නිවන්_මඟ_මෙන්න-17/20

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(17/20)

    9.1 “මන ධම්ම” ක්‍රියාත්මක වෙන හැටි

    කෙනෙක් දැක්කම ප්‍රියමනාම බවක් දැනෙනවා. ඒ දැනෙන්නේ පෙර භවයක හදලා දාපු කර්මයක් නිසයි
    එහෙම වෙන්නේ පෙර සසරේ එයා එක්ක හදලා තිබුණ "ධම්මයක්" අපේ "මන" ට ගැටුනහමයි. ඔතන රාග ද්වේෂ කතාවක් නෑ.

    සමහර අය දැක්කම දිරවන්නේ නෑ. එහෙම වෙන්නෙත් පෙර සසරේ එයා එක්ක හදලා තිබුණ "ධම්මයක්" අපේ "මන" ට ගැටුනහමයි එහෙම වෙන්නේ. ඔතන රාග ද්වේෂ කතාවක් නෑ.

    අපිට ඒ කෙනා ප්‍රිය වුනාට තව කෙනෙක්ට එහෙම නෑ.

    ඒක වෙන්නේ මෙහෙමයි

    ඇසට : චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඥ්ඥාන ධාතු
    කනට : සෝත ධාතු, ශබ්ධ ධාතු, සෝත විඥ්ඥාන ධාතු
    නාසයට : ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාන ධාතු
    දිවට : ජිව්හා ධාතු, රස ධාතු, ජිව්හා විඥ්ඥාන ධාතු
    කයට : කාය ධාතු, කොට්ඨබ්බ ධාතු, කාය විඥ්ඥාන ධාතු
    මනට : මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥ්ඥාන ධාතු..... ඔය වගේ ධාතු 18ක් තියනවා

    චක්කු විඥ්ඥානධාතු කියන්නේ: චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායන්තං, මනින්ද්‍රියං, විඥ්ඥානං, විඥ්ඥානස්කන්ධෝ

    චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චිත්තං, මනෝ, , හදයං, පණ්ඩරං, මනෝ මනායන්තං, මනින්ද්‍රියං, විඥ්ඥානං, විඥ්ඥානස්කන්ධෝ
    (අභිධර්ම පිටකය, විභඞ්ගප්‍රකරණය 1, ධාතුවිභඞ්ගය)

    (කලින් විස්තර කරගන ඇවිත් නැවැත්තුවේ ඔතනයි )

    සාමාන්‍යයෙන් නම් චක්ඛු විඥ්ඥානය හැදෙන "චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිඥ්ඥානං" නෙවෙයි මෙතන තියෙන්නේ
    චිත්තයේ ඉඳන් විඥ්ඥාණස්කන්ධය වෙනකම් හැදෙන අදියර 9ක් මෙතන තියනවා

    චිත්ත : වෙනස් වෙනස් අරමුණු දැනගැනීමේ හැකියාව. දෙයක් දැක්කම වර්ණ කිහිපයක් තිබීම
    මනෝ : මනිනවා. නිල් පාටයි කහ පාටයි ම්නගන්න බැරි නම් ඒට පේනවා
    මානසං :මැන මැන ගත්ත ඒවා එකතු කරලා පෙන්නනවා
    හදයං : ඒකත් එක්ක ඇහෙන් බලන්න හාද වෙන්න ඕනේ. හැබැයි කෙලෙස් නෙවෙයි
    පණ්ඩරං : පන තියෙන්න ඕනේ
    මනෝ මනායන්තං, මනින්ද්‍රියං, :පෙනුන දේ ඇහෙන් අරගන පරන දත්ත ගෙනත් ඇහැ මනෝ ඉන්ද්‍රියක් කරගන්න ඕනේ
    විඥ්ඥානං : දැක අඳුනගන තීන්දු කරගන්නවා
    විඥ්ඥානස්කන්ධෝ

    ඇහෙන් ගත්ත දත්තය මනෝ මනායන්තං හරහා ගිහින් තමයි අඳුනාගත්තේ. හැබැයි තවම කෙලෙස් නෙවෙයි

    රහතන්වහන්සේටත් පාරේ යද්දී බලන්න සිද්ධ වෙනවා. "ඉච්චාව" කියන්නේ හැම වෙලේම කෙලෙස් නෙවෙයි

    ඩයිනමෝ එකකින් කරන්ට් එක දෙන්නේ කැරකුනහම විතරයි කරන්ට් එක ඩයිනමෝ එක ඇතුලේ තිබුනේ නෑ. කරකවද්දී තමයි හැදුනේ. ඒ වගේම තමයි "මන නිර්මාණය වෙන්න නම් ඵස්ස සම්ප්‍රයුත්තයි" ස්පර්ශයකින් තොරව මන නිර්මානය වෙනෙනේ නෑ

    ආයත විදිහට ගත්තොත්:

    විඥ්ඥානය ස්කන්ධ, ආයතන, ධාතු විදිහට විස්තර කරනවා කියලා ස්කන්ධ, ධාතු විදිහට විස්තර කරන එක ගැන උඩින් තිබුනා.

    ඒත් ආයතන ගැන විස්තර කලේ නෑ. මනායතයත් 1-10 ආකාරයකට විස්තර කරානවා එක පහත තියනවා කිව්වේ. ඒ කොටස තමයි මේ.

    "එහි මනායතනය කවරෙ යත්:
    එක් ප්‍රකාරයෙකින් මනායතනය වෙයි, ස්පර්ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
    ද්වීප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
    ත්‍රිප්‍රකාරයෙකින් මනායතනය වෙයි: කුශල, අකුශල, අව්‍යාකෘත වූයෙක් ඇති.
    චතුෂ්ප්‍රකාරයෙකින් මනායතනය වෙයි: ...........
    පඤ්චප්‍රකාරයෙකින් මනායතනය වෙයි: ...........
    ෂට්ප්‍රකාරයෙකින් මනායතනය වෙයි: ..............
    සප්තප්‍රකාරයෙකින් මනායතනය වෙයි: ............
    අෂ්ටප්‍රකාරයෙකින් මනායතනය වෙයි: ...............
    නවප්‍රකාරයෙකින් මනායතනය වෙයි: ............
    දශප්‍රකාරයෙකින් මනායතනය වෙයි: ..............."

    (අභිධර්ම පිටකය, විභඞ්ගප්‍රකරණය 1, ආයතනවිභඞ්ගය)

    ද්වීප්‍රකාරයෙකින් "සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති" කියන එකේ සහේතුක කියන්නේ හේතු ඇතුව මනායතනයක් හටගන්නවා
    හේතු තමයි ලෝභ ද්වේෂ මෝහ, අලෝභ අද්වේෂ අමෝහ
    අහේතුක්ව තමයි "අව්‍යාකෘත පටිච්චසමුප්පාදය"

    ත්‍රිප්‍රකාරයෙකින් මනායතනය වෙයි කියලා 3ක් තියනවා කියන්නේ සැප දුක් උපේක්ෂා හරහා මනායතනය හටගන්නවා

    ඔන්න ඔය විදිහට මනායතනය හටගත්තට පස්සේ තමයි මනට ධම්ම ලෝකයේ තියන ධම්මයක් ගට්ටනය වෙන්නේ

    අන්න ඒකෙන් තමයි සැපයක්, දුකක් ගෙනත් දෙන්නේ. ඒ කියන්නේ උපේක්ෂා රූපයකින් සැපක් ගෙනත් දෙනවා (තවම කෙලෙස් නෑ ). අපි හිතනවා මේ සැප ගෙනත් දුන්නේ රූපයෙන් කියලා

    අන්න ඒ සැප ට ඇලෙනවා... ඇලිලා විපරිනාම දුක්ඛ හදාගන්නවා
    දුකක් ආවොත් ගැටෙනාව.. ගැටිලා දුක්ඛ දුක්ඛ හදාගනන්වා
    සැප දුක් නැතුව උපේක්ෂා ආවොත් සංඛාරදුක්ඛ හදාගාන්නවා

    ඇලීම ගැටීම පටන්ගන්නේ ඔතනින්

    ඇහැට රූපයක් ගැටුනම මන නිර්මාණය වෙනවා වගේම කනට ශබ්ධයක්, දිවට රසයක් .......වගේ අනිත් සේරටමත් ඔය වගේම මනායතනය නිර්මාණය වෙනවා

    9.2 මන ධම්ම ගැටෙන අයුරු චිත්ත වීථියක චිත්තක්ෂන වලින්

    මනට ධම්ම ගැටෙන්න කලින් ඇසට රූපය පේනවා. ඒ නිසා ඇසට රූපයක් පෙනෙන හැටි ගැන මුලින්ම දැනගන්න ඕනේ චිත්ත වීථි වලින්. (5 වෙනි චිත්තක්ෂණයේ ඉඳන් තමයි ඇසට රූපයක් පේන්නේ. මනෝද්වාරික චිත්ත වීථි වල පටන්ගන්නේ ත් 5 වෙනි එකේ ඉඳන්). (මුල් 1,4,3,4 නෑ. )

    චක්ඛුද්වාරික චිත්ත වීථියක් ගමු

    දැනගැනීමට තියන කැමැත්ත නිධන් කරගත්ත කර්මයෙන් අපිට හිතක් ලැබෙනවා. ඕනෑම ආරම්මනයක් දැනගැනීමේ ලක්ෂණය තමයි "චිත්ත" කියන්නේ. භවාංග සිත තියෙන්නේ මොකක් හරි දැනගැනීමේ අරමුනෙන්

    1, 2, 3 චිත්තක්ෂණ වල "චිත්ත" කියන එක තියෙන්නේ. වේදනා සංඥා, චිත්ත සංඛාර කියන 3 විතරයි ඔතන තියෙන්නේ. (හිතක් උපදින්නේ නෑ වේදනා සංඥා නැතුව)

    4 වෙනි එක පංච ආවර්ජන කියන්නේ ආයතන 5 ක ඒවා විතරයි ආවරජනය කරන්නේ.
    මනස ඒකට අයිති නෑ. 4 වෙනි චිත්තක්ෂණය "ක්‍රියා" සිතක්, 1,2,3 වගේ "විපාක" සිත් නෙවෙයි

    4 වෙනි චිත්තක්ෂනයේත් "චිත්ත" ම තමයි තියෙන්නේ. එතන පටිච්චසමුප්පාදය මෙහෙමයි

    "422. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂාසහගත වූ නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්මවිපාක වූ ක්‍රියාමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමොක්සය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ."
    (අභිධර්ම පිටකය, විභඞ්ගප්‍රකරණය 1, පටිච්‌චසමුප්‌පාදවිභඞ්ගය)

    5 වෙනි චිත්තක්ෂ්නයේදී චක්ඛු විඥ්ඥානය උපදිනවා. එතන මනිනවා. ඇහැට පේන එක කනට ඇහෙන එක මනිනවා. මේක රසයක්, ශබ්ධයක් කියලා මනිනවා. එතන තියෙන්නේ "මනෝ" කියන එකයි

    6, 7 දී තියෙන්නේ "මානසං" (පෙර දේවල් එක්ක විතක්ක විචාර තියනවා. )
    එතන තියන පටිච්චසමුප්පාදය "425. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්:...."

    8 දීත් මනෝ විතරයි තියෙන්නේ (5 වෙනි එකේ වගේ)

    9 ඉඳන් (ජවන් වලදී ) තමයි "හදයං" වෙන්නේ
    එතන ඉඳන් පටිච්චසමුප්පාද චක්‍ර වල අවිද්‍යාව තියනවා
    කලින් කිව්වා චර්යා විදිහට විඥ්ඥානය විස්තර කරනවා කියලා....මෙතන තියන්නේ අඥානචර්යා
    ඇයි අඥාන වෙන්නේ? රාග ද්වේෂ මෝහ යෙදෙන නිසා

    ජවන් 6 ගිහින් ඉවර වෙද්දී (9,10,11,12,16,14,15) විඥ්ඥානස්කන්ධයම හැදිලා ඉවරයි

    දැන් බලමු 5 වෙනි චිත්තක්ෂනයේ ඉඳන්
    5 වෙනි චිත්තක්ෂණයේ ඉඳන් තමයි චක්ඛු විඥ්ඥානය ඉපදෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි

    එලියේ තියෙන්නේ "වර්ණ රූපය" යි
    ඇතුලේ තියෙන්නේ "චක්ඛු ප්‍රසාද රූපයයි
    (චක්කු ප්‍රසාද රූපය අපිට ලැබුනේ පෙර කර්මයෙන්. ඇස් අන්ධ අයට පේන්නේ නෑ )
    ඔය 2 තිබුනට පෙනීමක් වෙන්නේ නෑ (චක්ඛුවක් වෙන්නේ නෑ). පෙනෙන්න නම් ඒ රූපය ඇහැට පතිත වෙන්න ඕනේ ආලෝකයක් එක්ක ඇවිල්ලා

    එහෙම පතිත වෙනවාත් එක්කම හිත උපදිනවා.
    ඇහේ පතිත වීමත් සමඟ උපදින හිතට කියනවා චක්ඛු විඥ්ඥානය කියලා
    ඔන්න ඔය 3 ම (ඒ කියන්නේ වර්ණය +චක්ඛු ප්‍රසාදය+විඥ්ඥානය) එකට ස්ඵර්ශ වීමත් සමඟම සහජාතව සර්වචිත්ත සාධාරන චෛතසික ධර්ම 7ක් ඇති වෙනවා
    වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ජීවිතේන්ද්‍රිය, ඒකාග්‍රතාව කියන 6යි ස්ඵර්ශයයි එක්ක 7යි

    "සර්ව චිත්ත සාධාරන" කියලා කියන්නේ හැම චිත්තයකම (හැම හිතකම ) ඔය ටික තියනවා
    1,2,3,4 චිත්තක්ෂණ වලත් ඔය 7 තියනවා. ඒත් චක්ඛු විඥ්ඥානය ඇතිවෙලා නෑ..ඒ නිසා ඒ වෙලාවල් වල පෙනීමක් ඇතිවෙලා නෑ

    පෙනීමක් ඇතිවුනාට පස්සේ ඔන්න එතකොට,

    චක්ඛු ප්‍රසාද රූපය -> චක්කායතනය වෙනවා
    වර්න රූපය - > රූපායතනයක් වෙනවා
    විඥ්ඥානය - > චක්ඛු විඥ්ඝ්නානය වෙනවා

    හිත උපදින්නම ඕනේ පේන්න. ඔතන රූපස්කන්ධයක් විතරයි තියෙන්නේ. පංචස්කන්ධයක් ඇතිවෙලා නෑ

    ස්පර්ශයත් එක්ක ඇතිවෙන අනිත් සර්වචිත්ත සාධාරන චෛතසික ධර්ම 6 මෙහෙමයි
    වේදනා - උපේක්ෂා
    සංඥා - මල, තවරුව, පෙති, දම්පාට, පිච්ච මල
    චේතනා - දැකීම, සිතීම, සිත ගොඩනැඟීම
    මනසිකාර - නැවත නැවත මෙනෙහි කිරීම
    ජීවිතේන්ද්‍රිය - චිත්ත චෛතසිකයන්ගේ පරම්පරා පැවැත්ම
    ඒකාග්‍රතාව - එකක් පමනක් අග්‍ර වීම

    ඔය කිව්ව සර්වචිත්ත සාධාරන චෛතසික ධර්ම ගැන ත්‍රිපිටකයේ තියෙන්නේ මෙහෙමයි

    "432. කවර ධර්‍මයෝ අව්‍යාකෘතහ යත්: යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින්, රැස් කළ හෙයින් රූපාලම්බන වූ උපේක්ෂා සහගත විපාක වූ චක්ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වෙදනාව වෙයි, සංඥාව වෙයි, චෙතනාව ‍ වෙයි, චිත්තය වෙයි, උපේක්ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්ද්‍රිය වෙයි, උපෙක්ෂේන්ද්‍රිය වෙයි, ජීවිතෙන්ද්‍රිය වෙයි. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි."
    (අභිධර්ම පිටකය, ධම්මසඞ්ගණීප්‍රකරණය, චිත්‌තොත්පාදකාණ්‌ඩය, අව්‍යාකෘත විපාක විඥාන, 183 පිටුව)

    මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි කිව්වේ කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. විපාකයක්

    ඔය වෙලේ පටිච්චසමුප්පාදය මෙහෙමයි

    "404. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් උපේක්ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ."
    (අභිධර්මපිටකය, විභංගප්‍රකරනය-1, පටිච්චසමුප්පාද විභංගය, 303 පිටුව)

    (සංඛාර > විඥ්ඥාන > නාම > ෂෂ්ඨායතන > ඵස්ස > වේදනා > භව> ජාති > ජරා මරණ)

    අවිද්‍යා පච්චයා > සංඛාර වලින් නෙවෙයි මේ පටිච්චසමුප්පාදය පටන්ගන්නේ
    "වේදනා පච්චයා තන්හා", තන්හා පච්චයා උපාධාන", "උපාධාන පච්චයා භවෝ" නෙවෙයි කෙලින්ම "වේදනාපච්චයා භවෝ" වෙලා

    මෙතන සංඛාර කියන්නේ "අවිද්‍යා පච්චයා සංඛාර" න්වෙයි. "විපාක සංඛාර"

    පෙර භවයකදී අපි "අවිද්‍යා පච්චයෙන් සංඛාරයෙන් හදාගත්ත තන්හා, උපාධාන, භව" වලින් හදාගත්ත ඵලය විදිහට අද ලැබෙනාඅ සංඛාර,විඥ්ඥාන, නාම රූප, සලායතම්න, ස්ඵර්ශ, වේදනා භව ජාති

    ඔතන උදය වැය බලනවා නම් බලන්නේ මොකක්ද?
    පෙර අවිද්‍යා, තන්හා, කර්ම වලින් හැදුනා. ඒ අවිද්‍යා, තන්හා, කර්ම වලින් නැතිවෙලා යනවා කියන එකයි

    ඔය රූපයේ අම්මා ඉන්නවා කියලා කියමු, ඔතන රූපස්කන්ධයක් විතරයි තියෙන්නේ. පංචස්කන්ධයක් ඇතිවෙලා නෑ තවම
    අම්මා කියලා හඳුනගෙනත් නෑ (හඳුනගන්නේ 6, 7 දී තියන සංපටිච්චන, සංතීරන අවස්ථාවේදීයි)

    5 වෙනි චිත්තක්ෂනයේ චක්ඛු විඥ්ඥානය ඉපදුනාට පස්සේ ඔන්න 6,7 වෙනි චිත්තක්ෂන වලදී "මන ධම්ම" ක්‍රියාත්මක වෙනවා

    9.3 චක්ඛු විඥ්ඥ්ඥානය ක්‍රියාත්මක වුනාට පස්සේ මන ධම්ම ක්‍රියාතක වෙන හැටි

    මන ධම්ම කියන්නේ නාම රූප
    ධම්ම කියන්නේ අතීත භවයේ කර්ම
    ධම්මායතනයේ තියෙන්නේ සංඥ්ඥා, සංඛාර, විඥ්ඥ්ඥාන

    ස්පර්ශයක් වෙලා මනස -> මනායතනයක් වෙනවා, ධම්ම ->ධම්මායතනයක් බවට පත් වෙනවා

    ඔන්න ඇහෙන් රූපයක් දැක්කට පස්සේ මන ධම්මත් එක්ක චක්ඛු විඥ්ඥ්ඥය උපදිනවා
    ඊට පස්සේ මන+ධම්ම එක්ක විඥ්ඥ්ඥය ගැටෙන හැටි මෙන්න

    ධම්ම (ධම්මායතනය) + මනස (මනායතනය)+ විඥ්ඥ්ඥානය
    මන හෙවත් මනස කියන්නේ රූපයක් දැකපු එක
    ධම්ම කියන්නේ කලින් කිව්වා වගේ “අතීත භවයේ කර්ම”

    ඔය දෙක විඥ්ඥ්ඥානයත් එක්ක එකතු වුනාට පස්සේ පස්සේ සංපටිච්චන, සංතීරන අවස්ථාවේ (ඒ කියන්නේ චිතක්ෂන 6,7 දී) තියනවා විතක්ක විචාර

    මොනවද විතක්ක විචාර කියන්නේ?
    සංපටිච්චන හිතේ රූපයක් දැක්කට පස්සේ විමසනවා. විතක්ක කරනවා
    ඒ මොකක්ද? ඒ මලක්ද කිය කිය මනසෙන් විමසනවා.

    ඔය චිත්ත වීතිය යනකම් ඇහෙන් රූපය දැකගන ඉන්නේ. ඒ නිසා කියනවා "චක්ඛුද්වාරික චිත්තවීථි" කියලා

    "ස්පර්ශය හෙතුවෙන් සර්වචිත්ත සාධාරන චෛතසික ධර්ම 7ක් ඇති වෙනවා කලින් වගේම. සහජාතව උපදින්නේ (පෙර පසු නොවී )
    (කලින් විස්තර කලේ වර්නයත් එක්ක ඇස එකතු වෙන එකයි. මේ මන එක්ක ධම්ම එකතුවෙන එකයි )

    වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ජීවිතේන්ද්‍රිය, ඒකාග්‍රතාව කියන 6යි ස්ඵර්ශයයි එක්ක 7යි

    වේදනාව තමයි : "සැප, දුක්", උපේක්ෂා වේදනාව
    සංඥා තමයි: මලක්, දම් පාට පිච්ච මලක්
    චේතනාව තමයි: දැකීම, සිත ගොඩ නැඟීම ("විතක්ක, විචාර" මේ කවුද, අම්මද? කියලා විමසනවා)
    මනසිකාර තමයි : නැවත නැවත මෙනෙහි කිරීම (මනස ක්‍රියාත්මක වීම )
    ජීවිතේන්ද්‍රිය තමයි චිත්ත පරම්පරාවක පැවැත්ම
    ඒකාග්‍රතාව තමයි: එකක් පමණක් අග්‍ර වීම

    සංපටිච්චන හිත ලඟට ආවට පස්සෙයි "සැප, දුක්", උපේක්ෂා වේදනා මනසට ලැබෙන්නේ

    අන්න ඒ වෙලේ සැප වේදනාවක් නම් රාගයෙන්, දුක් වේදනාවක් නම් ද්වේෂයෙන් ගන්නවා. වොත්තපන අවස්ථාවේ අනිච්ච දුක්ඛ අනත්ත විදිහට ගත්තා නම් කර්ම හදන්නේ නෑ. "තදංග නිබ්බුත" යි

    පරිත්තාරම්භන, අති පරිත්තාරම්භන කියලා 2ක් තියනවා
    අඳුනගන්න ගොඩාක් අමාරු නම් ඒවට කියාන්වා අති පරිත්තාරම්භන කියලා
    අස් පේනවා අඩු නම් හෝ එළියේ කරුවල නම් හෝ, වස්තුව ගොඩාක් ඈත නම් වගේ වුනාමයි එහෙම වෙන්නේ

    ගොඩාක් අඳුරගන්නම අමාරු නම් අතිපරිත්තාරම්භන
    වස්තුව පැහැදිළි නැත්නම් (ඒ කියන්නේ පරිත්තාරම්භන, අති පරිත්තාරම්භන නම් ) ජවන් සිත් ගොඩනැඟෙන්නේ නෑ.
    චිත්තක්ෂ්න කිහිපයක් ගිහින් ආයේ මුල ඉඳන් පටන්ගන්නවා (ජවන් සිත් උපදින්නේ නෑ ඒ වෙලාවට)


    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited: