නිවන්_මඟ_මෙන්න-(15/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(15/20)

    8.7 ආනාපානාසති භාවනාවේ ලෝකෝත්තර අර්ථය

    "මහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ භාග්‍යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි මෙය සැලකළහ. අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි. වහන්ස, ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්‍රහීණ වූයේ ය. මතු කාමයන්හි මාගේ කාමච්ඡන්දය පහ ව ගියේ ය. ආධ්‍යාත්මිකබාහිර ද්වාදශායතනයන්හි මාගේ ප්‍රතිඝසංඥාව ද සහමුලින් සිඳින ලද්දී ය. ඒ මම සිහි ඇති ව ම ආශ්වාස කරමි. සිහි ඇති ව ම ප්‍රශ්වාස කරමි. වහන්ස, මෙසේ මම ආනාපානසතිය වඩමි යි.

    අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත. මෙය නැතැයි නො කියමි. අරිට්ඨ, යම්සේ ආනාපානසතිය විතරවිසින් පිරිපුන් වේ නම් එය අසවු ... අරිට්ඨ, ආනාපානසතිය කෙසේ නම් විතර විසින් පිරිපුන් වේ ද යත්: අරිට්ඨ, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. අරිට්ඨ, මෙසේ ආනාපානසතිය විතර විසින් පිරිපුන් වේ යි."

    (සංයුත්ත නිකාය, අරිට්‌ඨ සූත්‍රය)

    ඔය කියන්නේ මොකක්ද?

    අරිට්ඨ හාමුදුරුවන්ගෙන් වඩපු ආනාපානාසතිය අහපුවහම කියනව. එතකොට තථාගතයන්වහසේ කියනවා ඔහොම ආනාපානාසතියක් නැත්තේ නෑ තියනවා. ඒත් නිවන් යන්න අවශ්‍ය ආනාපානාසතිය මේකයි කියලා කියනවා

    ඒ කියන්නේ ආනාපානාසති භාවනා 2ක් තියනවා

    මහාරාහුලෝවාද සූත්‍රය බලමු

    "ඉක්බිති ආයුෂ්මත් රාහුලභද්‍රයෝ සවස් වේලෙහි සමවතින් නැගී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාහුලභද්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, කිසෙයින් වඩනලද, කිසෙයින් බහුල කරනලද ආනාපානසතිය මහත්ඵල වේ ද, මහත් අනුසස් වේ දැ?”යි.
    (මජ්ජිමනිකාය-2,මහාරාහුලෝවාද සූත්‍රය, 143 පිටුව)

    “රාහුලයෙනි, වායෝධාතු කවර යත්; වායෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ, රාහුලයෙනි, ආධ්‍යාත්මික වායෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වූ වායුවෙක් වේ ද, ඒ කෙසේ යැ යත්: උඩට නැඟෙන වාත යැ, යටට බස්නා වාත යැ, අතුණින් බැහැර පවත්නා වාත යැ, අතුණු තුළ පවත්නා වාත යැ, අඟපසඟ සරනා වාත යැ, ආශ්වාස යැ, ප්‍රශ්වාස යැ යන මොහු යි. යළි අන්‍ය වූත් කිසි අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වායුවෙක් ඇද්ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික වායෝධාතු යයි කියනුලැබේ.“
    (මජ්ජිමනිකාය-2,මහාරාහුලෝවාද සූත්‍රය, 145 පිටුව)

    ඔය තියෙන්නේ අභ්‍යන්තර වායුව, බාහිර වායුව ගැන කියපු ටික

    මේ විදිහටම ආපෝ, තේජෝ, වායෝ, ආකාස කියන 4 ගැනම අභ්‍යන්තර බාහිර විදිහට කියනවා

    කියලා අන්තිමටම මෙන්න මෙහෙම කියනවා

    "රාහුලයෙනි, වායු සම කොට බවුන් වඩව, රාහුලයෙනි, වායෝධාතු සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. යම්සේ වායුව පවිත්‍රය කරාත් හමා ද අපවිත්‍රය කරාත් හමා ද ගුථය කරාත් හමා ද මූත්‍රය කරාත් හමා ද ඛෙළය කරාත් හමා ද පූයා කරාත් හමා ද ලෙහෙය කරාත් හමා ද එයින් වායුව නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද, එසෙයින් මැ රාහුලයෙනි, තෙපි වායු සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි)."
    (මජ්ජිමනිකාය-2,මහාරාහුලෝවාද සූත්‍රය)

    ඔය විදිහටම ආපෝ, තේජෝ, ආකාස වලටත් කියනවා

    ඔය කිව්වේ මොකක්ද?

    වායුව පිරිසිදු තැන්, ගඳ ගහන අපිරිසිදුන් තැන් වගේ කොතනකට ගියත් ඇලීමක් ගැටීමක් නෑ. ඒ වගේ රාහුලය, ඇස, කන දිවන් නාසය ශරීරයෙන් එන ඉෂ්ඨ අනිෂ්ඨවූ ස්ඵර්ශයන්ටත් ඇලීමක් ගැටීමක් නැතුව ඉන්න එකට කියන්වා වායුව සමකොට බවුන් වඩනවා කියලා.. වායුව බලාගන බවුන් වඩන්න නෙවෙයි ඔය කිව්වේ.

    පෘතුවියටත් ඔය වගේ. කවුරුත් කුණු කසල දැමත් තරහක් නෑ වගේ ඇලීම් ගැටීම් නැතුව ඉන්න කියලා.

    ඔය උපමාවක් කියන්නේ. ඔය උපමාව දන්නේ ණැතුව වායුව දිහා බලන් ඉන්නවා

    ඔය සූත්‍රයේ තව දුරටත් තියනවා පිරික්ස පිරික්සා කාය කර්ම, වාග් කර්ම, මනඃ කර්ම කරන්නේ නැතුව ඉන්න හැටි (තමන්ටත් අවැඩක් නොවී අනුන්ටත් අවැඩක් නොවී ).

    තමන්ටත් අවැඩක් නොවී අනුන්ටත් අවැඩක් නොවී "හිත රැකගන්න ක්‍රමය" තියනවා ධ්‍යාන වඩන්න කියලා "මහා දුක්කස්කන්ධ සූත්‍රයේ "

    ආනාපානාසති භාවනාවෙදී හිත තියාගන්න ඕනේ "දුටු නිවනේ " සංයුක්ත නිකාය 5-2 බොජ්‌ඣඞ්‌ග සූත්‍රයේ මෙහෙම තියනවා

    "මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ ආනාපානසිහිය සහගිය සතිසම්බොජ්ඣඞ්ගය විවෙකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරොධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට වඩයි ... ආනාපානසිහිය සහගිය උපේක්ඛාසම්බොජ්ඣඞ්ගය විවෙකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරොධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි."
    (සංයුක්ත නිකාය 5-2, බොජ්‌ඣඞ්‌ග සූත්‍රය)

    සතිසම්බොජ්ඣඞ්ගය කියන්නේ ධ්‍යාන 4ටයි

    සංයුක්ත නිකාය 5-2 ආනන්ද සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි

    “වහන්ස, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ (කවර) සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු (කවර) සත් දහම් කෙනකුන් පුරවත් ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු කවර දෙ දහම් කෙනකුන් පුරවද්දැ”යි. ආනන්ද, ආනාපානසතිසමාධි නම් එක් දහම වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවත්. සත් බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පුරවත්. ආනන්ද, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධිය සිවු සීවටන් පුරවා ද යත්: ආනන්ද, මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.”
    (සංයුක්ත නිකාය 5-2, ආනන්ද සූත්‍රය)

    ඔය කියන්නේ මොකක්ද?
    1ක් වැඩුවම 4ක් වැඩෙන ක්‍රමය මොකක්ද අහනවා
    4ක් වඩද්දී 7ක් වැඩෙන ක්‍රමය මොකක්ද අහනවා
    7ක් වඩද්දී 2ක් වැඩෙන ක්‍රමය අහනවා

    ආනන්දය, ආනාපානාසතිය නම් එක් දහම වඩද්දී 4 සතිපට්ඨානයම වැඩෙනවා
    සතර සතිපට්ඨානය වැඩද්දී සප්ත බොජ්ජංග වැඩෙනවා
    සප්ත බොජ්ජංග වැඩෙද්දී විජ්ජාවිමුත්ති පිරෙනවා (විජ්ජා + විමුත්ති)

    සත් තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන එකට කියනවා ආනාපානාසතිය වඩනවා කියලා
    සතර සතිපට්ඨානය වඩන එකටත් කියනවා ආනාපානාසතිය වඩනවා කියලා

    එතකොට ආනාපානාසතිය කියන්නේ හුලං දිහා බලන් ඉන්න එකක් නෙවෙයි ප්‍රඥාව වඩන ක්‍රමයක්
    අනිච්ච දුක්ක අනත්ත වඩන ක්‍රමයක්

    එතකොට මේ "අස්සාස" කියන්නේ මොකක්ද?

    ? (අස්සාද නෙවෙයි මේ කියන්නේ අස්සාස ගැනයි)

    ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරද්දී "අස්සාස" කියන එක එකට "ආශ්වාස" කියලා දාලා තියනවා. ඊට පස්සේ හුස්ම අදින්න කට්ටිය පටන්ගත්තා. අස්සාස පහ කරන එකට "ප්‍රාශ්වාස" කියලා දාගන හුස්ම පිටකරන්න ගත්තා

    අස්සාසය කියන්නේ ඇසුරු කරනවා කියන එකයි

    ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා ඇසුරු කරන එකට කියනවා "අස්සාස" කියලා

    ආශ්වාදයෝ නිර්මාණය කරලා දීපු රාග, ද්වේෂ මෝහ පහ කරන එකට කියනවා "පස්සාස" කියලා

    ඕක තමයි හිත නිවාහන්න අස්වාස, පස්සාස

    නැතුව හුස්ම ගන්න එකයි, හුස්ම පහල දාන එකයි නෙවෙයි

    ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා කියලයි මේ කියන්නේ

    සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි


    "ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදිනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.

    ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි."

    (සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රය)

    ඔය කියන්නේ මොකක්ද?

    ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා
    සමථයට තිබුන අර්ථකථනයත් ඕකමයි

    සමහර තැන් වල තියනවා "දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද" කියලා. මේක හිතාගන ඉන්නවා දීර්ඝව හුස්ම අල්ලනවා කියලා. මේ තියෙන්නේ එහෙම තියෙන තැන සංයුක්ත නිකාය 5-2 ආනන්ද සූත්‍රය.

    "ආනන්ද, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද ... සියලු ආශ්වාසප්‍රශ්වාසකය දන්නාසුලු ව ... කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්ද එසමයෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්ද එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ."
    (සංයුක්ත නිකාය 5-2, ආනන්ද සූත්‍රය)

    දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද කියන්නේ කෙනෙක් දීර්ග කාලයක් යමක් පුරුදු කරගන ආවා නම් ඒකෙන් මිදෙන්න අමාරුයි (මත්දර්ව්‍ය ගත්ත කෙනෙක් උදාහරණයකට ගන්න පුළුවන්, මව් සෙනෙහස, දරු සෙනෙහස.... ). ඒ වගේ කෙනෙක් දීර කාලයක් මේ අස්සාදය පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ආහාර දීලා දීර්ග කාලයක් පුරුදු කරගත්ත දෙයක් නම් දීර්ග කාලයක් යනවා. ඒ වගේ කෙනෙක්ට දීග කාලයක් ආශ්වාදයේ ආදීනවය බල බල ඉන්න ඕනේ

    සමහර දේවල් කෙටියෙන් පහ කරගන්න පුළුවන්

    ආනාපානාසති භාවනාවේ
    ආන - ඇදගන්න ඕනේ ටික- අනිච්ච දුක්ඛ, අනත්ත
    නෙක්ඛම්මය, අව්‍යාපාද, ආලෝකය, ඥානය, ප්‍රබෝදය

    අපාන - පහ කරන්න ඕනේ ටික - නිච්චයි සුඛයි අත්තයි කියලා අල්ලගන තියන සේරම පහ කරන්න ඕනේ
    කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිත්ත, උද්දච්ච කුක්කුච්ච, අවිද්‍යා

    ඕක කලොත් නම් නිවන් දකිනවා

    මැරෙන්න ඉන්න වෙල හුස්ම රැල්ලත් අනිච්චයි දුක්කයි අනත්තයි කියලයි මෙනෙහි කරන්න ඕනේ


    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited:
    • Love
    Reactions: hodakolla