නිවන්_මඟ_මෙන්න-(19/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(19/20)

    11.6 විපල්ලාස

    විපල්ලාස කියන්නේ "විකෘති අදහස" කියන එකයි

    "නව පද කෙනෙක් වෙති, යම් තැනෙක සියලු අකුශලපක්ෂය සංග්‍රහයට එක්වීමට යේ ද ඒ කවර නව පදකෙනෙක් යත් : මූලක්ලේශයෝ දෙදෙනෙක, අකුශලමූලයෝ තිදෙනෙක, විපල්ලාසයෝ සතර දෙනෙකි.

    එහි අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන දෙදෙන මූලක්ලේශයෝ යැ. ලොභය ද්වෙෂය මොහය ද යන තිදෙන අකුශල මූලයෝ යැ. අනිත්‍යයෙහි නිත්‍යයැ යන සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද දුඃඛයෙහි සුඛ යැ යන සංඥා–චිත්ත–දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද අනාත්මයෙහි ආත්ම යැ යන සංඥා–චිත්ත–දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද අශුභයෙහි ශුභ යැ යන සඤ්ඤා විපල්ලාස චිත්තවිපල්ලාස දිට්ඨවිපල්ලාසය ද යන මොහු සතර විපල්ලාසයෝ යි."

    (ඛුද්‌දක නිකාය,පෙටකොපදෙශ, ෂෂ්ඨ භූමි, 153, 155 පිටු)

    ඔය කිව්වේ මොකක්ද?

    මූල ක්ළේෂයෝ තමයි අවිද්‍යා, තෘෂ්ණා කියන්නේ.
    කෙලෙස් කියන්නේ භව ගාමී කර්ම වලටයි.
    මොකද අවිද්‍යාවෙනුයි, තෘෂ්නාවෙනුයි පින් කරන්නත් පුළුවන්

    ඔය "අවිද්‍යා, තෘෂ්ණා" කියන මූල ක්ලේෂ දෙක නිසා ලෝභ,ද්වේෂ,මෝහ,අලෝභ,අද්වේෂ,අමෝහ කියන 6ම හැදෙනවා.
    ඕවා 6ම අකුසල්

    "ලොභය ද්වේෂය මෝහය ද යන තිදෙන අකුශල මූලයෝ යැ" කියන්නේ ඒකයි.

    මෝහය කියන්නේ අකුසල මූලයක්. මෝහයෙන් කවදාවත් කුසල් කරන්න බෑ. මෝහයෙන් කරන්නෙම අකුසල් තමයි.

    මෝහය ඇතුලේ අවිද්‍යාව තියනවාමයි. ඒත් අවිද්‍යාව ඇතුලේ මෝහය නැති වෙන්න පුළුවන්.

    කුසල් කියන එකත් 2 ට බෙදෙනවා. ලෞකික කුසල්, ලෝකෝත්තර කුසල් කියලා.

    බ්‍රහ්ම කෝෂ, ඩිම්බ කෝෂ වලට යන ඒවා ලෞකික කුසල්
    ලෞකික කුසල් කියන්නේ "පින්"
    අවිද්‍යා තන්හා කියන මූල බන්ධන දෙක දුරු කරනවා නම් ලෝකෝත්තර කුසල් වඩන්න ඕනේ

    ඔතන කියනවා විපල්ලාස (විපරීත) 4ක් හදාගන්නවා කියලා
    * අනිච්ච දේ නිච්චයි කියලා
    * දුක්ඛ දේ සුඛ කියලා
    * අනත්ත දේ අත්ත කියලා
    * අසුබ දේ සුබ කියලා අරගන තමයි ඔය කියන විපල්ලාස 4 හදාගන්නේ

    සංඥා, චිත්ත, දෘෂ්ටි කියන වස්තු ටිකයි ඔය උඩින් කිව්ව විදිහට විපල්ලාස වෙන්නේ. එතකොට විපල්ලාස වුනාට පස්සේ ඒවට කියනවා
    * සංඥාවිපර්‍ය්‍යාස,
    * චිත්තවිපර්‍ය්‍යාස,
    * දෘෂ්ටිවිපර්‍ය්‍යාසය කියලා

    විපල්ලාස කියන එකට වචන ගොඩයි
    අවිද්‍යාව, මඥ්ඥනාව, මෝහය, ප්‍රපංච, මිත්‍යාදිට්ඨි, අයෝනිසෝමනසිකාරය, යථාභූතය නොදන්නාකම

    ඔය සේරම වෙන්නේ
    * අනිච්ච දේ නිච්චයි කියලා
    * දුක්ඛ දේ සුඛ කියලා
    * අනත්ත දේ අත්ත කියලා
    * අසුබ දේ සුබ කියලා අරගනයි

    "සතර විපර්‍ය්‍යාසවස්තු කවරහ : කාය, වෙදනා, චිත්ත, ධම්ම යන මේ සතර විපල්ලාස වස්තූහු වෙත්."
    (ඛුද්‌දක නිකාය,පෙටකොපදෙශ, ෂෂ්ඨ භූමි, 157 පිටුව)

    ඔය කිව්ව "කාය, වෙදනා, චිත්ත, ධම්ම" කියන්න විපල්ලාස වස්තූ 4 ටයි බුදුරජානන්වහන්සේ සතර සතිපට්ඨානය පැනෙව්වේ
    ඔය විපල්ලාස 4 නැති කරගන්න සතර සතිපට්ඨානයේත් අනිච්ච, දුක්ඛ, අනත්ත, දුක්ඛ විදිහට මෙනෙහි කරන්න තියෙන්නේ ඒකයි.

    කය අනිච්චයි, දුක්ඛයි, අනත්තයි, අසුබයි - ඕකට කියානවා කායානුපස්සනා
    වේදනාව අනිච්චයි, දුක්ඛයි, අනත්තයි, අසුබයි - ඕකට කියනවා වේදනානුපස්සනා
    චිත්තය අනිච්චයි, දුක්ඛයි, අනත්තයි, අසුබයි - ඕකට කියනවා චිත්තානුපස්සනා
    ධම්ම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි, අසුබයි - ඕකට කියනවා ධම්මානුපස්සනා කියලා

    විපරීත සංඥා, විපරීත චිත්තයක්, විපරීත දෘෂ්ටියක් තියන නිසයි ඔහොම අනුපස්සනා කරන්න කිව්වේ
    (ඒ කිව්වේ සංඥාවිපර්‍ය්‍යාස, චිත්තවිපර්‍ය්‍යාස, දෘෂ්ටිවිපර්‍ය්‍යාසය)

    "දිට්ඨි විපල්ලාසය" සෝවාන් ඵලයේදී සම්පූර්ණයෙන්ම නැති වෙනවා "සක්කාය දිට්ඨිය" කිව්වේ ඒකටයි

    "චිත්ත විපල්ලාසයයි", "සංඥා විපල්ලාසයයි" නැති කරගන්න සතරසතිපට්ඨානය පැනෙව්වා
    එතකොට සංඥා, චිත්ත විපල්ලාස නැති වෙනවා

    ධම්මානුපස්සනා කරන්නේ ධර්මතා. මොන ධර්මතා ද?
    නීවරන ධර්ම, ස්කන්ධ, සප්ත බොජ්ජංග, චතුරාර්‍ය සත්‍යය,...කියන ධර්මතා යි

    ඔය ධර්මතා ගැන අපේ විපරීත දෘෂ්ඨියක් තියනවා
    මොකක්ද දෘෂ්ඨිය? නිච්චයි, සුඛයි, අත්තයි, සුබයි

    නීවරණ ධර්ම ගත්තොත්
    දරුවා ගන ජන්දරාගයක් තියනවා. ඒක නිච්චයි, සුඛයි, අත්තයි සුබයි කියලා හිතාගන ඉන්නවා
    තරහ යන එකෙන් අපි ආශ්වාදයක් හදාගන්නවා. අල්ලපි ගෙදර වැට වෙනස් කළොත් තරහා අරන් බනින්නේ ඒකයි. ඒකත් ඒ වගේ අල්ලගන ඉන්නවා නිච්චයි, සුඛයි අත්තයි කියලා

    සතර සතිපට්ඨානය කියලා වඩනවා කියලා කරන්න තියෙන්නේ මොකක්ද?
    අනිච්ච, දුක්ඛ, අනත්ත

    ආනාපානාසතිය කියලා වඩනවා කියලා කරන්න තියෙන්නේ මොකක්ද?
    අනිච්ච, දුක්ඛ, අනත්ත

    අවිද්‍යාව දුරුවෙන්න වඩනවා කියලා කරන්න තියෙන්නේ මොකක්ද?
    අනිච්ච, දුක්ඛ, අනත්ත

    සෝවාන් වෙන්න වඩනන්න තියෙන්නේ මොකක්ද?
    අනිච්ච, දුක්ඛ, අනත්ත

    ඒ හැරුනම අම්මා ඉන්නවද අම්මා නැද්ද?
    ගහ තියනවද ගහ නැද්ද?
    මගේ තියෙන්නේ ආපෝ තේජෝ පඨවිද? ඕවා නෙවෙයි වඩන්න ඕනේ
    ඕවා කර කර හිටියොත් සතර අපායෙම තමා.

    "චිත්ත විපල්ලාසයයි", "සංඥා විපල්ලාසයයි" නැති කරගන්න සතරසතිපට්ඨානය පැනෙව්වා කිව්වානේ.. ඔතන "සංඥා විපල්ලාසය" කිව්වේ මොකක්ද? මෙන්න මේකයි

    "එහි මනවඩන වස්තුයෙහි ඉන්ද්‍රියාර්ථයෙහි පැහැසටහනෙහි හෝ නිමිත්ත පිළිබඳව යම් දැඩිව ගැනීමෙක් වේ ද මේ සංඥාවිපර්‍ය්‍යාස යැ"
    (ඛුද්‌දක නිකාය,පෙටකොපදෙශ, ෂෂ්ඨ භූමි, 157 පිටුව)

    මොකක්ද ඔය පැහැසටහන කිව්වේ? රූප සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, කොට්ටබ්බ සංඥා

    "කාය, වෙදනා, චිත්ත, ධම්ම" වල ධම්ම කියන්නේ වේදනා, සංඥා, චේතනා,

    සංඥා කියන්නේ: රූප සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, කොට්ටබ්බ සංඥා

    හිතෙන් ගන්නේ. ගන්න සංඥාව තමයි
    වර්ණය (නිල්, කහ, රතු, සුදු,... )
    ශබ්ධය (බෙර හඬ, කටහඟ, කුරුළු හඬ,... )
    ගන්ධ සංඥා (මල් ගඳ, කේක් එකේ ගඳ,...)

    "ඔතන නිමිත්ත" කියන්නේ මොකක්ද?
    ඇහෙන් ගෑණු අය දකින්නේ ? නෑ
    ඇහෙන් මල් දකින්නේ ? නෑ
    ඇහෙන් බිත්ති, වටාපත් දකින්නේ ? නෑ

    ඇහෙන් දකින්නේ වර්ණය විතරයි
    වර්ණ සංඥා

    එතකොට "නිමිත්ත පිළිබඳව යම් දැඩිව ගැනීමෙක් වේ ද" කිව්වේ මොකක් හරි දැකපු දේ නිච්ච, සුබ, අත්ත සුඛ විදිහට ගන්න එකයි

    අනුපස්සනා කියනෙන අනුව පහ කරනවා කියන එක
    මොකක්ද පහ කරන්නේ? පහ වෙනේනේ මොකක්ද?
    මෙච්චර කල් නිච්චයි සුඛයි අත්තයි සුබයි කියලා හිතාගන හිටපු එකයි පහ වෙන්නේ

    ඒ කියන්නේ විපරීත සංඥා තමයි පහ කරන්නේ

    රාගය ප්‍රහීන කිරීමට "දස සංඥා" වඩන්න කිව්වේ ඒකයි. මොනවද දස සංඥා?
    අනිච්ච සංඥා
    අනිච්චයේ දුක්ඛ සංඥා
    දුක්ඛයෙහි අනත්ත සංඥා
    ප්‍රහාණ සංඥා
    විරාග සංඥා
    නිරෝධ සංඥා
    අසුබ සංඥා
    මරන සංඥා
    ආහාරයේ පටිකූල සංඥා
    සර්වලෝකයෙහි අනභිරත සංඥා

    (අංගුත්තරනිකාය-6, රාගපෛයාලය)

    කය පිළිබඳව, චිත්තය පිළිබඳව තියන වැරැදි සංඥාව, වැරදි දෘෂ්ඨිය, වැරදි චිත්තය නිසයි වඩන්න ඕනේ

    "එහි සතර විපර්‍ය්‍යාස වස්තූන්ගේ සමුද්ඝාතනය පිණිස බුදුහු සතර සත්පට්ඨානයන් දෙසන සේක, පනවන සේක. කයෙහි කය අනුව බලමින් වාසයකරනුයේ අශුභයෙහි ශුභ යැ යන විපර්‍ය්‍යාසය නසයි. මෙසේ වෙදනා චිත්ත–ධර්මයන්හි දු විස්තර කළ යුතු යි."
    (ඛුද්‌දක නිකාය,පෙටකොපදෙශ, ෂෂ්ඨ භූමි, 157 පිටුව)

    ඔන්න සතර සතිපට්ඨානය පනවනවා වේදනා, චිත්ත ධර්මයන්ට

    පාලියෙන් "අත්තභාව" කියන්නේ අත් කරගත්ත භවය කියන එකයි
    ඕක වැරදියට පරිවර්තනය කරලා තියනවා "ආත්ම භාව" කියලා
    එතකොට ආත්මයක් තියනවා කියලා අදහසක් එන්නේ.

    "එහි අන්ධකාරතමිස්‍ර වූ අවිද්‍යාව අප්‍රතිවෙධය ලක්ෂණ කොට ඇත්තී යැ. ඒ අවිද්‍යාවට විපර්‍ය්‍යාසයෝ ආසන්නකාරණය යැ. තෘෂ්ණාව බැසගෙන (ගිලගෙන) සිටීම ලක්ෂණ යැ "

    ඔය ටික පාලියෙන් තියෙන්නේ මෙහෙමයි

    "තත්ථ අන්ධකාරතිමිසා අප්පටිවෙධලක්ඛණා අවිජ්ජා, තස්සා විපල්ලාසපදට්ඨානං. අජ්ඣොසානලක්ඛණා තණ්හා, තස්සා පියරූපසාතරූපං පදට්ඨානං. අත්තාසයවඤ්චනාලක්ඛණො ලොභො, තස්ස අදින්නාදානං පදට්ඨානං"
    (ඛුද්‌දක නිකාය,පෙටකොපදෙශ, ෂෂ්ඨ භූමි, 156 පිටුව)

    "අවිජ්ජා, තස්සා විපල්ලාසපදට්ඨානං"
    ඒ කියන්නේ අවිද්‍යාවට විපල්ලාසය පදට්ඨානයි

    පදට්ඨාන කියනේ පාදම. අවිද්‍යාවට පාදම තමයි විපල්ලාස

    "මේ සතර විපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගලයාහට ප්‍රහීණ වූවාහු ද අප්‍රහීණ වූවාහු ද යත්: කිසි විපර්‍ය්‍යාස කෙනෙක් ප්‍රහීණයහ. කිසි විපර්‍ය්‍යාස කෙනෙක් අප්‍රහීණයහ. අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, දුඃඛයෙහි සුඛ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අනාත්මයෙහි අනාත්ම යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අශුභයෙහි ශුභ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යි."
    (ඛුද්‌දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, මහා වර්ගය, විපල්ලාසකථා)

    ඔය කියන්නේ මොකක්ද?

    සෝවාන් පුද්ගලයාගේ විපල්ලාස මෙන්න මේ විදිහට ඉවර වෙලා තියෙන්නේ

    දිට්ඨි විපල්ලාස (නිච්ච, අත්ත, සුඛ, සුබ කියන 4 ම) සම්පූර්ණයෙන්ම ඉවරයි
    සංඥා විපල්ලාස වල නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා )
    චිත්ත විපල්ලාස වලත් නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා )

    12.0 මරණය හා චුතවීම

    මරනාසන්න චිත්ත වීථියේ ජවන් සිත් 5 කට පස්සේ එන 13 වෙනි චිතක්ෂණය තමයි චුතිය
    14 වෙනි එක පටිසන්ධියයි
    15, 16 චිත්තක්ෂණ දෙකේ කලින් ශරීරයේ හෘධ රූපයේ යනවා

    කෙනෙක් මැරෙන මැරෙන වෙලාවට චුත වෙන්නේ නෑ.

    මරණ 4යි
    ආයුක්‍ෂය මරණයය
    කර්මක්‍ෂය මරණය
    උභයක්‍ෂය මරණය
    උපච්ඡේදක මරණය

    ආයුක්ඛය මරණය: ජීවිතය ගෙනියන්න අවශ්‍ය කර්මය තියනවා, ඒත් ජීවිතය පවත්වගන්න අවශ්‍ය සතර මහා ධාතුවේ ශක්තිය නැති වෙනවා. ඒ කියනෙන ආයුෂ ඉවර වෙනවා.

    ගොඩනැඟිල්ලක් හැදුවම අවුරුදු 100ක් තියනවා වුනත් ඒ ගොඩනැඟිල්ල බාල සිමෙන්ති, බාල ගල් වලින් හදපුවහම කලින් කඩන් වැටෙනවා වගේ එකක් මේක. ලෝකයේ කාලෙන් කාලෙට ආයුෂ අඩුයි. සමහර කාල වල ආයුෂ අවුරුදු 80,000ක් විතර. ඒත් සමහර කාල වල කර්මය තිබුනත් කය දුර්වල වෙලා මැරිලා යනවා

    කර්මක්‍ෂය මරණය: උපත ගෙනියන්න අවශ්‍ය කර්මයක් ඇතුවයි උපදින්නේ. කය කොච්චර නිරෝගීව තිබුනත් බෑ කර්ම ශක්තිය නැති වුනාම කය කොච්චර නිරෝගී කයක් තිබුනත් හෘදය වස්තුව නැවතිලා මැරෙනවා

    උභයක්ෂය මරණය: කය පවත්වන්න තියන ආයුෂයි, කර්මයේ ආයුෂයි දෙකම එක පාර ඉවර වුනාම මැරෙනවා (මේක වෙන්නේ ඉතාම කලාතුරකින්)

    උපච්ජීදක මරණ: කය පවත්වන්න පුළුවන්, කර්මයත් තියනවා. මේ දෙකම තියෙද්දී හදිසි අනතුරකකින් මැරෙනව. මේවා උපච්චේදක මරණ

    ආයුක්ඛය, උපච්චේදක මරණ දෙකේම කර්මය ක්ෂය වෙලා නෙවෙයි මැරෙන්නේ. ඒ නිසා ඒ ඉවර නොවුන කර්මයට අදාල ඒ ඇස්ට්‍රල් බොඩි එකම ගිහින් ඊ ලඟ භවයේ උත්පත්තියක් ලබනවා.

    මේ භවයේ අවුරුදු 100ක් ඉන්න ආයුෂ අරන් ඇවිත් අවුරුදු 30කදී හදිසි මරණයක් (උපච්ජීදක මරණයක්) වුනොත් තව ආයුෂ 70ක් තියන නිසා ඊ ලඟ භයෙත් ඒ කර්මයට අදාල භවයම ලැබෙනවා

    (මනුස්සයෙක් නම් මැරුනේ ආයෙත් මනුස්සයෙක් ම වෙලා ඊ ලඟ භවයට යනවා. ඒකට කියන්නේ මරණයක් කියලා. චුති පටිසන්ධියක් නෙවෙයි)

    පෙර අත් භවයයි මේ අත් භවයයි එක්ක සම්බන්ධයක් තියෙන්නේ චුති පටිසන්ධි වල නෙවෙයි මරණ වලයි.

    මරණයයි, චුති පටිසන්ධියයයි කියන්නේ දෙකක්

    පොඩි කාලයේ පෙර භවය කියන්නේ උපච්චේද මරණ වලයි. පෙර භවයේ ගතිය මේ භවයටත් එනවා
    පෙර භවයේ මරණය වෙද්දී අනතුරින් කැලලක් වුනා නම් ඒ කැලලත් මේ භවයට එන්නේ උපච්ජීදක මරණ වලයි

    කර්මජ කය, චිත්තජ කය, උත්තජ කය යි කියලා කයවල් 3ක් තියනවා
    ඇස්ට්‍රල් බොඩි කියන්නේ ඔය කර්මජ කයටයි

    දිව්‍යමය කය ට සුගන්ධය ආහාරයක්
    පෙරේතයෙන්ට දුගන්ධය ආහාරයක්
    ගන්ධය ඇසුරු කරගන (අබ්බ කරගන ) යන ඒවාට කියනවා ගන්ධබ්බ කියලා

    ඒ සුවඳ ඇසුරු කරගන යන අය යද්දී සුවඳක් එනෙන ඒකයි
    සමහර ඉඩම් වල කුණු ගඳ එන්නේ ඒ සත්ත්වයා දුගන්ධයක් ඇසුරු කරගන ඉන්නේ
    සමහර දෙවි වරු යන වෙලාවට සුවඳක් එනවා කියන්නේ ඒ දිව්‍යමය ශරීරය සුගන්ධය ඇසුරුකරගනයි ඉන්නේ

    ඒකයි කුණු ගඳ තියන තැන් වල පෙරේතයෝ ඉන්නවා, සිවඳවත් තැන් වලට දෙවියෝ වඩිනවා කියන්නේ

    කර්මජ කය ආවට පෙස්සෙයි චිත්තජ කය ඒ මොහොතේ නිර්මාණය වෙන්නේ.
    ඒ නිසයිඔ මව් කුසකට යද්දී හිතාගැනීමේ හැකියාව (මතක ශක්තිය ) නැති වෙන්නේ
    එතකොට හිතෙන් ගත්ත හැඩතලය සේරම අමතකවෙනවා

    ගන්ධබ්බ කියන්නේ සීල ගන්ධය හෝ දුස්සීල දුර්ගන්ධය අබ්බ අරගන ඉන්නවා
    තන්හාවෙන් ඒ ගන්ධය උපාධානය කරගන ජීවත් වෙනවා

    මනුස්ස ගන්ධබ්බයෙක් වශයෙන් හිටිය නම් මව් කුසකට "ඔක්කන්ති" වෙන්න යද්දී චිත්තජ බලය අමතක වෙලා කර්මජ බලය ප්‍රධාන වෙන නිසා හිතාගැනීමේ හැකියාව් නැති වුනාම නින්ද ගියා වගේ

    කර්මයෙන් පාලනය වෙන කර්මජ රූපයේ තියෙන්නේ මිනිස් ගතිය (මිනිස් රූපය නෙවෙයි)

    දෙවියන් දාහකට කර්මජ කයෙන් ඉඳිකටු තුඩක් ඇතුලේ ඉන්නත් පුළුවන් කියන්නේ ඒකයි

    ගන්ධබ්බයා මිනිස් නම් මිනිස් හැඩරුවට අදාලව මව් කුසේ හැදෙනවා
    පෙර භවය කියන ළමයි ඉපදෙන්නේ ඔහොමයි
    අත් බැව් පරිවර්තනය වුනේ නෑ

    සතෙක් වෙලා හිටියා කියලා මනුස්සයෙක් පෙර භවය කියන්න හෙතුවක් නෑ

    නිරයේ උත්පත්තිය ලැබුවොත් මැරෙන මැරෙන වෙලාවට චුති පටිසන්ධි ලබන්නේ නෑ
    කර්මජ කයයි මැරෙන්නේ, චිත්තජ කය තියනවා.
    ඒ චිත්තජ කයටයි වධ බන්ධන දෙන්නේ
    කර්මජ කයෙන් ආයෙත් පහල වුනාට පස්සේ එතන හැදෙනවා ආපහු චිත්තජ කය
    ඒ කර්මය ගෙවෙනකම්ම චිත්තජ කය තියනවා

    මනුස්සයෙක් වුනාම "චිත්තජ කයත්" නෙවෙයි, "කර්මජ කයත්" නෙවෙයි "ආහාරජ කයයි" මැරෙන්නේ


    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    Theruwansaranai...!!!!!

    "නිවන් මඟ මෙන්න" කියලා අද thread 20ක් දැම්මා. ඒවගේ ලින්ක්ස් හැම පෝස්ට් එකේම යටින් තියනවා. ඒ සේරම කියවලා ගැටළු තියනවා නම් ඒ ඒ thread එකේ කමෙන්ට් කරන්න
     
    • Like
    Reactions: hodakolla

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,472
    8,656
    113
    චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සැප ලැබේව...
     
    • Like
    Reactions: hodakolla