නිවන්_මඟ_මෙන්න-(20/20)
13.0 අවසාන කතාව
අද කාලයේ කෙනෙක් නිවන් දකින්න ඕනේ වෙලා බන අහන්න ගත්තොත් ඒකට පියවර විදිහට අහන්න ලැබෙන්නේ ඉස්සරලම සෝවාන් වෙන්න ඕනේ. සෝවාන් වෙන්න නම් සක්ඛාය දිට්ඨිය නැති කරගන්න ඕනේ කියලයි. එහෙම සක්කාය දිට්ඨිය නැති කරගන්න නම් "මම කියන එක නැති කරගන්න ඕනේ" කියලා කියනවා.....
එහෙම බණ අහගන යද්දී අන්තිමට අහන්න ලැබෙනවා හැබැයි රහත් වෙද්දී තමයි මානය නැති වෙන්න ඕනේ කියලා...
සෝවාන් වෙද්දී "මම" කියන එක නැති වෙනවා නම් රහත් වෙද්දී මානයක් තියෙන්නේ කාගෙද?
ඔන්න ඔතනයි සක්කාය කියන එක "මමය මාගේ දෘෂ්ඨිය" කියලා වැරදියට අරන් කියලා හම්බ වෙන තැන. නිවන්_මඟ_මෙන්න-(06/20) ත්‍රෙඩ් එකේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා
මමය මාගේ දෘෂ්ඨිය ආවේ මෙන්න මෙතනින්
"නේසෝ හමස්‌මි" කියන එකේ තමා තියෙනේ "තන්හා මාන දෘෂ්ටිය"
ඒ ටික නැතිවෙන්නේ රහත් වෙනකොටයි
ඔන්න ඔතනයි වරද්දගන තියෙන්නේ
ත්‍රිපිටකයේ බලපුවහම සක්කායදිට්ඨිය කියලා වෙන එකක්
සබ්බාසවසූත්‍රයේ ආශ්‍රව ක්‍රම 7ක් තියනවා
අසෘතවත් පෘතජනයා මෙනෙහි කල යුතු දන්නේ නෑ, මෙනෙහි නොකළ යුතු දේ දන්නේ නෑ
මොකද, සෝවාන් වුන දවසේ තමයි දන්නේ දන්නේ මෙනෙහි කරන්න ඕනේ දේ මොකක්ද නොකළ යුතු දේ මොකක්ද කියලා
අසෘතවත් පෘතජනයෙක්ට භාවනා කරලා නිවන් දකිනන් පුළුවන් නම් බුදු කෙනෙක් මොකටද?
බුදු පසේ බුදු අනිත් සේරම ශ්‍රාවක. ශ්‍රාවක කියන්නේ කනෙන් අහන්න ඕනේ
අහගත්තට පස්සේ ඔන්න තේරෙනවා.
එතකම් භාවනාවට වාඩි වෙලා මෙනෙහි කළ යුත්ත දන්නෙත් නෑ, මෙනෙහි නොකල යුත්ත දන්නෙත් නෑ කියලා සබ්බාසවසූත්‍රයේම තියනවා
භාවනාවට වාඩි වෙලා මෙනෙහි කරන්නේ මොකක්ද?
ආතීතයේ මම හිටියද නැද්ද?
අනාගතේ මම කොහොම කෙනෙක් වෙයිද
දැන් මේ මොහොතේ මම වෙම්දෝ නොවෙම්දො කියලා
මම ඉන්නවද මම අතීතයේ හිටියද? මෙතන මමෙක් ඉන්නවද නැද්ද? කියලා මෙනෙහි කරන්නේ අසෘතවත් පෘතජනයායි
ඊට පස්සේ එයා තීරන ටිකක් ගනන්වා. දෘෂ්ටියක් ගන්නවා "මාගේ ආත්මය ස්ථිරර වශයෙන්, සත්‍ය වශයෙන් ඇත" කියලා
ආත්මය වූ මම අනාත්මය හැඳිනගනිමි, අනාත්ම වූ මම ආත්මය හැඳිනගනිමි
ඔය වගේ දෘෂ්ඨි ගන්නවා.
මේ කන බොන කතා කරන ආත්මය නිච්චයි කියලා ගන්නවා
ඔය සේරම අසෘතවත් පෘතජනයගේ දෘෂ්ඨි
අද අපි ගන්නේ මොකක්ද? ආත්මයක් නැත" කියලා
රූපයක් දැක්කම සත්ත්ව පුද්ගල සංඥාවක් එනවලු, ඒක නැති කරගන්න ඕනෙලු, ඒක නැති කරගත්තම නිවන් දකිනවලු
අපි මෙච්චර කල් වැඩුවේ ඕකයි. මම ඉන්නවද නැද්ද බැලුවා
දුක ඇතිවෙන හැටි දැක්කෙත් නෑ, දුක නැති වෙන හැටි දැක්කෙත් නෑ
සෝවාන් වුනේ නැති අසෘතවත් පෘතජනයගෙන් බණක් අහලයි ඔහොම වුනේ
අසෘතවත් පෘතජනයගෙන් බන අහලා කවදාවත් සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න බෑ
සෘතවත් ආර්ය ශ්‍රාවකයා ලෝකෝත්තර සම්මාදිට්ඨියට ආව කෙනෙක්
චතුරාර්ය සත්‍යයේ මම කියලා කෙනෙක් කොහේවත් නෑ
දුක ඇතිවෙන්නේ තන්හාවෙන්. දුක ණැති කරන්න නම් තන්හාව නැති කරන්නයි ඕනේ
කෑලි කෑලි කඩලා බලලා මම නැති කරන්න කිව්වේ නෑ
සබ්බාසව සූත්‍රයේ තවත් කියනවා දර්ශනයෙන් ආශ්‍රව නැති වෙන්නේ දුක්ඛේ ඥානං, දුකඛසමුදයේ ඥානං, දුක්ඛනිරෝධ ගාමිනීපටිපදා ඥානං වලින්
මම ඉන්නවද, මම නැද්ද කියලා කතා කරන්නේ අසෘතවත් පෘතජනයායි
සබ්බාසව සූත්‍රයේ මෙච්චර කල් බන අහන්න ගිහාම උඩින් තියන මාතෘකා ටික කියනවා, පැය 2ක් බන අහනවා. ඒත් සූත්‍රයේ තිබුණු මොකක් වත් බනේ නෑ..
මම කියලා කෙනෙක් නැත්නම් මා සතු, අන් සතු කියන පව, පින පාන්වන්න බැරි වෙනවා. එතකොට අන්සතු කෙනෙකුගේ දෙයක් ගත්තම පවක් වෙන්න බෑ
මගේ නොවේ කියන්නේ තන්හාවයි නැත්තේ
බුදුහාමුදුරුවන්ගේ පාත්තරේ බුදුහාමුදුරුවන්ගේ තමයි. හැබැයි ඒක ගැන තන්හාවක් තමයි නැත්තේ. මගේ එක හොඳයි කියලා ඒක ගැන මානයක් තමයි ණැත්තේ
ඒ මොකද? පාත්තරේ රත්තරන් වුනත් ඒක අනිච්චයි
යදනිච්චං තං දුක්‌ඛං යං දුක්‌ඛං තදනත්තා යදනත්තං
තං නේතං මම, නේසෝ හමස්‌මි, නමෙසෝ අත්තා'
නේතං මම (න ඒතං මම) කියන්නේ -"මම නෑ නෙවෙයි" කියන එක නෙවෙයි,
නේතං මම (න ඒතං මම) කියන්නේ- "මගේ නෙවෙයි" කියන එකයි
නේසෝ හමස්‌මි (න ඒසෝ අහං අස්‌මි) කියන්නේ- "මානය"
මම නෑ මම ඉන්නවා කියන එක නෙවෙයි
නමෙසෝ අත්තා (න ඒසෝ මේ අත්තා) කියන්නේ- "මාගේ ආත්මය නෙවෙයි" කියන එක නෙවෙයි
ආත්මයක් ඇත කියන එක ශාශ්වතවාදයයි. ආත්මයක් නැත කියන එක උච්ඡේදවාදයයි
සෝවාන් වෙන්න චතුරාර්‍ය සත්‍යය අවබෝධයක් නෙවෙයි ගන්නේ. මම ඉන්නවද මම නැද්ද කියන එකයි
ඕක අත්ත අනත්ත කියන එකට දැම්මා
ඔය විදිහටම අනිච්ච, දුක්ක, අනාත්ම කියන එක ආවා
අනිත්‍ය නිසා දුකයි, දුක නිසා අනාත්මයි කියලා අරගත්තා
අනිත්‍ය හින්දා දුකයි. දුක හින්දා ආත්මයක් නෑ
ඕකේ ගැලපීමක් නැහැනේ
ආපහු යන්නේ මිත්‍යාදෘෂ්ඨියකට
වතුර මලක් දිහා කෙනෙක් බලාගන ඉන්නවා. එයාට පේනවා වතුර මලේ චූටි චූටි වතුර බින්දු උඩට විදලා ආපහු පහලට වැටෙනවා. උඩට ගිය ගමන් ඒවා පහලට වැටෙනවා.
දැන් ඕක දිහ බලාගන ඉන්න කෙනා දකිනවා "හේතු නිසා හටගන හේතු නැතුවම නිරුද්ධ වෙනවා" කියලා දැකගන ඔතන වතුර මලක් නෑ කියලා හිතුවොත් හරිද?
දුක, දුක වේ. නමුත් දුක්ඛ ආර්‍ය සත්යය නොවේ.
සමුදය, සමුදය වේ, නමුත් සමුදය ආර්‍ය සත්යය නොවේ.
නිවීම් තියනවා, ඒත් ඒවා නිවන නෙවෙයි
ඔන්න ඔය වගේ තමයි මේත්. සමුදයක් වෙනවා. වතුර මලක් ඇති වුනාම සමුදයක් වෙනවා.
ඒක සත්‍යයක් තමා. ඒත් සමුදය ආර්‍ය සත්‍යය නෙවෙයි
ජන්ද රාගය තියනවා නම් සසර ගමන යනවා. ජන්දරාගය නැත්නම් නිවන් දකිනවා
ඔන්න සමුදය ආර්‍ය සත්යය වෙන්නේ
නිරෝධ ආර්ය සත්යය වෙන්නේ ජන්ද රාගය ඉවර නම් සසර ගමන ඉවරයි
බත ලිපේ තිබ්බම ඉදෙනවා
ස්විච් එකක් දැමම ලයිට් පත්තු වෙනවා
ඔව්වට කියන්නේ සමුදය කියලයි. ලෝක සමුදය
සමුදය ආර්‍ය සත්‍යයය නෙවෙයි
අ..ම්..මා කියලා ඇහුනොත් ඒ අකුරු ටික අරගන අපි හිතෙන් අම්මා කියලා හදාගන්නවා
එතන සත්වපුද්ගල ආත්ම සංඥව අරගන නැති දෙයක් හදාගත්තා නෙවෙයි.
අ..යන්නත් ඇහුනා, ම්...යන්නත් ඇහුනා..මා..යන්නත් ඇහුනා.අම්මා කියලා වචනයක් තියනවා. ඒක තමයි සංඥාව. සංඥාව කියන්නේ පරමාර්ථ ධර්මයක්
පරමාර්ථ ධර්ම කියන්නේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන
අම්මා කියන්නේ සංඥාවක්, සංඥා කියන්නේ චෛතසිකයක්
චෛතසික කියන්නේ පරමාර්ථ ධර්මයක්.
එහෙනම් අම්මා කියන්නේ පරමාර්ථ ධර්මයක්
අම්මා කියලා ඇහුන පලියට අපිට දුකක් ආවේ නෑ. ඉතුරු ටිකත් අහන්න ඕනේ
"අ..ම්..මා... මි…ය ගි…..යා" කියලා ඇහුනොත් තමයි දුක එන්නේ.
කලින් කිව්වා වගේ බුදු කෙනෙක් බන කියලා පිරිනිවන්පෑවට පස්සේ කෙමෙන් කෙමෙන් ලෞකික අර්ථ එලියට එනවා. මේ තියෙන්නේ සාසනේ නැති වෙන තවත් ක්‍රමයක්
කවියෙන් බන කියනවා
"මහණෙනි, එහෙයින් ම මතුකාලයෙහි භික්ෂූහු වන්නාහ. (ඔහු) තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දක්වන ශුන්‍යතාධර්මය පවසන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති නො වන්නාහ. කන් යොමු නො කරන්නාහ. අවබෝධය පිණිස සිත නො එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි පිරිවැහිය යුතු ය යි නොසිතන්නාහ. කවීන් විසින් කරණ ලද කවීන් විසින් නිපදවන ලද විසිතුරු ව්‍යඤ්ජන ඇති සස්නෙන් පිටත්හි වූ (අන්) සව්වන් විසින් දෙසන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනක් වෙද්ද, ඔවුන් කියනු ලබන කල්හි අසනු කැමති වන්නාහ. කන් යොමු කරන්නාහ. අවබෝධය පිණිස සිත එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි ද පිරිවැහිය යුතු ය යි ද හඟින්නාහ. මහණෙනි, මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්මය පැවසෙන සූත්‍රාන්තයන්ගේ අතුරුදහන් වීම වන්නේ ය."
(සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, ඔපම්ම සංයුක්තය, ආණි සූත්‍රය)
ඔන්න ඔය විදිහට ලෞකික අර්ථ සේරම එලියට ඇවිල්ලා නිවන් මඟ වැහෙනවා
14.0 (4 වෙනි ධ්‍යානය දක්වා යෑමට) මෙනෙහි කල යුතු කර්මස්ථාන වලින් කිහිපයක්
මෙම කර්මස්ථාන සියල්ලටම පදනම් වී ඇත්තේ ත්‍රිපිටකයෙන් උපුටාගන්නා ලද වාක්‍ය කාණ්ඩ බව සලකන්න
1) අනන්ත වූ සංසාරයේ මා පැමිණි ගමනේ
මාගේ සිත, කය , වචනය යන තුන් දොරින්
ආර්ය මහා සංඝ රත්නයටත්, බුද්ධ ශාසනයටත්,
සියළු ලෝක සියළු සත්වයන්ටත්
යම් අවැඩක් අසාධාරණයක්, සිදුවීනම්
මට කමා වෙත්වා...!!! කමා වෙත්වා..!!! කමාවෙත්වා...!!
2) මාගේ ශරීරයෙන් පිටවන කිසිදු කිරණයක්
බාහිර පරිසරයේ සිටින කිසිදු සත්වයෙකුට
හිංසාවක් පීඩාවක් නොවේවා...
3) ඉතිපී සෝ භගවා..(ගාථාව 2-3 වරක් මෙනෙහි කරන්න)
4) උතුරු දිශාවේ සත්ත්වයෝ
සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා...
සකෘදාගාමී ඵලයෙන් නිරොගි වෙත්වා...
අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා...
අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා...
නිවන් දකිත්වා....///
දකුණු දිශාවේ සත්වයෝ.. (ඉහත පරිදි)
බරහිර දිශාවේ සත්වයෝ..(ඉහත පරිදි)
නැගෙනහිර දිශාවේ සත්වයෝ..(ඉහත පරිදි)
උතුරු අනු දිශාවේ සත්වයෝ..(ඉහත පරිදි)
දකුණු අනු දිශාවේ සත්වයෝ..(ඉහත පරිදි)
නැගෙනහිර අනු දිශාවේ සත්වයෝ..(ඉහත පරිදි)
බටහිර අනු දිශාවේ සත්වයෝ..(ඉහත පරිදි)
සියළු ලෝක සියළු සත්වයෝ..(ඉහත පරිදි......////)
5) ඇස අනිච්චයි...දුඃඛයි...අනත්තයි....
මම යැයි ගැනිමට, මගේ යැයි ගැනීමට
මගේම යැයි ගැනීමට සුදුසු නොවන්නෝමය....
රූපයෝ අනිච්චයි, දුඃඛයි අනත්තයි...
මම යැයි ගැනිමට, මගේ යැයි ගැනීමට
මගේමයැයි ගැනීමට සුදුසු නොවන්නෝමය...
චක්ඛු විඥ්ඥානයෝ අනිච්චයි, දුඃඛයි අනත්තයි...
මම යැයි ගැනිමට, මගේ යැයි ගැනීමට
මගේමයැයි ගැනීමට සුදුසු නොවන්නෝමය...
කන/ශබ්ධ/සෝත විඥ්ඥානයෝ....නාසය/ගන්ධය/ඝාන විඥ්ඥානයෝ...
දිව/රස/ජිව්හා විඥ්ඥානයෝ...කය/ස්පර්ශය/කාය විවිඥ්ඥානයෝ ...
මන/සිතුවිලි/මනෝ විඥ්ඥාන ඉහත පරිදි.....///// ලෝකය අනිචයි...දුඃඛයි...අනත්තයි...
6) ඇස සමුදුරකී රූපයෙන් නොපිරෙනා…
කන සමුදුරකී ශබ්ධයෙන් නිපිරෙනා…
දිව සමුදුරකී රසයෙන් නොපිරෙනා…
නාසය සමුදුරකී ගන්ධයෙන් නොපිරෙනා…
කය සමුදුරකී ස්පර්ශයෙන් නොපිරෙනා…
මන සමුදුරකී ධම්මයෙන් නොපිරෙනා…
7) රූපය අසාරයි......පෙන පිඬුව සේ අසාරයි…
වේදනා අසාරයි......දිය බුබුල සේ අසාරයි…
සංඥා අසාරයි......මිරිඟුව සේ අසාරයි…
සංඛාර අසාරයි......කෙසෙල් කඳ සේ අසාරයි…
විඥ්ඥාන අසාරයි......මායාව සේ අසාරයි ...
8) ඇස ඇවිලගත්තේය... රූපය ඇවිලගත්තේය...
චක්ඛු විඤ්ඤානයෝ ඇවිලගත්තේය...
කුමකින් ඇවිල ගත්තේද..
රාග ගින්නෙන් ඇවිලගත්තේය...
ද්වේෂ ගින්නෙන් ඇවිලගත්තේය...
මෝහ ගින්නෙන් ඇවිලගත්තේය...
එ ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා...///
කන/ශබ්ධ/සෝත....නාසය/ගන්ධය/ඝාන...
දිව/රස/ජිව්‍යා...කය/ස්පර්ශය/කාය විඤ්ඤානය ...
මනස/සිතුවිලි/මනෝ විඤ්ඤානය (ඉහත පරිදි )
9) රූප නිරෝධයි නිවන්සුව දැනෙනවා...
වේදනා නිරෝධයි නිවන්සුව දැනෙනවා...
සංඥා නිරෝධයි නිවන්සුව දැනෙනවා...
සංඛාර නිරෝධයි නිවන්සුව දැනෙනවා...
විඤ්ඤාන නිරෝධයි නිවන්සුව දැනෙනවා...
ලෝකය නිරෝධයි නිවන්සුව දැනෙනවා....////
10) මටද සියළු ලෝක සියළු සත්ත්වයන්ටද
චක්ඛු අස්සාදයෝ
මායාවකි... මුලාවකි... මිරිඟුවකි...
අනිච්චයි... දුක්ඛයි...අසාරයි
අසාරවූ අස්සාදයෝ..
නිරෝධයි...///
නිවන් සුව දැනෙනවා...///
සෝත ආසාදයෝ (ඉහත පරිදි )
ඝාන අස්සාදයෝ (ඉහත පරිදි )
ජිව්හා අස්සාදයෝ (ඉහත පරිදි )
කාය අසාදයෝ (ඉහත පරිදි )
මනෝ අස්සාදයෝ (ඉහත පරිදි )
11) කාම ලෝක අනාථයි.....…. රූප ලෝක අනාථයි.......
ඇරූප ලෝක අනාථයි....... සියළු ලෝක අනාථයි.......
නිවන් සුවම නාථයි...... නිවන් සුව දැනෙනවා...////
12) ඒතං සන්තං ඒතං පනීතං
යදිදං සබ්බ සංඛාර සමතෝ
සබ්බූපධි පටිනිස්සග්ගෝ
තණ්හක්ඛයෝ..
විරාගෝ..නිරෝධෝ..නිබ්බානංතී....///
13) රාග ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා...
ද්වේෂ ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා...
මෝහ ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා...
සියළු ගිනි නිවි නිවී නිවන් සුව දැනෙනවා...////
14) නිවන් සුව දැනි දැනි "රාග" ගිනි නිවෙනවා...
නිවන් සුව දැනි දැනි රාග "ද්වේෂ" නිවෙනවා...
නිවන් සුව දැනි දැනි රාග "මෝහ" නිවෙනවා...
නිවන් සුව දැනි දැනි රාග "ලෝක" නිවෙනවා...////
15) රාග ගිනි නිවි නිවී ආලෝක නැඟෙනවා......
ද්වේෂ ගිනි නිවි නිවී ආලෝක නැඟෙනවා......
මෝහ ගිනි නිවි නිවී ආලෝක නැඟෙනවා......
සියළු ගිනි නිවි නිවී ආලෝක නැඟෙනවා......
රාග ගිනි නිවි නිවී ආලෝක නැඟෙනවා......
ආලෝක නැඟි නැඟී නිවන් සුව දැනෙනවා...
ද්වේෂ ගිනි නිවි නිවී ආලෝක නැඟෙනවා......
ආලෝක නැඟි නැඟී නිවන් සුව දැනෙනවා...
මෝහ ගිනි නිවි නිවී ආලෝක නැඟෙනවා......
ආලෝක නැඟි නැඟී නිවන් සුව දැනෙනවා...
සියළු ගිනි නිවි නිවී ආලෝක නැඟෙනවා......
ආලෝක නැඟි නැඟී නිවන් සුව දැනෙනවා...
නිවන් සුව දැනි දැනී ආලෝක නැඟෙනවා..//
ආලෝක නැඟි නැඟී නිවන් සුව දැනෙනවා...
16) නත්ථිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං...
නත්ථිමේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං...
නත්ථිමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං...
නත්ථිමේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං...////
17) ජයෝ මුනින්දස්‌ස සුබෝධි මූලේ
අහෝසි මාරස්‌ස පරාජයෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්ෙච්න ජයස්‌සු මය්හං.....///
*****************************************************************************
"නිස්සරණය කරා | Nissaranaya Kara" යූටියුබ් චැනලයේ ඇති
ඕස්ට්‍රේලියාවේ ධම්මදින්නා මෙහෙණින්වහන්සේගේ ධර්ම දේශනා
හා
"නිරපේක්ෂත්වයේ මග | Nirapekshathwaye Maga" යූටියුබ් චැනලයේ ඇති
වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා
ඇසුරින් සකස් කළේ
සමන් රත්නායක
[email protected]

මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න
නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
නිවන්_මඟ_මෙන්න-(Part 20/20)
ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්

Last edited: