්ත: පරපන නැසුම, අන්සතු දේ ගැනීම, කාම මිත්‍යාචාරය
කලින් වගේම සම්මාකම්මන්තත් ලෞකික, ලෝකෝත්තර කියලා 2ක් තියනවා
ලෞකික සම්මා කම්මන්ත තමයි ඔය කියපු මිත්යා කම්මන්ත 3න් වැලකීම
ලෝකෝත්තර සම්මා කම්මන්ත: ආර්‍යවූ, අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගවූ ආර්ය මාර්ගය වඩන්නෙකුගේ කාය දුෂ්චරිතයෙන් වෙන්වීමක්, නැවැත්වීමක්
ඒ කියන්නේ මොකක්ද? ආශ්වාද පස්සේ යන්න ගිහින් තමයි ඔය දුෂ්චරිත 3 ම කළේ
ආශ්වාදය වැඩක් නැත්නම් පරපන නසලා වැඩක් නෑ. අනිත් ඒවත් එහෙම්මමයි. ඒ නිසා යථා ස්වභාවය අවබෝධ වෙලා ආශ්වාද වලින් මිදෙනවා
සම්මා ආජීව
ජීවිකාව ගෙනියන්න කරන නානාප්‍රකාර උපක්‍රමශීලී ක්‍රමයි මිත්‍යා ආජීව කියන්නේ: බොරු OT දාන ඒවා, මේක ලෝකයේ හොඳම එක කියලා විකුණන එක, කිරුම් මිණුම් උපකරන වල බර වෙනස් කරලා කරන වෙළඳාම්
මිත්‍යා ආජීව: ත්‍රිවිධ කුහනත්වයෙන් ලොව විස්මයට පත්කිරීම, ලාභසත්කාරයෙන් බිණීම, නිෂ්පෙසික බව, ලාභයෙන් ලාභ සෙවීම, නිමිත්තශීලී බව
ත්‍රිවිධ කුහනත්වයෙන් ලොව විස්මයට පත්කිරීම- මිනිස්සු විශ්මයට පත් කරලා මුදල් හොයන එක
ලාභසත්කාරයෙන් බිණීම - ලාභසත්කාර වලට බන කියන එක, දානයේ ආනිසංස වලින් විතරක් බන කියන එක
නිමිත්තශීලී බව - කවුරුහරි එද්දී බිම බලාගන තැන්පත්ව ඉන්න එක
නිෂ්පෙසික බව - (මේකේ තේරුම දන්නේ නෑ )
ලාභයෙන් ලාභ සෙවීම - තමන්ට දෙයක් ලැබුනම ඒක තව කෙනෙකුට දේන්වා ඊට වඩා දෙයක් ලැබෙයි කියලා
කලින් වගේම සම්මා ආජීවත් ලෞකික, ලෝකෝත්තර කියලා 2ක් තියනවා
ලෞකික සම්මා ආජීව - ඉහත මිච්ජා ආජීවයෙන් වැලකෙන එක
ලෝකෝත්තර සම්මා ආජීව: ආර්‍යවූ, අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගවූ ආර්ය මාර්ගය වඩන්නෙකුගේ මිත්යා ආජීවයෙන් වෙන්වීමක්, යම් දුරු කිරීමක්
ප්‍රඥා : සම්මා දිට්ඨි, සම්මා සංකප්ප
ඔය දෙක පූර්වාංගමයි සෙරටම. ඔය 2 කල්යානමිත්‍රයගෙන් ලැබෙන්නේ
සම්මා වාචා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව
වඩන්න තියෙන්නේ මේ 3යි. ඔය 3යි නිරෝධ කරන්න තියෙන්නේ
ඔය 3 නිරෝධ කරන ක්‍රම තමයි සම්මා සති, සම්මා සමාධි කියන්නේ
ඒ 3න් නිදහස් වෙන්නේ ඒ තුනේ මිච්ජා වලින් මිදිලයි
සම්මා සති: මිදෙන පැත්ත්තට හිත තියාගන ඉන්න එකයි මේ
ඒ කියන්නේ ආශ්වාදයෙන් මිදෙන්න සිහිය තියාගන ඉන්න එකයි. ඒකට තියනවා සම්මා සතිය
එතකොට ආර්යෂ්ටාංගික මාර්ගය වඩන්නේ කොහොමද?
රූපයක් දැක්කාම ඉස්සර නම් අනේ හරී ෂෝක් කියලා හිතන්නේ නැතුව අනිච්ච දුක්ඛ අනත්ත විදිහට හිතනවා
එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට සම්මා සමාධිය පූර්ණ වෙනවා
කෝ එතකොට ඕකේ සම්මා වායාම?
සම්මා වායාම කියලා අමුතුවෙන් කරන්න දෙයක් නෑ
ප්‍රභාෂ්වර චිත්තයෙන් හදන සිත, රාග, ද්වේෂ, මෝහ වලින් කිල්ටි කරගන්නේ නැතුව ඉන්නයි තියෙන්නේ. ඒ කියන්නේ කර කර හිටපු ගොංකම් ටික නවත්වන්නයි තියෙන්නේ
(න චේතනා කරණීය සූත්‍රය අනුව නිවන් මාර්ගයේ යන්න චේතනාවෙන් කල යුතු දෙයක් නෑ )(හිතලා කරන්න ඕනේ වැඩ මොකුත් නෑ)
සම්මා සමාධිය
"ඇවැත්නි, සම්‍යක්සමාධි කවරෙ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව මැ අකුසල් දහමින් වෙන් වැ මැ විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති පළමු වන දැහැන් උපයා වාස කෙරෙයි. විතර්ක විචාරයන්ගේ ව්‍යුපශම යෙන් සිය සතන්හි පැහැදීම කරන චිත්තයාගේ ඒකාග්‍රභාව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති දෙවන දැහැන් ... තුන් වන දැහැන් ... සිව් වන දැහැන් ... උපාය වාස කරෙයි. ඇවැත්නි, මේ සම්‍යක් සමාධියයි කියනුලැබේ. ඇවැත්නි, මේ දුඃඛනිරොධගාමිනිප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ."
(සච්චවිභංග සූත්‍රය )
7.1 ආශ්වාද, ආදීනව, නිස්සරනය චතුරාර්‍ය සත්‍යායේ හා ආර්යෂ්ටාංගික මාර්ගයේ යෙදෙන තැන
"රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මෙ රූපයාගේ ආස්වාද යි. යම් රූපයක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද මෙ රූපයාගේ ආදීනව යි. රූප විෂයෙහි යම් ඡන්ද රාගවිනයයෙක් ඡන්දරාගප්‍රහාණයෙක් ඇත් ද මෙ රූපයාගේ නිශ්ශරණ යි.
වේදනාව නිසා යම් සුඛයෙක් සොම්නසෙක් උපදනේ ද, මෙ වේදනාව පිළිබඳ ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සැහැවි ඇත් ද, මෙ වේදනාව පිළිබඳ ආදීනව යි. වේදනා පිළිබඳ යම් ඡන්දරාග විනයෙක් ඡන්දරාග ප්‍රහාණයෙක් ඇත් ද, මෙ වේදනාව පිළිබඳ නිශ්ශරණ යි"
(සංයුත්තනිකාය, ඛන්ධක වර්ගය, ඛන්ධක සංයුත්තය, උපාය වර්ගය, සත්තට්ඨාන සූත්‍රය)
සංඥා නිසා....සංඛාර නිසා.....විඥ්ඥාන නිසා.....ත් ඔහොම්මමයි තියෙන්නේ
ඔය කිව්වේ මොකක්ද?
1) රූපයක්, වේදනා, සංඥාවක්, සංඛාරයක්, විඥ්ඥානයක් නිසා සුඛයක් සොම්නසක් උපදිනවා නම් ඒකට කියනවා ආශ්වාදය කියලා. ඔය ආශ්වාදයට කියනවා "සමුදය සත්‍යය" කියලා
දුක හටගන්නේ ආශ්වාදය නිසයි. ඒකයි ආශ්වාදයට සමුදය සත්‍යය කියන්නේ
දුක ආශ්වාදය නෙවෙයි
2) ඒ රූපය අනිච්චයි, දුක්ඛයි, අසාරයි, විපරිනාම ස්වභාවයෙන් උක්තයි. ඔය කිව්ව ටික තමයි දුක එන්නේ.
ඕක තමයි රූපයේ ආදීනවය. ඕක තමයි "දුක්ඛ සත්‍යය"
ආශ්වාදය දුක නෙවෙයි, ආශ්වාදය කියන්නේ සැපක්.
ආශ්වාදයේ ආදීනවය මෙන්න මේ විදිහට දැකීමයි දුක
රූපයේ ආදීනවය පිරිසිඳ දැකීම දුක්ඛ සත්‍යයයි කියන්නේ එකයි.
අනිච්ච නම් දුකයි කියලා දකින එක තමයි අමාරුම වැඩේ.
ඒකයි දුක පිරිසිඳ දකින්න ඕනේ කියන්නේ
3) රූපයේ ජන්දරාග දුරු කිරීමක් වේද මේ රූපයේ නිස්සරණයයි
රූපයේ ජන්ද රාගය දුරුකිරීම නිස්සරනයයි.
ඒ කියන්නේ තන්හාවයි ප්‍රහානය කරන්න ඕනේ
ඕක තමයි "නිරෝධ සත්‍යය"
4) ඔන්න ඔය කලින් කිව්ව 3 හරියට කලා නම් ඒකත් එකක් යෙදෙන සම්මා දිට්ඨි, සම්මා සක්කප්ප,....කියන "මාර්ග සත්‍යය" හෙවත් ආර්යෂ්ඨාංගික මාර්ගයයි වැඩෙන්නේ.
7.2 සමථ, විදර්ශනා
අද බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ඉස්සරලාම සමථය වඩන්න ඕනේ ඒ කියනෙන හුස්මරැල්ල නාසිකාග්‍රයේ වදින දිහා බලාගන සමාධිය වඩන්න ඕනේ. ඒත් ඒකෙන් නිවන් දකින්න බැරි නිසා පස්සේ විදර්ශනාව වඩන්න ඕනේ කියන එක
මේ සේරම කරුණු වැරදියි
සමථය කියන්නේ මේකයි
"එහි තෘෂ්ණාමූලක වූ යම් ත්‍රිවිධ ප්‍රමාදයෙක් නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස උපාය සොයා ද, උපන් භෝගයන්ගේ ආරක්ෂාවත් පරිභෝගනිමිත්තත් කෙරේ ද, ඒ ප්‍රමාදයාගේ (ආස්වාදාදිය) මොනොවට දැනීමෙන් ස්වකීය චිත්තසන්තානය රැකීමෙන් ප්‍රමාදයට ප්‍රතිපක්ෂවශයෙන් හැකිළීමෙක් වේ ද, මේ සමථය යි, ඒ සමථය කිසෙයින් වේ යැ යත්: යම් කලෙක වස්තුකාමක්ලේශකාමයන්ගේ ආස්වාදය ද ආස්වාදමාත්‍රයෙන් ආදීනවය ද අදීනවයෙන් නිස්සරණය ද නිස්සරණයෙන් (කාමයන්ගේ) ලාමකබව ද කෙලෙසිලිබව ද විශුද්ධවීම ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද දැනගනී. ඒ යථොක්ත ශමථය ඇති කල්හි යම් වීමංසා සංඛ්‍යාත ප්‍රඥාවක් විමසීමක් ඇද්ද මේ විදර්ශනා යි. ශමථය ද විදර්ශනාව ද යන ධර්මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්. මේ ධර්ම දෙක වැඩෙන කල්හි තෘෂ්ණාව ද අවිද්‍යාව ද ධර්මයෝ දෙදෙන ප්‍රහීණ වෙති. මේ තණ්හා අවිජ්ජා ධර්මදෙක ප්‍රහීණ කල්හි සතර උපාදානයෝ නිරුද්ධ වෙත්. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදොමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙත්."
(ඛුද්‌දක නිකාය, නෙත්තිප්පකරණ, පටිනිද්දේසවාරය, ආවට්‌ටහාරවිභඞ්‌ගය)
ඔය කිව්ව එමොකක්ද?
අවිද්‍යාව තෘෂ්ණාව ප්‍රහීන වෙලා නිවන් මඟ වැඩෙන ක්‍රමයක්. ඔය සමථයට හුස්ම සම්බන්ද නෑ.
වස්තු කාම ක්ලේෂ කාම කියන්නේ යම් කිසි ද්‍රව්‍යවස්තු වලට රාගයෙන් පටිච්ච වෙලා හදාගන්න තෘෂ්නාව. තෘෂ්නාව නිරෝධය කරන්නේ ඒ ඇතිවුන ආශ්වාදයේ ආදීනවය හෙවත් අනිච්ච දුක්ඛ අනත්ත විපරිනාම ස්වභාවය දැකලා.
නිස්සරණය කියන්නේ මේ ආශ්වාදය හදලා දුන්න රාගය, ද්වේෂය නිරෝධය කරන විදිහ
ඔය ක්‍රමය වඩන ක්‍රමය තමයි අවිද්‍යා තෘෂ්නා ප්‍රහානය.
බුද්ධ සහාසනයේ සමථය කියන්නේ නිවන් මඟක්. හුස්ම දිහා බලන් ඉන්න සමථය බ්‍රහ්මලෝකයේ යන මඟක්. ලෝකෝත්තර සමථය කියන්නේ නිවන් මඟක්
හුස්ම දිහා බලන් නිවන් යන ක්‍රමයක් තියනවා (කලින් සඳහන් කළා ඒ ගැන). ඒක අයත් වෙන්නේ “අන්‍යතර චේතෝවිමුතියට” යි
සවිතක්ක සවිචාර
විතක්ක විචාර කියන්නේ කාමයක් ගැන හිත හිතා ඉන්න එකටයි. සවිතක්ක සවිචාර කියන්නේ ඒකේ අනිත් පැත්ත (නෙක්කම්ම පැත්තයි)
ලෝකෝත්තර සංකල්පනාවක්. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ, අනත්ත වලින් පටිච්චසමුප්පාදයේ සංඛාර නිරෝධ කරන එක වගේ නිවන් දකින්න අවශ්‍ය "ලෝකෝත්තර සම්මා සංකප්ප" යක් අරගන නැවත නැවත විතර්ක කර කර ඉනන්වට කියනවා "සවිතක්ක" කියලා
ඒ ගැඟීමේ හිත පිහිටවන එක ට කියනවා "සවිචාර" කියලා. සවිතක්කය නම් ලේසියි, ඒත් සවිචාරය තමයි අමාරු, මොකද ඒකේ හිත තියාගන්න අමාරු නිසා. සවිතක්කයේම හිත තියාගන්න ඕනේ සවිචාර වෙන්න නම්.
ඔහොම "කාමභූමිය" අසාරයි කියලා මෙනෙහි කරනකොට රාගයෙන් මිදෙද්දී ප්‍රථම ධ්‍යානයේ හිත පිහිටනවා
සවිතක්ක සවිචාර වඩන්න නම් විතක්ක විචාර නිරෝධය කරන්න ඕනේ
දෙතිස් කතා (රාජ කතා, චෝර කතා,.....) ඔය වගේ ලෝකයේ කතා නිරෝධ කරන්න ඕනේ
නෙක්කම්ම කතා, අව්‍යාපාද කතා, අවිහිංසා කතා ඒවා හොඳයි
මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න
නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
නිවන්_මඟ_මෙන්න-(Part 20/20)
ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්

Last edited: