නිවන්_මඟ_මෙන්න-(11/20)
6.13 චතුරාර්‍ය සත්‍යයයි පටිච්චසමුප්පාදයයි සම්බන්ධ වෙන ආකාරය
"ජරාමරණය දුඃඛසත්‍ය යැ, ජාතිය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, (ආලම්බනකරණයෙන්) නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ජාතිය දුඃඛසත්‍ය යැ, භවය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. භවය දුඃඛසත්‍ය යැ, උපදානය සමුදය සත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. උපදානය දුඃඛසත්‍ය යැ, තෘෂ්ණාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධ සත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. තෘෂ්ණාව දුඃඛසත්‍ය යැ, වේදනාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. වේදනාව දුඃඛසත්‍ය යැ, ස්පර්‍ශය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ස්පර්‍ශය දුඃඛසත්‍ය යැ, ෂඩායතනය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ෂඩායතනය දුඃඛසත්‍ය යැ, නාමරූප සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. නාමරූප දුඃඛසත්‍ය යැ, විඥානය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. විඥානය දුඃඛසත්‍ය යැ, සංස්කාරයෝ සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. සංස්කාරයෝ දුඃඛසත්‍ය යැ, අවිද්‍යාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි."
(ඛුද්‌දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, යුගනද්‌ධ වර්ගය, සත්‍යකථා)
කිය කිව්ව දේ තේරෙන බාශාවෙන් බලමු
පටිච්චසමුප්පාදය කියන්නේ මේකයි
1. අවිද්‍යා පච්චයා > සංඛාර
2. සංඛාර පච්චයා > විඥ්ඥාන
3. විඥ්ඥාන පච්චයා > නාම රූප
4. නාමරූප පච්චයා > සලායතනය
5. සලායතනය පච්චයා > ඵස්ස
6. ඵස්ස පච්චයා > වේදනා
7. වේදනාපච්චයා > තන්හා
8. තන්හා පච්චයා > උපාධාන
9. උපාධාන පච්චයා > භව
10. භව පච්චයා > ජාති
11. ජාති පච්චයා > ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස
ඔය පටිච්චසමුප්පාදය අග ඉඳන් මුලට ගත්තාම වෙන දේ ටමයි ඔය කියලා තියෙන්නේ.
තවත් තේරෙන බාෂාවෙන් කිව්වොත් මෙහෙමයි,
11) "ජරා මරණ" දුක්ඛ සත්‍යය වෙනකොට පටිච්චසමුප්පාදයේ "ජාති" තමයි සමුදය සත්‍යය
නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි, ඔය 2ම නිස්සරණය "නිරෝධ සත්‍යය" යි.
10) "ජාති" දුක්ඛ සත්‍යය වෙනකොට පටිච්චසමුප්පාදයේ "භවය" තමයි සමුදය සත්‍යය

9) "භව" දුක්ඛ සත්‍යය වෙනකොට පටිච්චසමුප්පාදයේ "උපාධාන" තමයි සමුදය සත්‍යය

8) "උපාධාන" දුක්ඛ සත්‍යය වෙනකොට පටිච්චසමුප්පාදයේ "තන්හා" තමයි සමුදය සත්‍යය

7) "තන්හා" දුක්ඛ සත්‍යය වෙනකොට පටිච්චසමුප්පාදයේ "වේදනා" තමයි සමුදය සත්‍යය

6) "වේදනා" දුක්ඛ සත්‍යය වෙනකොට පටිච්චසමුප්පාදයේ "ඵස්ස" තමයි සමුදය සත්‍යය

5) "ඵස්ස" දුක්ඛ සත්‍යය වෙනකොට පටිච්චසමුප්පාදයේ "සලායතන" තමයි සමුදය සත්‍යය

4) "සලායතන" දුක්ඛ සත්‍යය වෙනකොට පටිච්චසමුප්පාදයේ "නාම රූප" තමයි සමුදය සත්‍යය
නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි, ඔය 2ම නිස්සරණය "නිරෝධ සත්‍යය" යි. "
3) "නාම රූප" දුක්ඛ සත්‍යය වෙනකොට පටිච්චසමුප්පාදයේ "විඥ්ඥාන" තමයි සමුදය සත්‍යය

2) "විඥ්ඥාන" දුක්ඛ සත්‍යය වෙනකොට පටිච්චසමුප්පාදයේ "සංඛාර" තමයි සමුදය සත්‍යය

1) "සංඛාර" දුක්ඛ සත්‍යය වෙනකොට පටිච්චසමුප්පාදයේ "අවිද්‍යා" තමයි සමුදය සත්‍යය

අමුතු ඒක් ඔතන නෑ. පටිච්චසමුප්පාදයේ අවස්ථා දෙක දෙක වෙන වෙනම අරන් තියෙන්නේ
ඒ කියන්නේ ඔය අවස්ථා 11 වෙන වෙනම ගන්න පුළුවන් චතුරාර් සත්‍යය කියලා
6.14 චතුරාර්‍ය සත්‍යය පටිච්චසමුප්පාදය ඇසුරෙන් තවත් ආකාරයකට
චතුරාර්‍ය සත්‍යය පටිච්චසමුප්පාදය ඇසුරෙන් තවත් ආකරයකට තමයි මේ තියෙන්නේ.
ඒ ආකාරය තමයි සලායතන වලින් ආශ්වාදය හදාගත්තට පස්සේ දුක ඇතිවෙලා දුක නිරෝධ කරන විදිහ
"මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ අටළොස් මනෝපවිචාරයෝ යි දහමෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. තෙල කුමක් සඳහා කියන ලද ය යත්: ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. දොම්නසට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. උපේක්‍ෂාවට කරුණු වූ රූපය ගෙණ සිත එළවයි. කණින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවින් රසක් විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් ස්පර්‍ශ කොට ... මනසින් දහම් අරමුණක් දැක සොම්නසට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. දොම්නසට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. උපේක්‍ෂාවට කරුණු වූ දහම ගෙණ සිත එළවයි. මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ අටළොස් මනපවිචාරයෝ යි ධර්‍මයෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ යමක් කියන ලද ද, මෙය තෙල කරුණ නිසා කියන ලදී.
(අඞ්‌ගුත්‌තර නිකාය, තික නිපාතය, මහා වර්ගය, තිත්‌ථායතන සූත්‍රය, 316 පිටුව )
ඔය කිව්වේ මොකක්ද?
ඔය කියන්නේ ඇසට රූපයක් දැක්කම සොම්නස, දොම්නස, උපේක්ෂා කියන උපදිනවා
කනටශබ්ධයක් ඇහුනම සොම්නස, දොම්නස, උපේක්ෂා කියන උපදිනවා
නාසයට ගන්ධය,........... ඔය වගේ ආයතන ආයතන 6 ට සැප/දුක්/උපේක්ෂා දැනුනම මේ සේරම 6x3 = 18යි
අටලොස් (18) මනෝපවිචාරයෝ කියන්නේ කියන්නේ ඔය 18ටයි.
ඒ කියන්නේ ආයතන 6 ට රූපයක් ගැටිලා සැප, දුක්, උපේක්ෂා විඳිනවා 18 ආකාරයකට
"මහණෙනි, මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ ... බැහැර කරන්නට නොහැකි වූ මේ සතර සත්‍යයෝ යි දහමෙක් මා විසින් දෙසන ලදැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. තෙල කුමක් සඳහා කියන ලද ය යත්: මහණෙනි, ෂඩ්ධාතූන් නිසා ගර්‍භාවක්‍රාන්තිය වෙයි. අවක්‍රාන්තිය ඇති කල්හි නාමරූපය වෙයි. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වෙයි. ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වෙයි. මහණෙනි, විඳුනාහට (- විඳීම් දන්නාහට) මෙතෙක් මැ දුකැ යි පණවමි. මෙතෙක් දුකට කාරණායැ යි පණවමි. මෙතෙක් (- දුඃඛ සමුදය දෙදෙනාගේ නැසීම) දුඃඛනිරෝධය යි පණවමි. මෙතෙක් (- ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය) දුඃඛනිරෝධගාමි ප්‍රතිපත්තිය යි පණවමි."
(අඞ්‌ගුත්‌තර නිකාය, තික නිපාතය, මහා වර්ගය, තිත්‌ථායතන සූත්‍රය, 316 පිටුව)
ඔය කිව්ව්වේ මොකක්ද?
ඔව්වා සමඟ කෙලෙස් හටගන්න විදිහ තමයි "ෂඩ් ධාතූන් පටිච්ච වීමෙන් ගබ්බස්සාවක්කන්ති වෙයි" කියන්නේ
(ගබ්බස්සාවක්කන්ති කියන්නේ ආශාවෙන් ගැබ් කරගත් ලෙස වක්‍ර වෙනවා කියන අර්ථය )
ඒ කියන්නේ රාගයෙන් නම් පටිච්ච වුනේ ප්‍රථිපලය රාගිකයි
ෂඩ් ධාතූන් පටිච්ච වීමෙන් ගබ්බස්සාවක්කන්ති වෙයි
අවස්ක්‍රාන්තිය ඇතිකල්හි නාම රූප වෙයි (සතර මහා භූත),
නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි
ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි
ස්ඵර්ශය ප්‍රත්‍යයෙන් වේදනා වෙයි
ඔය කිව්වේ සතරමහා භූත වලින් සලායතන හදලා ආශ්වාද හදන විදිහයි
"ආශ්වාද විඳී නම් දුක පනවමි". ඒ කියන්නේ ආශ්වාද වීඳින කෙනාටයි දුක්ඛ ආර්‍ය සත්‍යය පනවන්නේ.
ඇස, දිව, කන, නාසය, ශරීරය, මන කියන එම ආයත 6 අරගන ඒවට සැප, දුක්, උපේක්ෂා වලින් ආශ්වාද හැදෙන විදිහයි ඔය කිව්වේ. ඔය වේදනාවට රාගයෙන් බැඳුනම රාගසම්ඵස්සජාවේදනා.
ඒ කියනෙන ආශ්වාදයේ "රාගසම්ඵස්සජාවේදනා" වට කියනවා "දුක්ඛ ආර්‍ය සත්‍යය" කියලා
"මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරේය යත්: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි, ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයයෙන් ජරා - මරණ - සෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාසයෝ වෙත්. මෙසේ මේ සියලු (- අමිශ්‍ර වූ) දුඃඛ රාශීහුගේ හටගැන්ම වේ. මහණෙනි, මේ දුඃඛ සමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ."

දුක්ඛ සමුදය ආර්‍ය සත්‍යය තමයි පටිච්චසමුප්පාදය කියන්නේ
"මහණෙනි, දුඃඛ නිරෝධාර්‍ය්‍යසත්‍යය කවරේය යත්: අවිද්‍යාවගේ ම අනවශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි, සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වෙයි, ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වෙයි, ස්පර්‍ශනිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි, වේදනා නිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වෙයි, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි, උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාති නිරෝධයෙන් ජරා - මරණ - සෝක - පරිදේව - දුක් - දොම්නස් - උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛ සකන්‍ධයාගේ නිරෝධය වේ. මහණෙනි, මේ දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ."

"මහණෙනි, දුඃඛනිරෝධගාමී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය කවරෙය යත්: මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම ය, ඒ මෙසේ ය: සම්‍යග් දෘෂ්ටිය, සම්‍යක් සඞ්කල්පය, සම්‍යග් වචනය, සම්‍යක් කර්‍මානතය, සම්‍යගාජීවය, සම්‍යග් ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන මොහුය. මහණෙනි, මෙය දුඃඛනිරෝධගාමී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මේ සතර ආර්‍ය්‍යසත්‍ය කෙනෙකැ යි මහණුන් විසින් බමුණන් විසින් නුවණැත්තන් විසින් නිගන්නට නොහැකි වූ කෙලෙසන්නට නොහැකි වූ උපවාද නො කළ හැකි වූ බැහැර කරන්නට නොහැකි වූ දහම් දෙසන ලදැ යි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ නිසා කියන ලදැයි."

අන්තිමටම සාරාංශය ගත්තොත් මොකක්ද ඔය කියලා තියෙන්නේ?
***************
"ආශ්වාදය" ට කියනවා "දුක්ඛ ආර්‍ය සත්‍යය" කියලා
"පටිච්චසමුප්පාදය" ට කියනවා "දුක්ඛ සමුදය ආර්‍ය සත්‍යය" කියලා
"පටිච්චසමුප්පාද නිරෝධය" ට කියනවා "දුක්ඛ නිරෝධ ආර්‍ය සත්‍යය" කියලා
"ආර්යෂ්ඨාංගික මාර්ගය" ට කියනවා "දුක්ඛ නිරෝධගාමී පටිපදා ආර්‍ය සත්‍යය" කියලා
**************
6.15 භව නිරෝධය
"මහණෙනි, රූපයාගේ සමුදය (හටගැන්ම) කවරේ ද, වේදනාවේ සමුදය කවරේ ද, සංඥාවේ සමුදය කවරේ ද, සංස්කාරයන්ගේ සමුදය කවරේ ද, විඥානයාගේ සමුදය කවරේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ පතයි. මැනවැයි ලෝභවසයෙන් කියයි. බැසැගෙන සීටී, කුමක් පතා ද, මැනැවැයි කියා ද, බැසැගෙන සිටී ද: රූපය පතයි. මැනවැ යි කියයි. එහි බැසැගෙන සිටී. රූපය පතන, මැනවැ යි කියන එහි බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ."
(සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, සමාධිභාවනා සූත්‍රය)
පාලියෙන් මෙහෙමයි තියෙන්නේ
"‘කො ච, භික්ඛවෙ, රූපස්ස සමුදයො, කො වෙදනාය සමුදයො, කො සඤ්ඤාය සමුදයො, කො සඞ්ඛාරානං සමුදයො, කො විඤ්ඤාණස්ස සමුදයො? ඉධ, භික්ඛවෙ, භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති.
‘‘කිඤ්ච අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති? රූපං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස රූපං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා රූපෙ නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො; භවපච්චයා ජාති; ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති."

ඔතන ඔය කිව්වෙත් පටිච්චසමුප්පාදයමයි
පටිච්චසමුප්පාද චක්‍රයේ "තන්හා පච්චයා උපාධාන" කියන එක නිරෝධයයි ඔය කිව්වේ
උදය වැය කියන්නෙත් පටිච්චසමුප්පාදයමයි
"පතයි, මැනවයි ලෝභවශයෙන් කියයි" කියන්නේ මොකක්ද? ආශ්වාදයයි
තව වචනයකින් කිව්වොත් අවිද්‍යා තන්හා
තව වචනයකින් කිව්වොත් නිච්ච, සුඛ, අත්ත, සුබ
සැප වේදනාව ආශ්වාදය කියන ලැමිනේට් එකෙන් වැහිලයි තියෙනේ.
සැප, දුක් වේදනාවත් එක්ක තියන ඔය ලැමිනේෂන් එක වෙන් කරගන්නයි තියෙන්නේ
ආශ්වාදය ආදීනවය නිස්සරනය කිව්වත්, පටිච්චසමුප්පාදය කිව්වත්, උදය වැය කිව්වත් ඔය සේරම එකයි
මුළු ත්‍රිපිටකයම පෙරල පෙරල බැලුවත් තියෙන්නේ එක්කෝ "ආශ්වාදය ආදීනවය නිස්සරනය" එක්කෝ "පටිච්චසමුප්පාදය" එක්කෝ "උදය වැය" එක්කෝ "අනිච්ච දුක්ඛ අනත්ත" එක්කෝ "චතුරාර්‍ය සත්‍යය"
ඔය සේරම එකයි. පද අප්‍රමානයි, වැංජන අප්‍රමානයි, නිරුක්ති අප්‍රමානයි. ඕක තමයි බුද්ධ දේශනාවේ ආශ්චර්යය
රූප සමුදය කියන්නේ රූපය ඇතිවීමයි. ඒක වෙන්නේ කොහොමද බලමු,
ඇස, කන, නාසය, දිව, කන කියන්නේ රූප ටිකක්
ඒ නිසා රූපයේ "සමුදය" කියන්නේ අභිනන්දති (පතයි ) අභිවදති (මැනවයි ලෝබ වශයෙන් සිතයි ), අජ්ජෝසාය තිට්ඨති (බැසගන සිටියි )
එහෙනම්ත් ණැත්නම් "අස්සානුදස්සී විහරති"
රූප නිච්චයි, සුඛයි, සුබයි කියන්නෙත් "අස්සානුදස්සී විහරති"
අභිනන්දති (පතයි )
අභිවදති (මැනවයි ලෝබ වශයෙන් සිතයි
අජ්ඣොසාය තිට්ඨති (බැසගන සිටියි )
අපි බන අහද්දි එක්කෝ රූප ගැන අහනවා, නැත්නම් ඇස ගැන අහනවා. බණ ඉවර වෙනකම්ම ඇසයි රූපයයි ගැන කිව්වට අනිත් සේරටමත් අපි ඔය අහන ටික දාගන්න ඕනේ. රූපයට ඕක නම් වේදනාවටත් ඕකමයි, සංඥාවටත් ඕකමයි, විඥ්ඥානයටත් ඕකමයි කියලා
එකම න්‍යාය එකකට විතරක් කියනවා. ත්‍රිපිටකයේත් ඔය වගේ එකයි විස්තර කරන්නේ. ත්‍රිරිපිටකයේ "-පෙ-..." කියන්නේ පෙර පරිදි කියන එකයි
රූපයේ "අත්තංගමය" කියන්නේ මොකක්ද?
රූප වේදනා, සංඥා, සංඛාරයේ නොපතයි, මැනවයි ලෝභවශයෙන් නොකියයි, බැසගන නොසිටියි කියන එකයි.
ඒක වෙන්නේ රූපය නිච්චයි, සුඛයි, අත්තයි, සුභයි, සාරයි කියලා ගත්තම තෘෂ්නාව (නන්දිය) ඇති වෙනවා
තෘෂ්නාව නිසා උපාධාන වෙලා භවය හැදෙනවා (අවිද්‍යා තන්හා 2 ම ඔතන ස්ඵර්ශයත් වෙලා තියනවා)
අපිට ඇසක් ලැබුනේ රූප දකින්න කැමැත්ත නිධන් කරගත්ත තන්හාව නිසයි
අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් කරගත්ත කුසලය නිසයි මිනිස් ඇසක් ලැබුනේ
"අවිද්‍යා ප්‍රත්‍යයෙන්" කරගත්ත පුණ්‍යාභිසංඛාර නිසා
මනුස්ස ලෝක, දිව්‍යලෝක හොඳයි කියලා කරගත්ත පුණ්‍යාභිසංඛාර නිසයි
නිච්ච සුඛ, අත්ත සුභ කියන අවිද්‍යාවෙන් මිදුනොත්?
අනිච්ච, දුක්ඛ, අනත්ත කියන අදහස පහල වුනොත්?
අවිද්‍යා නිරෝධා > සංඛාර නිරෝධෝ
සංඛාර නිරෝධා > වෙදනා නිරෝධෝ
වේදනා කියන්නේ මොකක්ද? ආශ්වාද
අවිද්‍යාව නිරෝධ කලාම ආශ්වාදයයි නිරෝධ වෙන්නේ (සැප වේදනාව තියනවා)
ආශ්වාද නිරෝධා > තන්හාව නිරෝධෝ
තන්හාව නිරෝධා > උපාධාන නිරෝධෝ
උපාධාන නිරෝධා > භව නිරෝධෝ
භව නිරෝධෝ කියන්නේ නැවත ඇස්, කන් තියන භවයක් හැදෙන්නේ නෑ
(මේ මොහොතේ ඔව්වා එකක් වත් නෑ කියන එක නෙවෙයි ඔය )
ලෝභ, ද්වේෂ, මෝහ වලින් කරපු දේවල් නිසා සතර අපායේ රූප ලැබෙනවා
අලෝභ, අද්වේෂ, අමෝහ වලින් කළා නම් සුගතියේ රූපයක් ලැබෙනවා
භවය නිසා අපිට ලැබෙන්නේ ඇසක්, නාසයක්, දිවක්, කනක්, කයක් මනක්
මනස කියනෙන නාම ධර්ම
(වේදනා සංඥා සංඛාරා විඥ්ඥා ගොඩ නැඟෙන තැන )
භව නිරෝධ කරන්නේ > උපාධාන නිරෝධයෙන්
උපාධාන නිරෝධ කරන්නේ > නන්දිය (තෘෂ්නාව ) නිරෝධයෙන්
නන්දිය නිරෝධ කරන්නේ > නොපතයි, මැනවයි ලෝභවශයෙන් නොකියයි, බැසගන නොසිටියි
***31 තමයේම භව නිරෝධය කරනේ ඔහොමයි
ඒ කියන්නේ 31 තලයේ පංචස්කන්ධය නැවත නොලැබීමයි
එනම් රූප, වේදනා, සංඥා, සංඛාරා, විඥ්ඥාන නැවත නොලබයි
භව නිරෝධය යනු එයයි****
ඔන්න ඔහොමයි රූපය නිරෝධ කරන්නේ
**රූපය ඇත නැත කියලාඑකක් කෑලි කඩ කඩ බලන්න කියලා ඔතන තිබ්බද? නෑ ඒවට කියනෙන දෘෂ්ඨි කියලා
මම නෑ මම නෑ කිය කිය හිටියට මම නැති වෙයිද?
එහම කිය කිය හිටියට හරියන්නේ නැ මේ වගේ ස්කන්ධ 5ක් ඇති වෙන හෙතුවයි නැති කරන්න ඕනේ
රූපයට තියන ජන්ද රාගයයි නැති කරන්න ඕනේ. බුද්ධ දේශනාව ඒකයි
"මහණෙනි, උපාදානීය ධර්‍මයන්හි දොෂ නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරොධයෙන් උපාදාන නිරොධය වේ. උපාදානනිරොධයෙන් ... ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරොධය වේ."
(සංයුත්‌ත නිකාය, අභිසමය සංයුක්තය, උපාදාන සූත්‍රය)
"උපාධානීයෙසු භික්කවේ ධම්මේසු ආදීනවානුපස්සිනෝ විහරතො තණ්හා නිරුජ්ජන්ති, තන්හා නිරෝධා උපාධාන නිරෝධෝ උපාධාන නිරෝධා -පෙ- "

උපාධානීය ධර්මයන් කියන්නේ "රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන"
දෝෂය නැවත නැවත දකිමින් වෙසෙන්නෙකුගේ
ඔතන දෝෂය කිව්වේ මොකක්ද?
රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥා වල දෝස මොකුත්ම නෑ ….
ඇස, කන, දිව, මන, ශරීරයේවත් දෝස මොකුත්ම නෑ …..
එලියේ තියන රූප, ශන්ධ, ගන්ධ, රස, ස්ඵර්ශ වල වත් දෝශ නෑ…..
එහෙනම් දෝසයක් වෙන්නේ කොහොමද?
ඒවා නිසා ගොඩනැඟෙන ආශ්වාදය නිච්ච, සුක්ග අත්ත නෑ......
ඒවා අනිච්චයි, දුක්ඛයි, අනත්තයි. අන්න ඒකයි ඔව්වගේ තියන දෝසය
නිතර නිතර ඒවගේ දෝෂය දකිනවා නම් තෘෂ්ණා නිරෝධය වේ
ඒ කියන්නේ රූප ටික නැති වෙලා යන්නේ නෑ
තන්හාවයි නැති වෙන්නේ
(පරිනිර්වාණයේදී පමණයි රූප ටික නැති වෙන්නේ )
මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න
නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
නිවන්_මඟ_මෙන්න-(Part 20/20)
ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්

Last edited: