ඉරිහඳයා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 14 (ඉරි හඳයා)


    හිස මත ඇති සුදු පැහැති ලපයත් සිරුරේ ඉරි පිහිටීමත් හේතුවෙන් සාමාන්‍ය වහරේ ඉරි හඳයා නම් වී ඇති මේ කුඩා මත්ස්‍යයා අද දැඩි සේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි.
    සතුන් පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකළ ජර්මන් ජාතික පර්යේෂකයකුවන වර්නර් මහතා සිහිවීම පිණිස වර්නරි යනුවෙන් නම්කැර ඇති ඉරි හඳයා සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ ඇප්ලොචීලස් වර්නරි Aplocheilus werneri යනුවෙනි.
    කාප් පවුලේ මසුන් ඕලන්ද බසින් හඳුන්වන කිල්ඩේ Kilde යන වචනයෙන් බිඳී ආ කිල්ලි ෆිෂ් Killi fish යන වදනින් ඔවුන් ඉංග්‍රීසි බසින් හැඳින්වේ.
    ශ්‍රී ලංකාවේ කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ හා නිල්වලා ගඟ හා නිල්වලා ගඟ ආශ්‍රිත ඇළ මාර්ග ඇතුළු නිම්න ප්‍රදේශයන්හි දක්නට ලැබෙන ඉරි හඳයා මුහුදු මට්ටමින් මීටර 200ට වඩා ඉහළ ස්ථානයන්හි දක්නට ලැබේ.
    හොඳින් සෙවණ සහිත සෙමෙන් ජලය ගලා බස්නා ඇළ මාර්ග සිය වාසස්ථානය බවට පත්කරගෙන සිටින ඉරි හඳයන් වඩාත් ප්‍රිය කරන්නේ මැටි හෝ වැලි සහිත පත්ලක් ඇති ජල මාර්ගවල ජලයේ ඉහළ තලයේ පිහිනා යාමයි.
    ඉතා අලංකාර මාළුවකු වන ඉරි හඳයාගේ පිරිම මත්ස්‍යයාගේ සිරුර දෙපස දක්නට ලැබෙන අඳුරු පැහැති රේඛා හතරක් හෝ අටක් ඔවුන්ගේ අලංකාරය තවත් වැඩි කරයි.
    අතීතයේ දී විසිතුරු මත්ස්‍යයකු ලෙස අපනයනය කිරීම හේතුවෙන් ඉරි හඳයාගේ ගහණ ඝනත්වය අඩුවී ඇත. වනාන්තර එළි පෙහෙලි කිරීම, කෘමි නාශක භාවිතය, ගංඟා ඇල දොළවලට කැළි කසළ දැමීම ආදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්ව ඇති ඉරි හඳයා ලෝක සංරක්ෂණ සංගමය විසින් රතු දත්ත පොතට ද ඇතුලත් කැර ඇති සත්ත්ව විශේෂයකි.



    fish-05-Copy.jpg


    6457154903_8560543269_z.jpg



    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )


    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )


    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 (කොළ ගඩයා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 (මුහුදු ඌරා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 (රතු තොල් වැලිගොව්වා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 11 (විල්පිට දණ්ඩියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 12 (බුලත් හපයා )



    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 13 (තිලාපියා)