Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    පහුගිය දවස් ටිකේම එළකිරියේ දැක්කා ඩුවෙල් ක්ලච් ගැන විවිධ මත පල වෙනවා. ඒනිසා තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. වෙන වෙන මාතෘකා සම්බන්ධයෙන් පහුගිය කාලේ මම කතාකරාට වාහනයක් ගැන, ත්‍රෙඩ් එකකින් මේ කතා කරන්නේ බොහෝම කාලෙකට පස්සේ.. ඉතිං බොලාට මාව මතකද දන්නෙ නෑ.

    හරි ඒ පල් හෑලි සිහලුන්ට මොකටද නේද. කියන්න ආපු එක කියමුකෝ.

    10202045_201602e.jpg


    පෙර දෙසුම
    ඩුවෙල් ක්ලච් ගැන කතා කරද්දි සමහරු කියනවා දැක්කා විසෙල් තියනවා කියලා ලක්ෂ එකහමාර දුවපු. තාමත් ඩුවෙල් ක්ලච් අව්ලක් නාපුවා. :yes: සමහර ඒවගේ ඉතාම අඩු කිලෝමීටර් ගානකින් මේ අව්ල ඇවිල්ලලු. :baffled: :angry: එහෙම වෙන්නේ කොහොමද, :confused: වාසනාවද කියලා බොලාට හිතෙන්න පුලුවන්. :P

    එතකොට මේ ඩුවෙල් ක්ලච් වලට අපි බය වෙන්න ඕනේ ද? ඩුවෙල් ක්ලච් කියන අට මගලේ මොකද්ද. දැනට ඩුවෙල් ක්ලච් තියන වාහනයක් පාවිච්චි කරනව නම් මොනවද කරන්න ඕනේ. :cool: 2014 විතර ඩුවෙල් ක්ලච් තියන පාවිච්චි කරපු වාහනයක් ගන්න එක ඇගට ගුණද. මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයලා දෙන්න තමයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.

    ඇත්තටම මොකද්ද මේ ඩුවෙල් ක්ලච් කියන්නේ
    අපි මැනුවල් වාහනයක් ඩ්‍රයිව් කරද්දි මොකද කරන්නේ. ක්ලච් පැඩ්ල් එක පාගලා ගියර් මාරු කරනවා නේද. එතකොට මොකද වෙන්නේ. ක්ලච් එක දමලා පෑගුවම එන්ජින් එක සහ ගියර් බොක්ස් එක අතර සම්බන්ධතාවය තාවකාලිකව විසන්දි වෙනවා. ඒ අතරේ තමයි අපි ජහ පුතා කියලා ගියර් එක දාන්නේ. ඊට පස්සේ ක්ලච් එක අත අරිනවා. (අත අරිනවා කිව්වට පය අරිනවා බං) එතකොට අලුතින් මාරු කරපු ගියර් එකෙන් වාහනය ධාවනය ඇරඹෙනවා. පැහැදිලිනේ.

    ඔටෝ ගියර් වාහනයක නම් වැඩේ ඔටෝ වෙනවා කියලා බොලාට අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනේ.

    ඔටෝ ගියර් වාහන වල දැන් භාවිතා වෙන නවීනතම තාක්ෂණය තමයි cvt ගියර්බොක්ස් තාක්ෂණය. ඕනෙ නම් බලන්න මේ තියන්නේ, ඒ ගැන මම කලින් දාපු ත්‍රෙඩ් එකක්. https://www.elakiri.com/forum/showthread.php?t=1713530

    තාක්ෂණය
    මේ cvt ගියර්බොක්ස් තාක්ෂණය වෙනුවට වාහන නිෂ්පාදකයින් කීප දෙනෙක් විවිධ වාහන වර්ග වල භාවිතා වෙන තවත් තාක්ෂණයක් තමයි ඩුවෙල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් කියන්නේ. මේකෙදි මැනුවල් ගියර් බොක්ස් දෙකක එකතුවක් විදිහට වැඩ කරන තනි ගියර්බොක්ස් එකක් නිර්මාණය කරලා තියනවා.

    dual-clutch-transmission-13.gif


    මේකේ තියන විශේෂත්වය තමයි, ක්ලච් දෙකක් තනි තනිව ක්‍රියාත්මක වීම. ඒකෙදි එක ක්ලච් එකක් තියන්නේ ඔත්තේ ගියර් මාරු කරන්න. අනික තියන්නේ ඉරට්ටේ ගියර් මාරු කරන්න. මරු නේ.

    xm59eqadovwo4und3nqh.png


    :cool: හැබැයි මැනුවල් වාහනයක වගේ ක්ලච් එක පාගන්න ඕනෙ නෑ. මේ වැඩේ ඉලෙක්ට්‍රොනික්, හයිඩ්‍රොලික් කියන තාක්ෂණ සුසංයෝගයෙන් තමයි සිද්ධ වෙන්නේ.

    මේකේ තියන තවත් විශේෂත්වයක් තමයි සාමාන්‍ය ඔටෝ ගියර් වාහනයක වගේ මේකට ටෝර්ක්කක්න්වටරයක් අවශ්‍ය නොවීම. :yes: ඒ වෙනුවට මේකේ පාවිච්චි වෙන්නේ මල්ටි ප්ලේට්, වෙට් ක්ලච් එකක් හරි ඩ්‍රයි ක්ලච් එකක් හරි තමයි. ඔන්න ඔය වෙට් ක්ලච් එක වැඩ කරන්නේ ඔයිල් බාත් එකක් ඇතුලේ. ඒකයි ඒක වෙට් ක්ලච් වෙන්නේ. අනිත් වර්ගය ඩ්‍රයි ක්ලච් එක ඒ වගේ ඔයිල් ඇතුලේ නෙවෙයි වැඩ කරන්නේ. ඒක සාමාන්‍ය ක්ලච් එකක් වගේ වියලි තත්වයෙන් තියන එකක්.

    ඩ්‍රයි, වෙට් කියලා නෑ මල්ටි ප්ලේට් කලච් පොදුවේ ගියර් මාරු කරද්දි හයිඩ්‍රොලික් ක්‍රමය භාවිතා කරනවා. ඒකටයි ක්ලච් ඔයිල් විදිහට සාමාන්‍යයෙන් ඩොට් 4 ඔයිල් දාන්න ඕනෙ වෙන්නේ. ඒ කියන්නේ වෙට් වෙන්න නෙවෙයි. හයිඩ්‍රොලික් වැඩ කරන්න.

    වැඩ කරන හැටි බලන්න ආස නම් ඔන්න වීඩියෝ එකක්


    ඉතිං මේක අව්ල්ද?
    මේකේ වාසි අවාසි දෙකම තියනවා. වාසි තමයි ඉතා ඉක්මනින් ගියර් වලට මරු වෙන්න පුලුවන් වීම. ඒ නිසා cvt තරම් නොව්නත් සාමාන්‍ය ස්වයංක්‍රීය ගියර් බොක්ස් එකකට වඩා ඉක්මනින් ගියර් මාරු කරන්න පුලුවන්. සමහර පැති වලින් මේක cvt තාක්ෂනය අභිබවා යනවා. ඒ විතරක් නෙවෙයි මේ නිසා ලොකු ඉන්දන පිරිමැස්මක් ලැබෙනවා. :yes:

    නමුත් ඩුවෙල් ක්ලච් ගියර්බොක්ස් නිෂ්පාදන වියදම වැඩී. මේ නිසාම ඩුවෙල් ක්ලච් තියන වාහන වල මිල වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අලුත් වැඩියාව සංකීරණයි සහ මිල අදිකයි. උදාහරණයක් විදිහට හොන්ඩා විසෙල් එකක් ගත්තොත් මේකේ ඩුවෙල් ක්ලච් යුනිට් එක අලුතින් හයි කරන්න ලක්ෂ 4 කට ආසන්න මුදලක් වැය වෙනවා.

    අනිත් අවාසිය තමයි භාවිතය හා විවිධ තත්වයන් අනුව ඩුවෙල් ක්ලච් එකේ ආයුකාලය ඉක්මනින් අවසන් විය හැකි වීම.

    ඒ කිව්වේ?
    ඩුවෙල් ක්ලච් තාක්ෂණය කියන්නේ තරමක් පැරණි තාක්ෂණයක්. මේක දැනට වොක්ස්වැගන්, ෆෝඩ්, හොන්ඩා සහ සමහර කොරියන් වාහන වල පාවිච්චි වෙනවා. මේ තාක්ෂණය තාමත් සංවර්ධනය කරමින් තියන එකක් :dull:

    අපිට තියන ලොකුම ගැටලුව.
    අපේ රටේ තියන පාරිසරික තත්වයන්ට වගේම වාහන තදබදය එක්ක ඩුවෙල් ක්ලච් යුනිට් වලට තරග කරන්න වෙලා තියනවා. ඒ තරගය ඩුවෙල් ක්ලච් යුනිට් එකට විතරක් දීලා තිබ්බොත් යුනිට් එක ඒකෙන් පරදිනවා. ඉතිං ඩුවෙල් ක්ච් යුනිට් එකක් තියන වාහනයක අයිතිකාරයෙක් ඒ වාහන පදිද්දි සැලකිලිමත් වෙන්න ඕනෙ කරුනු තියනවා.

    ලොකුම ගැටලුවට පිලියම
    එකක් තමයි කන්දකදි නවත්තගෙන ඉන්නකොට බ්‍රෙක් එකෙන් කකුල ඉවත් නොකරන්න වගබලාගන්න ඕනේ. ඒ කියන්නේ වාහනය යන්න ඕනෙ වෙලාව වෙනකල් කකුල බ්‍රේක් එකේ තියාගන්න ඕනේ. අනික් කාරණය බ්‍රේක් එක ලාවට පාගගන ඉද්දි වාහනය හිමීට ඉදිරියට ඇදිලා යන්න නොදී ඉන්න ඕනේ. (creep කරන්න එපා) :eek: ට්‍රැෆික් එකකදිත් මේක අදාළයි. :eek: ඒ කියන්නේ ට්‍රැෆික් එකක වාහනය creep කරන්නෙ නැතුව අනිත් වාහන ටිකක් ඉස්සරහට යන්න දීලා, අපි යන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ බ්‍රේක් එකෙන් සම්පූර්ණයෙන් කකුල අරං යන්න පටන් ගන්න ඕනේ. ඒ වගේම කදු අදිද්දි ඉකෝ මෝඩ් ඕෆ් කරලා තියන එකත් ගුනයි.

    ඔන්න ඔය වැඩේ කරොත් මේ ඩුවෙල් ක්ලච් යුනිට් එක ප්‍රවේසම් කර ගන්න පුලුවන්. දැන් මුලින් කිව්වනේ සමහරු කිලෝමීටර් ලක්ෂ එකහමාර ඩුවෙල් ක්ලච් යුනිට් එකේ ගැටලුවක් එන්නේ නැතුව පැදලා තියනවා කියලා. අන්න එයාලගේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ එය ක්‍රමයට තමයි වාහනය එලවෙන්නේ.

    මීට අමතරව නිවැරදි කාළයට ක්ලච් ඔයිල් හා ගියර් එයිල් මාරු කරන්න ඕනේ.

    එහෙනම් සර්විස් රෙකෝඩ් තියන ෆස්ට් ඕනර් වාහනයක් මිලදී ගන්නවද
    සර්විස් රෙකෝඩ් වලින් අපිට කියන්න බෑනේ අයිතිකාරයා වාහනය පැද්දේ කොහොමද කියලා. ඉතිං සර්විස් රෙකෝඩ් තිබුනයි කියලා, පළමු අයිතිකාරයා පාවිච්චි කරනවා කියලා වාහනේ ඩුවෙල් ක්චල් යුනිට් එක යන්නෙ නෑ කියලා කියන්න බෑ. ඔන්න පලවෙනි අයිතිකාරයට වාහනය ඩ්‍රයිව් කරන්න දීලා මූ ඒක ඩ්‍රයිව් කරන ස්ටයිල් එක දිහා බලාගන හිටියොත් දල අදහසක් ගන්න පුලුවන් වේවි. ඒත් ඉතිං වැඩේ ෂුවර් නෑනේ. අනික විසෙල් එක. රත්තරං ලොක්කා ඕක ආපු කාලෙම කිව්වා කාර් චැසියක හදපු ජීප් කොටේ කියලා. ඉතිං ඒකේ බරට 2014 වගේ කාලයේ ඩුවෙල් ක්ලච් ලෙඩ දෙනවා වැඩී.

    එතකොට මේ අලුතින්ම එන ඒවගේ ඔය ප්‍රශ්නය නෑ කියන්නේ.
    නැති වෙන්න බෑනේ. අලුතින්ම එන විසෙල් වලත් එන්නේ ඩුවෙල් ක්ලච් තමයි. එකම විශේෂත්වය දැන්ම ඔය ගැටලුව එන්නෙ නැති වීම.


    පාවිච්චි කරපු ඩුවෙල් ක්ලච් වාහනයක් ගත්තොත් මොකද කරන්න ඕනේ
    සෙකන්ඩ් හෑන්ඩ් ඩුවෙල් ක්ලච් වාහනයක් ගන්න එක මම නම් රෙකමන්ඩ් කරන්නෙ නැ. ෆස්ට් ඕනර් උනත්, සර්විස් රෙකෝඩ් තිබුනත්. ඒකට හේතුව තමයි උඩ කිව්වේ. ඒ වගේම අලුත් ඩුවෙල් ක්ලච් වාහනයක් ගන්න කියලා කාටවත් උපදෙස් දෙන්නෙත් නෑ. මොකද අපි වගේ දුප්පත් රටක අමාරුවෙන් සල්ලි එකතු කරලා වාහනයක් ගනිද්දි, රෙපෙයාර් වලට ලොකු ලොකු වියදම් දරන්න ගොඩක් අයට අමාරුයි. ඒ වගේම ආයි විකුණ ගන්න පුලුවන් වෙන්නත් එපැයි.

    දැනටමත් අරං තියනව නම් ඒ කිව්ව විදිහ ගැන ඩ්‍රයිව් කරද්දි අවධානය යොමු කරන එක හොදයි. එතකොට ඩුවෙල් ක්ලච් යුනිට් එකේ රත්වීම අඩු කරගන ආයුකාලය වැඩි කර ගන්න පුලුවන්. ඒ වගේම මතක තියාගන්න බැරි වෙලාවත් ක්ලච් එක ඕවර් හීට් උනොත් මේක තාවකාලිකව අක්‍රීය තත්වයට පත්වෙනවා. එහෙම උනාම වාහනය ගැස්සෙන්න ගන්නවා. ඒ වගේම ඩෑෂ් බෝඩ් එකේ එරර් එකක් පෙන්වනවා. එහෙම උනොත් වහාම වාහනය නතර කරලා කූල් වෙන්න අරින්න ඕනේ.

    ඒ විතරක් නෙවෙයි වෙලාවට ක්ලච් ඔයිල්, ගියර් ඔයිල් මාරු කරන්න. කෝකටක් කියලා කෙල උනොත් හදාගන්න ලක්ෂ 4 ක් විතර බෑංක් ඩිපෝසිට් එකක දාලා තියන්න. ලීස් කරලා පර්ස් ලූස් කරලා මේවා අරං නාථානාත වෙන්න එපා.


    ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!
    තෙරුවන්සරණයි!


    කලින් වාහන ගැන දාපු ත්‍රෙඩ්.
    * වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ
    * වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට
    * කාර් එක සුමටව ධාවනය කරමු
    * බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
    * කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
    * සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
    * වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
    * වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
    * එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
    * වාහනවල දෝශ සෙවීමේ සටහන්
    * ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
    * පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    * පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
    * හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
    * රොටරි මෝලේ තරම
    * ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට (පරණ ත්‍රෙඩ් එක - 2014)
    * ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු (අලුත් ත්‍රෙඩ් එක - 2017)
    * වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    * කාබන් ෆයිබර් කාර්


     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,459
    113
    Eka paranak nuwaraelite yaddi vezel karayek para meda newathila,minissu bena bena yanawa.:rofl: pora sunga dala wahane tallu karanma hadanawz
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,923
    113
    Eka paranak nuwaraelite yaddi vezel karayek para meda newathila,minissu bena bena yanawa.:rofl: pora sunga dala wahane tallu karanma hadanawz

    Kandy yanakotath oya scene eka dakka ekaparak mama. But ekkenek witharai, bonnet eka open karala hitagena innawa
     
    • Like
    Reactions: Mr.Tom

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,923
    113
    පෝස්ට් එක නම් 120% සුපිරි, Rep+

    ඒ කියන්නේ ට්‍රැෆික් එකක වාහනය creep කරන්නෙ නැතුව අනිත් වාහන ටිකක් ඉස්සරහට යන්න දීලා, අපි යන්න පටන් ගන්න ඕනේ.

    ඕක කරලම බලන්න ඕන පිටිපස්සෙ උන් හෝන් උඩ නැගගන්නවා, බයිසිකලුයි ත්‍රීවිලුයි අස්සෙන් ඔබනවා, ඉස්සරහ ට්‍රැෆික් පොලිසියෙන් හිටියොත් රැවුම් බලන්නත් වෙනව :dull:
     
    • Like
    Reactions: ACHIK

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    yaluwek gawa thiyenawa vezel ekak machan 2014 BN genawe thama 45,000kms duwala thiyenne.. utai gedara ayatai kisima therumak thibbe na service kirili gana.. eka paarak vehicle parade ekaka yaddi Hitta kiyahanko hena gahanna wage Museaum eka issaraha N ekata daala thallu kara ainata :sorry::sorry: eetapasse dawasaka pallamaka gihin reverse kara 50m wage ethakotath Engine light ekai yellow triangle sign eka awith nawathuna.. 20mins wage idala thamai gatte :D:D dan eke gear shift wenneth na.. hambo vezel nan epa una bung ape set ekatama.. passei danagatte meh yaka haraka wage paddata service karanne na kiyala welawata :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Mr.Tom

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    yaluwek gawa thiyenawa vezel ekak machan 2014 BN genawe thama 45,000kms duwala thiyenne.. utai gedara ayatai kisima therumak thibbe na service kirili gana.. eka paarak vehicle parade ekaka yaddi Hitta kiyahanko hena gahanna wage Museaum eka issaraha N ekata daala thallu kara ainata :sorry::sorry: eetapasse dawasaka pallamaka gihin reverse kara 50m wage ethakotath Engine light ekai yellow triangle sign eka awith nawathuna.. 20mins wage idala thamai gatte :D:D dan eke gear shift wenneth na.. hambo vezel nan epa una bung ape set ekatama.. passei danagatte meh yaka haraka wage paddata service karanne na kiyala welawata :rofl::rofl::rofl::rofl:

    110, 121, 240 wage ekak nam 45000km eka paarak wath service karanne nathuwa diwwath maga hitina ekak nam na, (overall life expextancy aduwenawa thama)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2017 CAU vezel RS ekaka gear box ekak replace kara giya sathiye.
    28000Km duwala thibune.

    Dual clutch vehicle ganna epa machanla. Ubalage luck eka aul nam aniwa badu hambenawa.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom