නිවන්_මඟ_මෙන්න-16/20

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(16/20)

    9.0 විඥ්ඥානය

    "සාතියෙනි, ඒ විඥාන කිම?
    “වහන්ස, ඒ යමෙක් වචන කියන්නේ (කථා කරන්නේ), වෙදනා විඳින්නේ, ඒ ඒ (භව යොනි ගති ආදි) තන්හි කුශලාකුශල කර්‍මයන්ගේ විපාක විඳින්නේ වේ ද, මෙ විඥානය”යි සැළකෙළේ ය

    මොඝපුරුෂය, තෝ කවරක්හට නම් මා මෙසේ දහම් දෙසුවා දන්හි? මොඝපුරුෂය, මා විසින් නන්අයුරින් විඥානය ප්‍රත්‍යයසමුත්පන්න ය යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි වදාරන ලද්දේ නො වේ ද? ඒ මතු ද, මොඝපුරුෂය, තෝ තමා වරදවා ගත් දැයින් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙහි. තමා ද (ගුණ සාරාලීමෙනි) කණිහි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙහි. මොඝපුරුෂය, ඒ පවිටු දිටු තට දීර්ඝ රාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටෙයී වදාළහ"

    (මජ්‌ඣිම නිකාය, මූල පන්නාසකය, මහා යමක වර්ගය, මහාතණ්හාසඞ්ඛය සූත්‍රය, 606 පිටුව)

    දැන් වගේම ඉස්සරත් අදහසක් තිබුනා විඥ්ඥානය කියන්නේ භවයෙන් භවයට යන යන, කතා කරන, වේදනා විඳින" එකක් කියලා

    බුදුහාමුදුරුවෝ විඥ්ඥානය මොකක්ද ඇහුවට පස්සේ හාමුදුරු කෙනෙක් ඔය ටික කිව්වට පස්සේ ඒ හාමුදුරුවන්ට "මෝඝ පුරුෂයා, තොට කවදද මම එහෙම එකක් කිව්වේ." කියලා බැන්නා.

    එතකොට එහෙනම් විඥ්ඥානය කියන්නේ මොකක්ද?

    මේ ලෝක ධාතුවේ තියෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාස, විඥ්ඥාන කියලා ධාතු 6 කට බෙදනවා

    ආපෝ තේජෝ වායෝ වලින් හැදුන ඒවට අපිකියනවා ද්‍රව්‍ය කියලා

    ඔන්න ඔය ද්‍රව්‍යයකට විඥ්ඥානයක් ලැබුනට පස්සේ, ඔය සතර මහා භූතයන්ටම ඇලුනොත් කියානවා සත්ත්ව කියලා. ඇලුනේ නැත්නම් කියනව පුද්ගල කියලා. රහතන්වහන්සේ කියනෙන පුද්ගල

    "නයනා" කියන කෙනාට,
    එයාගේ අම්මා කියන්නේ "දුව" කියලා
    එයාගේ මල්ලි කියන්නේ "අක්කා" කියලා කියලා
    එයගේ අයියා කියනෙන "නංගි" කියලා කියලා
    ඔය කොහොම කිව්වත් කියන්නේ එකම කෙනා ගැනයි

    අන්න ඒ වගේ විඥ්ඥානයටත් නම් ගොඩාක් තියානවා. ඔය කෝකෙන් කිව්වත් කියන්නේ එකම හිත ගැනයි. එකම විඥ්ඥාණය, එකම හිත එක එක තැන් වල එක එක විදිහට හඳුන්වහනවා

    ස්කන්ධ වශයෙන් කිව්වොත් "විඥ්ඥානස්කන්ධය"
    ආයතන වශයෙන් කිව්වොත් "මනායතනය"
    ධාතු විදිහට කිව්ව්වොත් "මනෝ ධාතු"
    චර්යා වශයෙන් කිව්වොත් "විඥ්ඥාන චර්යා, ඥාන චර්යා, අඥාන චර්යා "

    ස්කන්ධ විදිහට ගත්තොත් මෙහෙමයි:

    "එහි විඥානස්කන්ධය කවරේ යත්:
    එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: ස්පර්ශය හා සම්ප්‍රයුක්ක වූයේ යි.
    ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: සහේතුක, අහේතුක වූයෙක් ඇති.
    ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි: කුශල, අකුශල, අව්‍යාකෘත වූයෙක් ඇති
    චතුෂ්ප්‍රකාරයෙකින් විඥාස්කන්ධය වෙයි: කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න වූයෙක් ඇති.
    පඤ්චප්‍රකාරයෙකින් විඥාස්කන්ධය වෙයි.................
    ෂට්ප්‍රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි............
    සප්තප්‍රකාරයෙකින්.................
    අෂ්ටප්‍රකාරයෙකින්............
    නවප්‍රකාරයෙකින්............
    දශප්‍රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි.............”

    (අභිධර්ම පිටකය, විභඞ්ගප්‍රකරණය 1, ස්කන්ධවිභඞ්ගය, 87 පිටුව)

    ඔන්න ඔය වගේ 10 ආකාරයකට විස්තර කරනවා. ගොඩක්ම වැදගත් වෙන්නේ 6 ආකාරයකට විස්තර කරපු එකයි

    1. එක් ප්‍රකාරයෙකින් කියනෙන ස්ඵර්ශය නැතුව විඥ්ඥාණයක් ඇතිවෙන්නේ නෑ
    2. ද්විප්‍රකාරය යටතේ හේතු තමයි ලෙඔභ, ද්වේෂ මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ
    3. ත්‍රිප්‍රකාරයෙකින් කියන්නේ විඥ්ඝ්නානය කුසල වෙන්නත් පුළුවන්, අකුසල හෝ අව්‍යාකෘත වෙන්නත් පුළුවන්
    4. චතුෂ්ප්‍රකාරයෙකින් කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන ලය්කික විදිහටත්, අපරියාපන්න කියන්නේ ලෝකෝත්තර විදිහටත් තියෙන්න පුළුවන්

    5. පඤ්චප්‍රකාරයෙකින් කියනෙනේ සැප, දුක්,සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා විදිහට තියෙන්න පුළුවන්

    6. ෂට්ප්‍රකාරයෙකින් කියන්නේ: චක්ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානය විදිහට තියෙන්න පුළුවන්

    7. සප්තප්‍රකාරයෙන් කියන්නේ: කලින් 6 ආකරයේ මනෝ විඥ්ඥානය -> "මනෝධාතු, මනෝ විඥ්ඥාන ධාතු" කියලා 2 ට බෙදනවා

    8. අෂ්ටප්‍රකාරයෙකින් කියන්නේ: කලින් 7 ආකරයේ කාය විඥ්ඥානය -> සුඛ සහගත, දුක් සහගත කියලා 2 ට බෙදනවා

    9. නවප්‍රකාරයෙකින් කියන්නේ: කලින් 7 ආකරයේ කාය විඥ්ඥානය -> කුසල, අකුලස අව්‍යාකෘත කියලා 3 ට බෙදනවා

    10. දශප්‍රකාරයෙකින් කියන්නේ: 6 ආකාරයේ තියන
    කාය විඥ්ඥාන -> සුඛ, දුක් කියලා කඩලා
    මනෝ විඥ්ඥානය -> මනෝධාතු + මනෝවිඥ්ඥාන ධාතු ව කුසල, අකුසල, අව්‍යාකෘත කියලා 3 ට කඩනවා

    ආයත විදිහට ගත්තොත්:

    ඔන්න ඔය කිව්ව වගේම මනායතයත් 1-10 ආකාරයකට විස්තර කරනවා. ඒක මෙතන විස්තර කරන්නේ ණැත්තේ මන ධම්ම ක්‍රියාත්මක වෙන හැටි ගැන වෙනම විස්තරයක ඒක අඩංගු වෙනවා

    ස්කන්ධ විදිහට විස්තර කරන්නේ අභිධර්ම පිටකයේ විභඞ්ගප්‍රකරණය > ස්කන්ධවිභඞ්ගයේයි
    ආයතන විදිහට තියෙන්නේ අභිධර්ම පිටකයේ විභඞ්ගප්‍රකරණය > ආයතනවිභඞ්ගයේයි

    ධාතු විදිහට ගත්තොත්:
    ඒක තියෙන්නේ අභිධර්ම පිටකයේ විභඞ්ගප්‍රකරණය > ධාතුවිභඞ්ගයේ
    එතන පොඩි වෙනසක් තියනවා. එතන විස්තර කරන්නේ මෙහෙමයි

    "එහි චක්ඛුවිඤ්ඤාණධාතු කවර යත්: ඇස ද රූප ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාංග සිතෙක්, මනසෙක් මන සංඛ්‍යාත වූ මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ චක්ෂුර්විඥානධාතුයෙක් උපදී ද, මේ චක්ඛුවිඤ්ඤාණධාතු යි කියනු ලැබේ"
    (අභිධර්ම පිටකය, විභඞ්ගප්‍රකරණය, ආයතනවිභඞ්ගය)

    ඔය ටික පාලියෙන් තියෙන්නේ මෙහෙමයි

    "චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායාතනං මනේන්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්දො තජ්ජා චක්ඛුවිඤ්ඤාණධාතු"
    (අභිධර්ම පිටකය, විභඞ්ගප්‍රකරණය, ආයතනවිභඞ්ගය)

    සෝත විඥ්ඥාන, ඝාන විඥ්ඥාන, කාය විඥ්ඥානත්....ඔය වගේ

    ඒ ඒ වෙලාවට කරන කාරනාවෙන් එක එක නම් දානවා

    විජානන ලක්ෂණය තමයි “චිත්ත”.
    ඒ කියන්නේ චිත්ත කියන එකෙන් කෙරෙන්නේ දැනගැනීම පමනයි

    ඔය ටික උදාහරණයකින් බලමු

    කෙනෙක් පාරේ යනවා දැක්කම ඒ කෙනා බලන එක්නාගේ ඇසෙන් දැකලා චක්ඛු විඥ්ඥානයක් හදනවා. විඥ්ඥානය කියන්නේ මේ 9ටයි
    චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, මනේන්ද්‍රියං, විඥ්ඥානං, විඥ්ඥානස්කන්ධෝ

    චිත්තයේ ඉඳන් පියවර 9කින් තමයි විඥ්ඥානස්කන්ධ ය ගොඩ නැඟෙන්නේ

    මනෝ- ආරම්භයේ මැන මැන බලනවා

    මානසං- පාරේ යන කෙනාගේ කොණ්ඩය කලියි, මූන සුදුයි කලුයි වගේ දේවල් බලනවා
    පෙර එකත් දැන් දැකපු පාටත් එක්ක සන්සඳලා මෙන්න රතු කියනවා
    මැන මැන සං කරනවා. කමිසයේ රතු, නිල් දෙකම තියානවා කියලා දැනගන්නවා, මනසින් මනිනවා
    මනසින් වැඩක් කරන එකයි

    රහතන්වහන්සේ සිවුරක් පඬුපොවද්දී මුලින් පාට එක්ක බලලා මනිනවා හරි පාටට මේක කියලා බලනවා. මදි නම් ආපහු පඬු පොවනවා.

    රහතන්වහන්සේ සිවුර පොරවද්දී එක පොටක් උඩ, අනිත් පොට යන. එතකොට මනිනවා
    හරි විදිහට එන්න සිවුරේ පොට හදනවා
    එතන රාග ද්වේෂ මෝහ නෑ

    හදයං- මුලින්ම දකිනකොටම ඔය කලින් කිව්වා සේරම පේන්නේ නෑ. පෙනීමට හදයං වෙනවා. ඒ කියන්නේ ටිකක් වෙලා බලන් ඉන්නවා
    (රාග ද්වේෂ, මෝහ වලින් නෙවෙයි. තවම කෙලෙස් නෑ )

    පණ්ඩරං- පන තියනවා

    හදයං කියන්නේ මුලින්ම දකිනකොටම ඔය කලින් කිව්වා සේරම පේන්නේ නෑ. පෙනීමට හදයං වෙනවා. ඒ කියන්නේ ටිකක් වෙලා බලන් ඉන්නවා

    පාරේ යන කෙනාගේ සංඥා කියන්නේ සුදුද, කලුද, මහතද, කොණ්ඩය දිගද කියන එක
    සංඛාර කියන්නේ ඔය ටිකෙන් ඇහෙන් සංඛාර කරගත්තා. ඇහෙන් බල බල තමන්ගේ මනස ඇතුලට ගත්තා

    ඊට පස්සේ ඇස පෙනීමට ආයතනයක් වෙනවා (ජට්ඨයතනයක් වෙනවා )
    පෙනීමට ආයතනයක් වුනාම රූපස්පර්ශයක් වෙනවා
    එතකොට රූප සම්ඵස්සජාවේදනාවක් හටගන්නවා

    ඒ වේදනාවට රාග නෑ, තන්හා නෑ නිකම්ම පෙනෙන බව විතරයි

    උපන් සිත ප්‍රභාෂ්වරයි කියන්නේ ඕකයි

    ඊට පස්සේ "අනේ ෂෝක්" කියලා ගන්නවා. ඒ කියන්නේ රාගයෙන් බැඳෙනවා (රාග පටිච්චයක් ). එතකොට චක්ඛු විඥ්ඝ්නාණයක් හටගන්නවා
    (රාග චක්ඛු විඥ්ඝ්නාණයක්)

    "චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥ්ඥ්ඥාණං" කියන්නේ ඕකටයි
    චක්ඛුංච රාග පටිච්ච රූපේච උප්පජ්ජති රාග චක්ඛු විඥ්ඥ්ඥාණං කියලා නෑ
    ඒත් එහෙම තමයි (පොල් ගෙඩි චක්කරේ වගේ )

    ඒ "රාග චක්ඛු විඥ්ඥ්ඥාණය" හැදෙන්නේ කොහොමද?
    රාග චිත්ත, රාග මනෝ, රාග මානසං, රාග හදයං, රාග පණ්ඩරං, රාග මනෝ රාග මනායතනං, රාග මනේන්ද්‍රියං, රාග විඥ්ඥානං, රාග විඥ්ඥානස්කන්ධෝ
    (කලින් චිත්ට සේරම රාග වෙනවා )

    ඊ ලඟට තමයි හොඳම ටික

    "එහි මනෝධාතු කවර යත්: චක්ෂුර්විඥානධාතූහු ඉපිද නිරද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් උපදී ද, ශ්‍රොත්‍රවිඥානධාතූහු … ඝ්‍රාණවිඥානධාතූහු … ජිහ්වාවිඥානධාතූහු … කායවිඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් (උපදී ද) යලි සියලු දහමුන් හෝ උපදනා කල්හි ප්‍රථම සමන්නාහාරය වූ චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් උපදී ද, මේ මනෝධාතු යි කියනු ලැබේ.

    එහි ධම්මධාතු කවර යත්: වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ ය, අනිදර්ශන වූ අප්‍රතිඝ වූ ධර්මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් වේ ද, අසංඛතධාතුව දැ යි."

    (අභිධර්ම පිටකය, විභඞ්ගප්‍රකරණය, ධාතුවිභඞ්ගය)

    ඔය තියෙන්නේ මන ධම්ම ක්‍රියාත්මක වෙන හැටි. ඔය උඩ කියන්නේ මොකක්ද?
    "චක්ෂුර්විඥානධාතූහු ඉපිද නිරද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් උපදී ද...."

    ඒ කියන්නේ ඇසට රූපයක්/ කනට ශබ්ධයක්...වගේ ගැටිලා විඥ්ඥාන ය ඇති වෙලා නැති වුනාට පස්සේ "මනසේ" ඔන්න ඔය කිව්ව හිත් 9න් එකක් උපදිනවා)
    (ඒ හිත් 9 තමයි චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනො මනායාතනං, මනේන්ද්‍රියං, විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්දෝ)

    හැබැයි මනෝද්වාරික චිත්ත වීථි වල කෙලින්ම "මනසට ධම්මයක්" ගැටුන ගමන් කෙලින්ම චිත්ත, ඔය චිත්ත 9න් එකක් ගොඩ නැඟෙනවා

    "යලි සියලු දහමුන් හෝ උපදනා කල්හි ප්‍රථම සමන්නාහාරය වූ චිත්තයෙක් මනසෙක්....." කියලත් එකක් තියනවා. ඒ කියන්නේ මොකක්ද?

    චක්ඛු විඥ්ඥානය, සෝත විඥ්ඥාන,.... වගේ ඇස, කන සම්බන්ධයක් නැතුව කෙලින්ම "මනට ධම්මයක් එන්නත් පුළුවන්" කියලයි ඔය කියන්නේ.

    බයෝ බ්ලූටූත් කියන්නේ ඔය වගේ එකකටයි. ඔන්න ඔය විදිහට මන ධම්ම ක්‍රියාත්මක වෙන කොටස තමයි ටිකක් රසවත්. දැන් ඒ ගැන වෙනම බලමු.


    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited:
    • Love
    Reactions: hodakolla