ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කත&#353

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš

    agarwood-tree.jpg





    දැනට අවුරුදු හත අටකට ඉස්සර පත්තරවල, මාධ්‍යවල ලොකු ප්‍රචාරයක් දීලා වසර පහළොවකින් විතර ලක්ෂපතියෝ කරන වගා ව්‍යාපාර පිළිබඳ මතකද දැන්වීම් ගියා... මං මේ අද කතා කරන්න හදන්නේ අන්න ඒ වගේ ව්‍යාපෘතියකට අහුවෙච්ච එකසිය දහනව දෙනකුගේ කතාවක්... මේ එකසිය දහනම දෙනාම අද කොහේ කොහේ ඉන්නවාද දන්නේ නෑ... ඒත් එයින් එක්කෙනෙක් නම් මට එයාගේ ඒ වගා ව්‍යාපෘති ඉඩමේ ඔප්පු කොපියක් දීලා "අනේ ඒ ගැන පුළුවන්නම් හොයලා බලන්න" කිව්වා... ඉතිං අපි මුලින්ම එයාගේ කතාව අහලා ඉමු...
    මොකක්ද වුණේ...


    පත්තරේ ගියා දැන්වීමක්... ඉඩම් තියෙනවා තේක්ක වගා ව්‍යාපෘති තියෙන... පර්චස් පහළොවයි... ඒකේ ඒ ගොල්ලොම තේක්ක වවනවා... ඉඩම රුපියල් ලක්ෂ එකහමාරයි... අවුරුදු පහළොවකින් තේක්ක ගස් පහළොවක් හදලා දෙනවා... එක ගහක් ලක්ෂය ගාණේ දෙන්න පුළුවන්... එතකොට ලක්ෂ පහළොවක් අවුරුදු පහළොවකින් අපිට ලැබෙනවා... ඉඩමත් ඒ එක්කම අපිට ලැබෙනවා කියලා...
    ඉතිං...
    ඉතිං මාත් ගත්තා ඉඩම් බ්ලොක් දෙකක්... ඊට පස්සේ ඒ ඉඩම බලන්න අපිව එක්කගෙන ගියා ලොකු බස් එකක... බ්ලොක් වෙන් කරලා තිබුණේ... අපි ගොඩාක් අය ගියා... අපිටම ඉඩම් තෝරා ගන්න කිව්වා... ඒවාට ලීඩ් එක හදලා දෙනවා කිව්වා... මේ තියෙන්නේ ඒ ලීඩ්වල කොපි...
    එතකොට තේක්ක වවලද තිබුණේ...
    ඔව් පොඩි ගස් වවලා තිබුණේ... මුළු ඉඩම පුරාම...


    හරි ඊට පස්සේ...
    ඊට පස්සේ අපි ඒ ඉඩම් ගත්තා... ලෝයර් කෙනෙක් ගාව ලියලා එහෙම ෆයිල් එකක් දුන්නා...
    ඊට පස්සේ ඔයාලා සොයා බැලීමක් කළාද...
    අපිට කිව්වේ ඒ ගොල්ලෝ තේක්ක වගා ව්‍යාපෘතිය කරනවා කියලනේ... ඉතිං අපි ඒ ගැන එහෙම හොයලා බැලීමක් කළේ නෑ...
    ඉතිං දැන් ප්‍රශ්නෙ මොකක්ද...
    දැන් ඒ කොම්පැනියෙන් දුන්නු ෆෝන් නම්බර්වලට කතා කරන්නේ නෑ කවුරුත්... ඒ නම්බර් වැඩ කරන්නේ නෑ කියනවා...
    මේ තමයි පළමුවැනි කතාව... මට නිකන් මේකේ මොනා හරි මගඩියක් ඇති වගේ කියලා හිතුණු හින්දා ඇඹිලිපිටියේ ඔය කිව්ව ඉඩම හොයාගෙන ගියා... එහෙම යන අතරේ එහෙම ඉඩමක් ගැන ගොඩාක් අයගෙන් අහලා විස්තර කියලා බොහොම අමාරුවෙන් තැනට ගියා... ඒ ෆයිල් එකේ සඳහන් ඉඩමට යන ගේට්ටුව වහලා තිබුණේ... කිසි කෙනෙක් නැති හැම තැනම තේක්ක වවපු සුපිරි මහ ඉඩම අවුරුදු ගාණක් කිසිවකුගේ පාද ස්පර්ශය ලබලා තිබුණේ නෑ. ඉතිං මොකද කරන්නේ... වාහනේ නවත්තලා ඒ ඉඩමට යන තැන ෆොටෝ ටිකක් ගත්තා... එතකොට එතැනට කෙනෙක් ආවා...


    මහත්තයාගේ ඉඩමක් තියෙනවද මෙතැන...
    ඔව්... මගේම නෙවෙයි මගේ යාළුවෙක්ගේ...
    මේක බලන්නේ නැද්ද කවුරුවත්...
    කවුරුත් නම් ආවේ නෑ කාලෙකින්... මේ ගැන දන්න මහත්තයෙක් ඉන්නවා ඇඹිලිපිටියේ... මං නම්බර් එක දෙන්නම්... කතා කරලා බලන්න...
    ඉතිං මං ඒ විස්තර දන්න මහත්තයාගේ නොම්බරේත් ඉල්ලගෙන ඒ ලක්ෂ ගාණනක සල්ලි යටකරපු සියලු දෙනා වෙනුවෙන් ඔහුව හම්බුවෙන්න ගියා... ඔහුගේ කතාව ඇහුවාම මට හිතුණේ මොනවද මේ ඉඩම් ගත්ත අය දන්නේ කියලා... මගේ යාළුවත් මේ ගැන නොකියා හිටියා නම් අවුරුදු
    පහළොවකට පස්සේ නිකම්ම නිකන් හිස් ඉඩමක හිමිකාරියක් විතරයි ඇය...
    මොකක්ද මහත්තයා මෙතැන වෙන්නේ...
    මාත් දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා දැන්... ඔය ලීඩ් කොපියේ සඳහන් ඉඩම බලාගත්තෙ මං...
    බලාගත්තෙ කිව්වේ...


    බලාගන්නෙ කිව්වේ ඔය ඉඩම හදලා ඔය වගේ තේක්ක ව්‍යාපෘතියක් ආරම්භ කළේ... ඒ කියන්න ඔය නම තියෙන කොම්පැනිය (මාධ්‍ය සදාචාරය මත නම සඳහන් නොකරමු) තමයි මට ඒවාට මුදල් ගෙව්වේ... මං මගේ අය දාලා ඒක මේන්ටේන් කළා... පස්සේ ඒ කොම්පැනිය මට මුදල් එවන එක නතර කළා... ඉතිං මං ඒ අයට කිව්වා මං ඒ ඉඩම මේන්ටේන් කරන්න බෑ කියලා...
    මොකක්ද මේන්ටේන් කරනවා කිව්වේ...
    මේන්ටේන් කරනවා කිව්වේ ඔය ඉඩමේ වවලා තියෙන්නේ තේක්කනේ... මුළු ඉඩමෙම ඔහොම වැව්වා... අක්කර දහයක්... බ්ලොක් එකසිය ගාණක්... පර්චස් පහළොවේ බ්ලොක්... සමහරු දෙක තුන ගත්තා... කොහොම හරි මේ තේක්ක කියන්නේ එක එක කාලවලදී ගස් සුද්ද කරලා, අතු ඉති කපලා, කඳ විතරක් හදා ගන්න ගස් ජාතියක්නේ...
    ඉතිං...


    ඉතිං... මේ ඉඩම වගා ව්‍යාපෘතියකට ගත්ත කොම්පැනිය ඉඩම් ටික විකුණගන්නකම් විතරයි වැඩ කළේ... ඊට පස්සේ බැලුවේ නෑ... කොහොම හරි මේ ඉඩම්වල නිසි කාලෙට කිසි දෙයක් වුණේ නෑ... ගස් ඔහේ වැවුණා... හරි නම් අවුරුදු පහක් විතර යද්දී මේ ගස්වලින් හොඳ ගස් තියාගෙන අනෙක් ගස් ඉවත් කරන්න ඕනේ... ඒවා කළේ නෑ... ඔහේ වැවිලා තියෙන්නේ... මහත්තයා ඉඩම දැක්කනේ... කිසිම සංවර්ධන කටයුත්තක් කෙරුණේ නෑ... ගස් වැවිලා හැමතැනම අතු ඉති දාලා වැඩක් ගන්න බැරි තැනට පත් වෙලා...
    මේ ඉඩම් ගත්ත අය ආවේ නැද්ද බලන්න...
    මහත්තයා ඇරෙන්න කවුරුවත්ම මේ වෙන තුරු ඇවිත් නෑ... ඒ ඉඩම් ගත්ත හුඟක් අය ඒවා ගත්තේ තමන්ගේ දරුවන්ට... ඒ අය හිතාගෙන ඇති ඉඩම හරියට මේන්ටේන් වෙනවා... හරි වෙලාවට වැඩ කටයුතු කෙරෙනවා කියලා... ඒවුණාට ඒ මහ ඉඩම් දැන් කැලෑ වැදිලානේ... දැක්කනේ... පාරවල් හිටන් වැහිලා ගිහින්...


    දැන් මේ ඉඩම්වල තියෙන තේක්ක වවලා කොච්චර කල්ද...
    දෙදාස් අටේනෙ පටන් ගත්තේ... හරිනම් දෙදහස් ‍ෙදාළහේ දහතුනේ වගේ මේ ගස්වලින් හොඳ ගස් තියාගෙන අනෙක් ගස් අහක් කරන්න ඕනේ.... කොහොම හරි එක බ්ලොක් එකක ගස් විස්සක් විතර තමයි ඉතිරි කර ගන්නේ... දැන් නම් කල් පැනලා... කොහොම හරි අන්තිමට ගස් පහළොවක් විතර තමයි ඉතිරි වෙන්නේ...
    දැන් මොනවද කරන්න පුළුවන්...
    මං නම් දන්නේ නෑ... මං ඒ අයත් එක්ක සම්බන්ධ වුණේ මේන්ටේන් කරලා දෙන්න විතරයි... ඒත් ඉතිං දැන් ඒ ෆස්ට් ඕනර් නෙමෙයි ඉඩම් බලන්නේ... එයා ඒක වෙන කෙනකුට වික්කා කියලයි ආරංචිය... මං ඒ වැඩවලින් අස් වුණා...
    කොහේද එයාලගේ ඔෆිස් තිබුණේ...


    කඩුවෙල කොතලාවල හන්දියේ... මං අන්තිමට ඒ මැනේජර්ට ‍ෙදාස් කිව්වා... මේවා පව් වැඩ... මිනිස්සු අනාගත බලාපොරොත්තු තියාගෙන මේවාට සල්ලි යට කරන්නෙ... දුවට දෑවැද්දට... පුතාට ඉගෙන ගන්න... අනාගතේ බරක් නොවී දරුවන්ට ජීවත් වෙන්නනේ මේ වගේ දේකට මුදල් යොදවන්නේ... මේ කරපු දේ හොඳ නෑ කියලා මං හොඳටම ‍ෙදාස් කිව්වා... පස්සේ ඒ අයගේ කෙනෙක් ඇවිත් මගෙන් ඉඩමේ ගේට්ටුවේ තිබුණු යතුරු අරගෙන ගියා... මං කොහොමත් ලිඛිත දෙයකට අස්සන් කරලාවත් නෙවෙයි වැඩ කළේ... නිකන් කට වචනෙට... දැන් මං නිදහස්...
    ඔබ හිතන්නේ මේ කතාව ඉවරයි කියලද... නෑ මේ කතාව මං පටන් ගත්තා විතරයි... දැන් අනිත් මාධ්‍යවලිනුත් මේ ගැන කතා කරාවි... මං දන්නවා මේ ලිපිය බලපු හැමෝම දැන් තම තමන් මෙහෙම වගා ව්‍යාපෘතියකට ඒ වගේ සල්ලි යොදවලා තියේ නම් ආපහු හොයා බැලීමක් කරනවා කියලා... අපේ රටේ වෙන මගඩි එක්ක ගත්තාම මේක ඒ හැටි ලොකු එකක් නොවෙයි වගේ... ඒ වුණාට ලක්ෂේ ගාණේ තිව්වත් එකසිය දහනමදෙනෙක් කියන්නේ රුපියල් කෝටියකට එහා මුදලක්... ඔබට පුළුවන් මේ ගැන මොනවා හරි කරන්න... අඩු ගානේ එෆ්.සී.අයි.ඩී. එකටවත් කියන්න... මට ලැබුණේ මේ එක තොරතුරයි... මේ වගේ අනන්ත අය තව රටේ ඇති... ඉතිං ඒ අයට පුළුවන් එකතු වෙලා මොනවා හරි කරන්න... අඩුම තරමේ එතකොට තේක්ක ගහක්වත් නැති ඉඩම් කෑල්ලක්වත් බලන්න...


    මව්බිම පුවත්පත් ඇසුරෙනි


    Other Threads


    ඔබ කියවිය යුතු බෞද්ධ කතා


    අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
    මෛත්‍රී බුදුන් පහල වීම
    ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
    කළුතර පූජනීය බෝධීන් වහන්සේ
    චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
    සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
    අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා


    නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

    බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
    සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
    වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
    සෙම්ප්‍රතිෂ්‍යාව
    නිදා ගැනීම වැදගත්ද?
    හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
    ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
    පිලිකා පිලිබඳව නවතම තොරතුරු
    ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
    AC හීතල සමඟ එන ලෙඩ
    ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
    දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම

    අඹ කනවානම් මේකත් දැනගන්න.

    18+++

    Things You Should Know About Sex 18+
    හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
    How to get a Baby Boy or Girl
    Pubic Hair 21+++(යූනික රෝම)
    ස්වයංවින්දන‍‍යෙන් මිදීමට මග
    ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
    මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
    ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
    නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
    ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
    කොටු පනින බිරින්දෑවරු
    ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
    ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
    නිරුවතින් වැඩ කරන කොම්පැණිය
    ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
    නයි කයිද රෝස් පාන් කිව්වලු
    ගණිකාවක් එක්ක ලැග්ගොත්



    අනතුර අතලග

    කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
    නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
    ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
    තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
    ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස්‌ සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
    මීගමු වෙරළේ කප්පම් කාරයෝ
    First Time Naked
    රසයි කුකුළු මස් වසයි කතාබස්
    විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
    මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
    වෙරළේ ආදරේ මධුසමය වාහනේ
    නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
    මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
    Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
    Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
    පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
    කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
    අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
    ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
    මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
    පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

    යනකොට දඹදිව දැන ගමු මේ බව
    ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
    කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
    ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ



    නියම මිනිහෙක් වෙන්න බලන්න


    ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
    ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
    බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
    නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්


    පට්ට පටපට

    ගෑණු
    පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
    මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
    ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
    ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
    පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
    මගුල් කාර් ටෝක්ස්
    kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
    Amazing!!Cute puppy Born Now
    Patta Couple Dance
    Best magic Must watch
    America’s Got Talent 2017 Magicians



    Other threads



    Natasha Belle Images collection 1 2

    Colombo Stock Exchange (Daily Update)
    Post your EBAY FEEDBACK Ratings Here
    සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
    Best & Trust Online Shopping Sites-chatting thread
    Malaysia Flight MH370 Missing-Web sites Gossips
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අඩෝ ඔය කියන්නෙ help green projet ගැනද? අපේ පැත්තෙ තියනවා බන් අක්කර 100 එහා. ලගක් වෙනකම් හොදට maintaine උනා වගේ මතකයි. (අවු. 2 විතර කලින්) කාලෙකින් ඒ පැත්තෙ ගියේ නෑ. ගොඩක් ප්‍රසිද්ද අය ඉඩම් අරන් තිබ්බ ඔහොම කතා අහල තිබුනා. :baffled:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සමාගම් කිහිපයක් ඔය වගේ ව්‍යාපෘති තුන හතරක් කරගෙන ගියා .. එත් දැනට ඉතුරු වෙලා තියෙන්නේ සදාහරිත විතරයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    අඩෝ ඔය කියන්නෙ help green projet ගැනද? අපේ පැත්තෙ තියනවා බන් අක්කර 100 එහා. ලගක් වෙනකම් හොදට maintaine උනා වගේ මතකයි. (අවු. 2 විතර කලින්) කාලෙකින් ඒ පැත්තෙ ගියේ නෑ. ගොඩක් ප්‍රසිද්ද අය ඉඩම් අරන් තිබ්බ ඔහොම කතා අහල තිබුනා. :baffled:

    ඕක බන් ගොඩක් ඉස්සර නේ?? මේ සීන් එකටත් ඉසෙල්ලා. මගේ රටේ 90 ගණන් වල.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සමාගම් කිහිපයක් ඔය වගේ ව්‍යාපෘති තුන හතරක් කරගෙන ගියා .. එත් දැනට ඉතුරු වෙලා තියෙන්නේ සදාහරිත විතරයි
    සදාහරිත එකේ අයිති එකෙක් නෙ උඹ:P ඇත්ත කියපන් :shocked:
     

    kutumba

    Banned
    May 30, 2017
    29
    3
    0
    සමාගම් කිහිපයක් ඔය වගේ ව්‍යාපෘති තුන හතරක් කරගෙන ගියා .. එත් දැනට ඉතුරු වෙලා තියෙන්නේ සදාහරිත විතරයි




    උනුත් ශුවර් කරන පුලුවන් බඩු නෙවෙයි...වල්ලපට්ට ගන්න කියල බේරුමක් නෑ..
     

    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    machan la Sadaharitha eken mei wage idam aragena laaba gaththa aya nedda me forum eke??? mokada mama medawas wala, oya kiyapu "Wallapatta" seen eka gena soyamin inne.....