නිවන්_මඟ_මෙන්න-(13/20)
7.3 හුලං රැල්ල (හෝ හුලං රැල්ල වදින තැන) මෙනෙහි කරමින් ධ්‍යාන කරන්න එපා කියලාම ත්‍රිපිටකයේ සඳහන් වන තැන්
භාවනා කරද්දී සමාධි ප්‍රතිලාභයෙක් ලබන්න මෙනෙහි කල යුත්තේ මොකක්ද? මෙනෙහි නොකල යුත්තේ මොකක්ද කියලා ආනන්ද හාමුදුරුවෝ ඇවිත් අහපුවහම බුදුරජානන්වහන්සේ කියනවා මෙනෙහි කළ යුතු දේ
ඒ වගේම මෙනෙහි නොකල යුතු දේවල් ලිස්ට් එකකුත් කියනවා.
මොකද ලෝකයේ තියන ඒ දේවල් මෙනෙහි කළාම වැඩෙන්නේ ලෞකික ධ්යාන නිසා
“ආනන්දයෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් චක්ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රොතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රසය මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තෙජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලොකය මෙනෙහි නො කෙරේ නම්, යම් බඳු ප්‍රාප්ත පර්යේෂිත, මනසින් අනුවිචරිත වූ මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් ද වේ නම් එය ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, භික්ෂුහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි,
(අංගුත්තර නිකාය-6, එකාදසක නිපාතය, නිස්‌සය වර්ගය, මනසිකාර සූත්‍රය, 607 පිටුව)
මෙනෙහි නොකරන්න කියපු ඔය ලිස්ට් එක බලන්න
වායුව මෙනෙහි නොකෙරේ නම්, "මුත" මෙනෙහි නොකෙරේ නම් කියලයි කියන්නේ
ඒ කියන්නේ හුලං රැල්ල වත්, ඒක වදින තැනවත් මෙනෙහි කරන්න එපා කියලයි කියන්නේ
නමුත් එක දෙයක් මෙනෙහි කරන්න කියනවා
"ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරොධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය” (කියා) යි".

ඒ කියන්නේ පාලියෙන් මේ ටිකයි මෙනෙහි කරන්න කියලා
"එතං සන්තං එතං පණීතං, යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බාන’න්ති"
මෙන්න තවත් සූත්‍රයක් (අංගුත්තර නිකාය-6, සන්ධ සූත්‍රය, 613 පිටුව)
පුරුෂයෙක් රුක් මුලට හෝ ශුන්‍යාගාරයට ගිහින් පංචනීවරනය දුරු කරලා ඉද්දී ධ්‍යාන නොකළයුතු ඒවා ලිස්ට් එකක් කියනවා.
ඒකෙත් "වායු නිසා නොම ධ්‍යාන කෙරෙයි" කියලා තියෙන්නේ. ඒ වගේම හුස්ම රැල්ල වදින තැනක් "මුත" අල්ලලා ධ්‍යාන නොකරන්න කියලත් කියනවා
එහෙම ඒවා අරමුණු කරලා ලෞකික ධ්‍යාන වඩන්නේ නැති කෙනාට දෙවියොත් වඳිනවා කියලයි තියෙන්නේ (දෙවියන්ටත් නොපෙනෙන අරමුනක් අල්ලලා ධ්යාන වඩන නිසා ඒ කියන්නේ, ලෝකෝත්තර ධ්‍යාන වඩන කෙනාටයි ඔය වඳිනවා කියන්නේ )
මෙන්න ඒ කොටස
"සන්‍ධයෙනි, එ පරිද්දෙන් ම භද්‍ර වූ පුරුෂාජානෙයයා වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේව යි ශූන්‍යාගාරයට ගියේ වේවයි කාමරාගයෙන් ගත් මඩනා ලද සිතින් වාසය නො කරයි. උපන්නා වූ ද කාමරාගයාගේ නිඃසරණය ඇතිසැටියෙන් දන්නේ ය. ව්‍යාපාදයෙන් මඩනා ලද, සිතින් වාසය නො කෙරෙයි -- සත්‍යානමිද්ධයෙන් මඩනා ලද සිතින් වාසය නො කෙරෙයි -- ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් මඩනා ලද සිතින් වාසය නො කෙරෙයි -- විචිකිත්සායෙන් මඩනා ලද විචිකිත්සායෙන් යටකළ සිතින් වාසය නො කරයි උපන්නා වූ ද විචිකිත්සාවගේ නිඃසරණය තතු සේ දන්නේ ය. හේ පෘථිවිය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, ආපය නිසා නොම ධ්‍යාන කෙරෙයි, තේජස් නිසා නොම ධ්‍යාන කෙරෙයි, වායු නිසා නොම ධ්‍යාන කෙරෙයි, ආකාසානඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, විඤ්ඤාණඤ්චයතනය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතනය නිසා නොම ධ්‍යාන කෙරෙයි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා නොම ධ්‍යාන කෙරෙයි, ඉහලොකය නිසා නොම ධ්‍යාන කෙරෙයි, පරලොකය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, යම් ප්‍රාප්ත පර්යේෂිත මනසින් අනුවීචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එ ද නිසා නො ම ධ්‍යාන කෙරෙයි. එතෙකුදුවත් ධ්‍යාන කෙරෙයි. සන්‍ධයෙනි, භද්‍ර වූ පුරුෂාජානෙයයා ඉන්ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදී ම නමදනාහ"
(අංගුත්තර නිකාය-6, සන්ධ සූත්‍රය, 613 පිටුව)
නමුත් අංගුත්ත නිකාය-2, චේතෝවිමුක්ත සූත්‍රයේ තියනවා
මෙසස්නෙහි මහණ අන්‍යතර ශාසන චේතෝ විමුක්තියකින් "සත්කාය" නිරෝධයට (සත්කාය දිට්ඨි නෙවෙයි) වෑයම් කරනවා. වැඩෙන්නේ නැත්නම් වඩන්න එපා කියානවා. හිත සමාධියට පත් වෙලා වැඩෙනවා නම්, වඩන්න කියලත් කියනවා
වැඩෙන කෙනා අවිද්‍යා ප්‍රහානයට වෑයම් කරද්දී අවිද්‍යා බිඳලීම මෙනෙහි කරද්දී වෙනවා නම් ගන්න, වෙන්නේ නැත්නම් ගන්න එපා කියනවා
(අනාර්‍ය භාවණා වලිනුත් නිවන් දකින ක්‍රමයක් ඔය කියන්නේ )
ඒ කියන්නේ හුලං භාවනා වගේ ලෞකික භාවනා වලිනුත් නිවන් දකින ක්‍රමයක් තියනවා
දුටු නිවනේ හිත තියාගන මේ කර්මස්ථානයි වඩන්න තියෙන්නේ

ඒතං සන්තං ඒතං පනීතං- එයා ශාන්තයි එයම ප්‍රනීතයි
යදිදං සබ්බ සංඛාර සමතෝ - සියළු සංඛාරයන්ගේ සමථයක් ඇත්නම් එය ශාන්තයි, ප්‍රනීතයි. සංඛාර කරන්න ගියොට් හැදෙන්නේ ආශ්වාද. එතකොට දුක්ඛදුක්ඛ, විපරිනාම ශුක්ක්ඛ, සංඛාරදුක්ක. රාග ද්වේෂ මෝහයන්ගෙන් තොරව මේ දුක් 3න් මිදුන අනම් නිවන් සුවටේ ඉන්න පුළුවන්
සබ්බූපධි පටිනිස්සග්ගෝ- සියළු උපාධානයන්ට ඇති බැඳීම්, ප\චස්කන්ධය කෙරෙහි (රූප වේදනා සංඛා සංඛාරා කෙරෙහි ඇති බැඳූම් වලින් මිදුනා නම් කොච්චර හොඳයිද
තණ්හක්ඛයෝ- ප්‍රභාෂ්වර චිත්තය තන්හාවෙන් කිලිටි කරගන්නේ නැතුව ඉන්නවා
විරාගෝ - ප්‍රභාෂ්වර චිත්තය රාගයෙන් කිලිටි කරගන්නේ නැතුව ඉන්නවා
නිරෝධෝ - ප්‍රභාෂ්වර චිත්තය රෝන්දේ ගහන්නේ නැතුව ඉන්නවා
නිබ්බානංතී"
ලෝකයේ තියන කිසිම දෙයක් මේකේ නෑ
ධ්‍යාන කිරීමට මෙනෙහි කරන්න ඕනේ ලෝකයේ තියන දේවල් නෙවෙයි "දුටු නිවන" යි
නාසිකාග්‍රය කියන්නේ නහයේ අග නෙවෙයි
න ආසික අග්‍ර - ඇසුරු නොකරන අග්‍ර
ඇසෙන් රූප, කනෙන් ශබ්ධ, දිවෙන් රස (පන්චස්කන්ධය
ඇසුරු නොකරන පැත්ත තමයි විරාග සංඥා, නිරෝධ සංඥා
සමාධිභාවනාවෝ 4 දෙනෙකි. ඒ කියන්නේ සමාධි භාවනාවක් කළාම ඒවගෙන් ලැබෙන දේවල් 4කි
1 දිට්ඨධම්මවේදනීය සුවය
2 දිව්‍යචක්ඛු ඥානය
3 ස්මෘති සම්ප්‍රඥානය
4 ආශ්‍රවක්ෂය ඥානය (සමාධි භාවනා සූත්‍රය )
නිවන් පූර්ණය කරන්න ඔය ස්මෘති සම්ප්‍රඥානයයි, ආශ්‍රවක්ෂය ඥානයයි අවශ්‍යයි
රාගයාගේ අභිඥානය පිණිස 11 දහම් වැඩිය යුතුය (රාගාදිපෙයපාලය )
පලමු ධ්‍යානය, දෙවන ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, චේතෝවිමුක්තිය, කරුණචේතෝවිමුක්තිය, මුදිතාචේතෝවිමුක්තිය, උපේක්ඛාචේතෝවිමුක්තිය, ආකාසඤ්චායතනය, විඥ්ඥාණඥ්චායතනය, ආකිඤ්ච්ඤායතනය
ධ්‍යාන සුවයේදී ලැබෙන විතක්ක විචාර හා සවිතක්ක සවිචාර අතර වෙනස
විතක්ක 3යි
කාම විතක්ක, ව්‍යාපාද විතක්ක්ක, විහිංසා විතක්ක
විචාර කියන්නේ එහි (විතක්කයේ) හිත හැසිරවීමයි
සවිතක්ක 3යි
නෙක්ඛම්ම සවිතක්ක, අව්‍යපාද සවිතක්ක, අවිහිංසා සවිත්තක්ක
සවිචාර කියන්නේ එහි (සවිතක්කයේ) හිත හැසිරවීමයි
විතක්ක විචාර අයින් කරලා සවිතක්ක සවිචාර තමයි වඩන්න ඕනේ
ප්‍රථම ධ්‍යානයේ ඉද්දී සවිතක්ක සවිචාර වල ඉන්නේ...ඒත් විතක්ක විචාර එනවා
අධිසීල- ආර්ය කාන්ත සීලය (සෝවාන් වුන කෙනාටයි මේක පිහිටන්නේ )
අධි චිත්ත - ධ්‍යාන 4 වඩන එක
අධි ප්‍රඥා - ආශ්‍රව මොනාද කියලා දැනගන නිවනට නැඹුරු වෙලා ඉන්න එක
(කලහවිවාද සූත්‍රය)
ධ්‍යාන වල ඉඳන් ඇවිදින්න, වාඩි වෙන්න, හිටගන ඉන්න ඇලවෙන්න, වගේ සතර ඉරියව්වෙන් ඕනෑම ඉරියව්වක ඉන්න පුළුවන්
(අංගුත්තර නිකාය-1, මහාවග්ගය )
ධ්‍යාන සල්ලේඛ නොකල යුතුයි
සල්ල කියන්නේ තන්හාවට කියන තවත් නමක් (නෙත්තිප්‍රකරණය, යුත්තිබාර විභංගය)
ධ්‍යාන සල්ලේඛ නොකල යුතුයි කියන්නේ ඒවගේ බැඳෙනන්න එපා කියන එකයි. වඩන්න එපා කියන එක නෙවෙයි (සල්ලේඛ සූත්‍රය )
ලෝකෝත්තර සමාධිය හා විමෝක්ෂය
ලෝකෝත්තර සමාධිය වඩන විමෝක්ෂ 3ක් තියනවා
ශුන්‍යත විමෝක්ෂය, අනිමිත්ත විමෝක්ෂය, අප්‍රණීහිත විමෝක්ෂය
(ඛුද්‌දක නිකාය, නෙත්තිප්‍රකරණය, විමෝක්ෂ කතා)
ශුන්‍යත විමෝක්ෂය කියන එක අද වැරදියට වැරදියට අරන් තියනවා සියළු පධාර්ථ අනිත්‍යයි, ඇති වෙනකොටම නැතිවෙන නිසා මේ ලෝකය ශූන්‍යයක් කියලා.
නමුත් පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ තථාගතයන්වහන්සේයි සැරියුත් හාමුදුරුවොත් එක්ක කරන කතාබහේදී ශුන්‍යතාවිහරනය ගැන කියනවා. පිණ්ඩපාතයට ගිහින් එද්දී රාගයට, ද්වේෂයට මෝහයට හිතකර වූ රූප, ශබ්ධ ගන්ධ ස්ඵර්ශ ධර්මයක් ඇතිවුනා නම් ඒවා ප්‍රත්‍යවේක්ෂා කරන එක ගැන. ආශ්වාදයේ අසාරත්වය දැකලා ආශ්වාදය ශුන්‍ය දෙයක්කියලා වඩන එක ගැන. ඒකයි බුද්ධ සාසනයේ ශුන්‍යතාවය
ශුන්‍යත විමෝක්ෂය කියන්නේ පංචස්කන්ධය අනත්තයි (අසාරයි ) කියලා වඩන එක
(නෙත්තිප්‍රකරණය, විමෝක්ෂ කතා)
අනිමිත්ත විමෝක්ෂය
අනිමිත්ත විමෝක්ෂය කියන්නේ අපි මේ ලෝකේ යමක බැඳෙනවා නිමිති, අනු නිමිති, වැංජන, අනුවැංජන වලට
නිමිති, අනු නිමිති කියන්නේ දෙයක තියන ලස්සන, වර්ණ, පාට, දිග, පලල, සුදු, උස, මහත ඔය වගේ ඒවාට. ඔය වගේ එක නිමිත්තක් අල්ලලා කෙනෙක් මුළු වස්තුවකටම බැඳෙනවා
නිවන් මාර්ගයේ යන කෙනෙක් වුනත් ඒවා දිහා බලනවා, ඒත් නිමිති අනු නිමිති ගන්නේ නෑ. එතකොට ප්‍රභාෂ්වරව හටගන්න හිත කිලිටි වෙන්නේ නෑ. ඒක තමයි අනිමිත්ත විමෝක්ෂය කියන්නේ
(පරාසරික බමුණා තමයි ඉගැන්නුවේ රූප දිහා බලන්න එපා කියලා. තථාගතයන් වහන්සේ දේශනා කළේ බලන්න හැබැයි ඒවගේ ඇලෙන්න එපා කියලයි )
අප්‍රණීහිත විමෝක්ෂය
අප්‍රණීහිත විමෝක්ෂය කියන්නේ ප්‍රණීතයි කියලා ගන්න දෙයක් නෑ
ආශ්වාදය අප්‍රණීහිතයි කියලා හිතන එක. (අවිතක්ක අවිචාර භාවනාවත් මේකට අයිතියි )
ශුන්‍යත විමෝක්ෂය කියන්නෙත් පංචස්කන්ධය අනත්තයි කියලා වඩන එක කිටලයි නෙත්තිප්‍රකරණය, විමෝක්ෂ කතා වල තියෙන්නේ)
ලෞකික 1 වන ධ්‍යානයේ අංග (දස කසින )
විතක්ක, විචාර
ප්‍රීති, සුඛ,
ඒකාග්‍රතා (සමාධිය )
ඔය 1 වන ධ්‍යානයේ ලක්ෂණ විතරයි (ප්‍රධාන චෛතසික)
ඵ්ස්ස, චේතනා, අධිමොක්ක වගේ චෛතසික සේරම 36ක් තියනවා
චේතනා, ප්‍රඥා දෙකම තියනවා.
පලමු දැහැන කියන්නේ සවිතක්ක සවිචාර.
ඒ කියන්නේ, පලවෙනි දැහැන් කියන්නේ නෙක්කම්ම, අව්‍යාපාද, අවිහින්සා
නෙක්කම්ම, අව්‍යාපාද, අවිහින්සා සංකල්ප තියනවා නම් ඒවට කියනවා සවිතක්ක සවිචාර.
රූපය අනිච්චයි, දුක්ඛයි අසාරයි කියලා මෙනෙහි කරනවා. එතන තියෙනේ මොකක්ද?
නෙක්ඛම්ම අව්‍යාපාදයක් අවිහිසංසාවක් තියෙන්නේ
ඒකට තමයි කියන්නේ සවිතක්ක කියලා
පලවෙනි දැහැනේ විතක්ක විචාර එනවා. එද්දී ඒවට වැටුනා කියන්නේ ධ්‍යානය නෑ. කාම ලෝකය
විතක්ක විචාර කියන්නේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, අවිහිංසාසසංකල්ප,
ඔය දෙකේ (කාම ලෝකයයි ධ්‍යානයයි) තමයි. අපි පලවෙනි දැහැනේ දෝලනය වෙවී ඉන්නේ
පළවෙනි දැහැනේ ප්‍රඥා, චේතනා දෙකම තියනවා
ප්‍රඥා චෛතසිකයෙන් චේතනා ගොඩනඟනවා. ඒ නිසා මනෝ සංඛාර ගොඩ නඟනවා
හැබැයි වචී සංඛාර නෑ
දෙවෙනි ධ්‍යානයට යද්දී මෙහෙම කිය කිය ඉන්න එක කරදරයක්. ඒ නිසා මනෝ සංඛාර කරනවා (හිතනවා). ඒවට සවිතක්ක සවිචාර කියන්නේ නෑ
චෛතසික 36ක් තියනවා
සියළුම ධ්‍යාන වල සමාධියක් තියනවා
ඒත් සියළුම සමාධි වල ධ්‍යානයක් නෑ
2 වන ධ්‍යානයේ අංග
ප්‍රීති, සුඛ,
ඒකාග්‍රතා (සමාධිය )
දෙවන දැහැනෙදී වචී සංඛාර නිරෝධ වෙනවා
ඔය ලක්ෂණ (ප්‍රධාන චෛතසික ) විතරයි. විතක්ක විචාර විතරක් අයින් වෙනවා
තව චෛතසික 34ක් තියනවා
3 වන ධ්‍යානයේ අංග
සුඛ
ඒකාග්‍රතා
ප්‍රීතියයි, විරාගයයි තියනවා තෘතීය ධ්‍යානයේ
4 වන ධ්‍යානයේ අංග
උපේක්ෂා
තව චෛතසික තියනවා ගොඩක්
චිත්ත්තයක් තියනවා කියන්නේ සර්වචිත්ත සාධරන චෛතසික සේරම තියෙන්න ඕනේ
කාය සංඛාර, කාය සංචේතනා දෙකම නැති වෙලා මනෝ සංඛාර, මනෝසංචේතනා විතරක් වැඩ කරනවා
මනෝ සංඛාර පටන්ගන්නේ 2 වන ධ්‍යානයේ ඉඳන්
චෛතසික 32-33ක් යෙදෙනව 4 වන ධ්‍යානයේ
අහසේ ඇවිදින ඒවට කියනෙන අභිඥා, ඒක බලයක්
මේ කතා කරන සවිතක්ක සවිචාර නෙවෙයි ඒක
ලෝකෝත්තර සිත් 8ක් තියනවා
සෝවාන් මාර්ග හිත
සෝවාන් ඵල හිත
සකෘදාගාමී මාර්ග හිත
සකෘදාගාමී ඵල හිත
අනාගාමී මාර්ග හිත
අනාගාමී ඵල හිත
අරිහත් මාර්ග හිත
අරිහත් ඵල හිත
ඔය හිත් තියෙන්න පුළුවන් ධ්‍යාන 5යි ( 1 වන ධ්‍යානය 2කට කඩලා නිසා )
එතකොට සේරම 8x5 = 40යි
මැදුම් පිළිවෙත
මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුව ජීවත් වීම කියලයි හැමෝම කියන්නේ
මැදුම් පිළිවෙත කියන්නේ ඇත/නැත කියන දෘෂ්ඨි 2ම ගන්නේ නැති එකයි
"කච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි. සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි. කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි."
(සයුත්ත නිකාය-2, කච්චානගොත්ත සූත්‍රය)
ඇත, නැත අන්ත දෙකම ගන්නේ නැති එකටයි මැදුම් පිළිවෙත කියන්නේ
එතකොට බලමු සම්‍යක්ප්‍රතිපදාව හෙවත් සම්මා පටිපදාව කියන්නේ මොකක්ද කියලා
"මහණෙනි, සම්‍යක්ප්‍රතිපදාව කවරේද? අවිද්‍යාවගේ ම අනවශේෂ විරාග නම් වූ නිරොධයෙන් සංස්කාරනිරොධය වේ. සංස්කාරනිරොධයෙන් විඥානනිරොධය වේ. … මෙසේ මේ හුදු දුක්රැසේ නිරොධය වේ. මහණෙනි, මේ සම්‍යක්ප්‍රතිපදා යි කියනු ලැබේ"
(සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය,. අභිසමය සංයුක්තය, බුද්ධ වර්ගය, සම්‍යක්ප්‍රතිපදාව)
ඔන්න සම්මාපටිපදාව. පටිච්ච සමුප්පාද චක්‍රයමයි ඔය කියන්නෙත්.
ආර්යෂ්ටාංගික මාර්ගය වඩනවා කියන්නේ පටිච්චසමුප්පාදය නිරෝධය කරන මඟක්
ආර්යෂ්ටාංගික මාර්ගය කියන්නේ සංඛාර නිරෝධය වන මාර්ගය වඩන එකයි (අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ වැඩපිළිවෙලයි )
සංඛාර නිරෝධ වෙන වැඩපිළිවෙලක් ඇතුලේ සංඛාර කර කර ගන්න දෙයක් තියෙන්නේ බෑ.
ඒකයි ආර්යෂ්ඨාංගික මාර්ගයේ හිත හිත කය වෙහෙසලා කරන කිසිම වැඩක් නෑ කියන්නේ
පටිච්ච්සමුප්පාද චක්‍රයේ අවිද්‍යාවෙන් කෙලෙස් හදන වැඩ පිළිවෙලක් තියනවා. ඒ වැඩ පිළිවෙල නතරකරන එකයි කරන්නේ (නිරෝධ කරන එකයී කරන්නේ. රූප බල බල ඒවට බැඳි බැඳී ගිය එක නතර කරලා නොබැඳී ඉන්න එකටයි ආර්යෂ්ඨාංගික මාර්ගය වඩනවා කියන්නේ
(කර කර හිටපු ගොං කම් සේරම නවත්තලා දාන එක මිසක් අමුතුවෙන් කරන්න දෙයක් නෑ )
ආශ්වාද වලින් මිදෙන එකයි "සම්මා පටිපදාව " කියන්නේ
මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න
නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
නිවන්_මඟ_මෙන්න-(Part 20/20)
ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්

Last edited: