නිවන්_මඟ_මෙන්න-(02/20)
1.4 විපාක සැප, දුක් වේදනා
පෘතජනයයි, ආර්යයායි දෙන්නම දුක් වේදනා, සුඛ වේදනා, නොදුක්නොසුව වේදනා (අධුක්ඛම අසුඛ වේදනා) කියන වේදනා 3ම විඳිනවා
හැබැයි පෘතජනයා කායික දුක්, මානසික දුක් කියලා දුක් 2ක් විඳිනවා, ඒ කියන්නේ කවුරු හරි ගැහුවොත් කයත් රිදිලා හිතත් රිදෙනවා. ඒත් ආර්යයා එක දුකයි විඳින්නේ. ඒ කායික දුක විතරයි
වේදනා සේරම දුක් වේදනා නෙවෙයි. විපාක සැප, දුක්, උපේක්ෂා වලින් නෙවෙයි මිදෙන්න කිව්වේ. ඒ වේදනාවන්ගෙන් හදාගන්න ආශ්වාද වලිනුයි බුද්ධ සාසනයේ මිදෙන්න කියන්නේ.
බුදුරජානන්වහන්සේගේ කාලයේ එක් ස්වාමින්වහන්සේ නමක් සැපත් දුකයි, දුකත් දුකයි, උපේක්ෂාත් දුකයි කියලා කිව්වට පස්සේ එහෙම කියන්නේ බාල වූ, අව්‍යක්ත වූ, අන්‍ය තීර්ථකයො කියලා බැනලා තියනවා පහත තියන මහාකම්ම විභංග සූත්‍රයේ. විපාක සැප වේදනා අයින් කරන්න කියලා බුදු දහමේ නෑ
"මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ඉදින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් විසින් යම් කිසි වේදනාවක් ඇද්ද එය ‘දුක’ යි යන මේ සඳහා කියනලද ද?
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් ඇමතූසේක. ‘ආනන්දය, තෙපි මේ උදායී මොඝපුරුෂයාගේ ප්‍රඥා-උන්මාර්ගය බලව. ආනන්දය මම් මේ උදායී මොඝපුරුෂ මෙවිට මැ හිස නඟනුයේ නුනුවණින් හිස නඟා’ යයි දතිමි. ආනන්දය, පොතලිපුත්‍ර පරිව්‍රාජකයා විසින් ආදියෙහි ම ත්‍රිවිධ වේදනාව පුළුවුස්නා ලද. ආනන්දය, ඉදින් මේ සමිද්ධි මොඝපුරුෂ මෙසේ පුළුවුස්නාලදුයේ පොතලිපුත්‍ර පරිව්‍රාජකයාහට මෙසේ ප්‍රකාශ කෙළේ නම් ‘ඇවැත, පොතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන සුඛවේදනීය කර්මය කොට හේ සුව විඳී. ඇවත පොතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන දුඃඛවේදනීය කර්මය කොට හේ දුක් විඳී. ඇවත පොතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන අදුඃඛමසුඛවේදනිය කර්මය කොට හේ උපෙක්ෂා වේදනාව විඳී’ යයි. ආනන්දය, මෙසේ විසඳන සමිද්ධි මොඝපුරුෂ පොතලිපුත්‍ර පරිව්‍රාජකයාට මොනොවට ප්‍රකාශ කරන්නේ යැ. තවද ආනන්දය, බාල වූ අව්‍යක්ත වූ අන්‍ය තීර්ථක පරිව්‍රාජකයෝ කවරහු ද? "
(මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසය, විභංග වර්ගය, මහාකම්ම විභංග සූත්‍රය)
1.5 දුකක් ගෙනත් දෙන්නේ ප්‍රිය වස්තූන් පමණි
අපිට දුකක් ගෙනත් දෙන්නේ ප්‍රිය වස්තු විතරයි. ඒ අපි එව්වට ජන්දරාගයක් තියන නිසයි. අපිට ජන්දරාගයක් නැති කිසි දෙයක් විපරිනාමය වුනාට අපිට දුකක් නෑ. අල්ලපු ගෙදර කෙනා අපිත් එක්ක තරහෙන් නම් ඉන්නේ එයා මැරුනත් අපිට දුකක් නෑ
1) දුඃඛාර්‍ය්‍යසත්‍යය ගැන ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි
"මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි. මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි:
(සංයුත්ත නිකාය, මහා වර්ගය, සච්ච සංයුක්තය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය)
පාලි:
ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, බ්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා
2) දුඃඛාර්‍ය්‍යසත්‍යය ගැන සච්චවිභඞ්ග සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි
“ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ: ජාතිය ද දුක් යැ, ජරාව ද දුකැ, මරණ ද දුකැ, ශොකපරිදෙවදුඃඛදෞර්‍මනස්‍ය - උපායාසයෝ ද දුක්හ. රිසි යමක් නො ලබා නම් ඒ ද දුකයැ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුක්හ.”
(මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, විභඞ්‌ග වර්ගය, සච්චවිභඞ්ග සූත්‍රය)
පාලි:
ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං; සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
3) දුඃඛාර්‍ය්‍යසත්‍යය ගැන මහාසතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි
"මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරේ ද යත්: ඉපැද්ම ද දුක් යැ, ජරාව ද දුක් යැ, මරණය ද දුක් යැ, ශෝකය ද වැලැප්ම ද කායික පීඩා ද මානසික පීඩා ද දැඩි ආයාස ද දුක් යැ. යමක් කැමැති වන්නේ එය නො ලබන්නේ ද, ඒ ද දුක් යැ. සැකෙවින් උපාදාන ස්කන්ධ පස ම දුක් යැ."
(දීඝ නිකාය, මහා වර්ගය, මහාසතිපට්ඨාන සූත්‍රය, 483 පිටුව)
පාලි:
ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගොපි දුක්ඛො, පියෙහි විප්පයොගොපි දුක්ඛො (අප්පියෙහි...පෙ.... විප්පයොගො දුක්ඛොතිපාඨො චෙව තංනිද්දෙසො ච කත්ථචි න දිස්සති, අට්ඨකථායංපි තංසංවණ්ණනා නත්ථි), යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා (පඤ්චුපාදානක්ඛන්ධාපි (ක.)) දුක්ඛා
ඔය 3 ම එකයි
ඔය තුනේම ඉපදීම දුකයි, මරණය දුකයි,.....වගේ ඔතන දුක් 8ක් තියනවා වගෙයි පේන්නේ. ඉපදීම, මරණය...වගේ ඒවගෙන් දුකක් එන්නේ කොහොමද?
හැම මරණයම දුකක් නෑ, හැම ජාතියම දුකක් නෑ. අපිට දුකක් එන්නේ ඒවට අපි බැඳිලා ඉන්නවා නම් විතරයි. අන්න ඒ නිසයි ඔය දුක් සේරම "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං" යටතට දාලා මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන්නේ. ඒ කියන්නේ ඔය දුක් සේරම එන්නේ අපේ කැමැත්තට නැති නිසයි. කැමැති දේ නොලැබෙන්නේ නම් දුකයි කියන එක යටතට ඔය දාලයි මේ වගේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ.
>>> "මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ"
>>>"මහණෙනි, ශෝකය පියෙවි කොට ඇති සත්වයනට ‘අපි සොවින සුලු නො වන්නමෝ නම්, අප කරා ශෝකය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ."
ඒ විතරක් නෙවෙයි, දුඃඛාර්‍ය්‍යසත්‍යය ගැන පාලි වලින් ඉහත තිබුණු ඒවා අරන් බැලුවම පාලි වල "පි" කියන එක සිංහල පරිවර්තනයේ අත හැරලා දාලා තියෙන්නේ
ජාති "පි" දුක්ඛා, ජරා "පි" දුක්ඛා, බ්‍යාධි "පි" දුක්ඛො, මරණම් "පි" දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො ("පි" නැත), පියෙහි විප්පයොගො දුක්ඛො ("පි" නැත)
ජාති"පි" දුක්ඛා කියන්නේ "ප්‍රිය" ජාති වලින් දුකක් එනවා කියලයි.
ප්‍රියජාති වලින් දුකක් එන්නේ ඒවට රාගයෙන් පටිච්ච වෙලා (බැඳිලා ) ආශ්වාදයක් හදාගත්තමයි
ජරා "පි" දුක්ඛා, බ්‍යාධි "පි" දුක්ඛො, මරණම් "පි" දුක්ඛං ත් එ වගේම තමයි
ඒත් "අප්පියෙහි සම්පයොගො දුක්ඛො" වල "පි" නෑ. ඒ මොකද?
කොහොමත් අප්‍රිය කියලා තියනවනේ. ඒකයි.....
"පියෙහි විප්පයොගො දුක්ඛො" වලත් "පි" නෑ... මොකද ප්‍රිය දේවල් ගැනයි කොහොමත් කියන්නේ
දුක ගෙනත් දෙන්නේ ප්‍රිය වස්තූයි. මොකද අපි ආශ්වාදයක් හදාගන ඉන්නේ ඒවගෙන් නිසා
මේ ලෝකේ "ප්‍රිය රූප" කියලා ජාතියක් නෑ. රූප වල තියෙන්නේ උපේක්ෂා යි. අපි රාගයෙන් තමයි ඒවා ප්‍රිය කරගන්නේ. කාමච්චදයෙන් තමයි ප්‍රිය වස්තු හැදෙන්නේ.
දුක්ඛ ආර්යසත්‍යය කියන්නේ ඕකයි
පංචකාම උපධියට හේතු වන සියල්ල ජාති ධර්මයි. ජාති කියන්නේ ඒවටයි. ජාති ධර්ම වලට ත්‍රිපිටකයේ උදාහරණ තියෙන්නේ පුත්‍රයෝ, එලු බැටලුවෝ, රත්‍රන්, මුතු මැණික්...වගේ දේවල්. අද කාලේ නම් මොබයිල් ෆෝන්, වයිෆයි...වගේ. ජාති ධර්ම වලට කාමච්ජන්දයෙන් බැඳුනම ඒවා ප්‍රිය ජාතියක් වෙනවා ජාති කියන්නේ භව කියන එක නෙවෙයි.
කලහවිවාද සූත්‍රය සූතරේ බලමු,
"ලෝකයෙහි ප්‍රියවස්තූහු කාමච්ඡන්දය නිදාන කොට ඇත. යම් ක්ෂත්‍රියාදි කෙනෙක් හෝ ලෝභය හේතු කොට ලොව්හි හැසිරෙත් නම් ඔවුන්ගේ ඒ ලෝභයත් කාමච්ඡන්‍දය නිදාන කොට ඇත, ආශාවත් ආශාසෘමෘධියත් මේ කාමච්ඡන්‍දයම නිදාන කොට ඇත. යම් ධර්ම කෙනෙක් මිනිසාට පරලොව්හි හිත පිණිස වෙත් නම් උහු ද කාමච්ඡන්‍දය නිදාන කොට ඇති."
(ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, අට්‌ඨක වර්ගය, කලහවිවාද සූත්‍රය)
ප්‍රිය වස්තු හටගන්නේ කාමච්ජන්දය නිසයි
1.6 දුක්ඛදුක්ඛ, විපරිණාමදුක්ඛ, සඞ්ඛාරදුක්ඛ ඇතිවන අයුරු
"මහණෙනි, මේ දුක්ඛතා (දුක්බැව්) තුනෙකි. කවර තුනෙක යත්: දුක්ඛදුක්ඛතා සඞ්ඛාරදුක්ඛතා විපරිණාමදුක්ඛතා යි. මහණෙනි, මේ දුක්ඛතා තුන යි. මහණෙනි, මේ ත්‍රිවිධ දුඃඛතාවන්ගේ වෙසෙස් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරොධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්‌මා සමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ දුඃඛතාවන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි."
(සංයුත්ත නිකාය 5-1, දුක්ඛතා සූත්‍රය )
සම්මා සමාධිය දක්වා මේ දුක් තුන තියනවා. කය මූලිකව හැදෙන දුක් නෙවෙයි මනෝ මූලිකව මේ දුක් 3 හැදෙන්නේ. සම්මා සමාධියේදී "විශ්කම්භන ලෙස" මේවා ප්‍රහානය වෙනවා. රහත් ඵලයේදී තමයි නැති වෙන්නේ. මේ දුක්ඛතා 3 ඉවර වුනාම කෙනෙක් රහත් වෙනවා.
(රහත් වුනාම මේ දුක් 3 ඉවර වෙනවා නෙවෙයි )
පෙර කුසල විපාකයක් නිසා ලැබෙන සැප වේදනාවක් එක්ක රාගයෙන් බැඳිලා විපරිණාමදුක්ඛ ඇතිවෙන්නේ මෙහෙමයි
"එහි ලෝභඅකුසලමූලය කොයින් උපන්නේ ද යත් : ආලම්බනය ත්‍රිවිධ යැ : මනාපික යැ අමනාපික යැ උපේක්ෂාස්ථානීය දැයි. එහි මනාපික ආලම්බනයෙන් ලෝභ අකුශලමූලය උපදී, මෙසේ මනාපික වූ ආලම්බනයෙන් සුඛවේදනීය ස්පර්ශය වෙයි, සුඛවේදනීය පහස නිසා සුඛවේදනාව උපදී, සුඛවේදනාව නිසා සොමනස්සූපවිචාරය උපදී. සොමනස්සූපවිචාරය නිසා රාගය උපදී. රාගය නිසා කාමවිතර්කය උපදී. කාම විතර්කය නිසා රාගජපරිදාහය උපදී. රාගජපරිදාහය නිසා උත්පාද සංඛතලක්ෂණය උපදී. උත්පාදසංඛතලක්ෂණය නිසා විපරිණාමදුක්ඛතාව උපදී.”
(ඛුද්දක නිකාය, පෙටකොපදෙසෙ, 318 පිටුව)
ඔය කිව්වේ මොකක්ද?
ඇහැට රූපයක් ගට්ටනය වුනාම චක්කු විඥ්ඥානය ඇති වෙලා මන ධම්ම ක්‍රියාමතක වෙද්දී, ඒ මනට පෙර කුසල විපාක ධම්මයක් ගට්ඨනය වුනාට පස්සේ සැප විපාකයක් එනවා.
උදාහරණයක් විදිහට පන්තියේ ඉන්න ළමයින්ගෙන් එක ගැහැණු ළමයෙක් ම ඕනේ කියලා හිතෙන්නේ ඔය උඩින් කිව්ව ටික වුනාමයි. ඒ රූපයෙන් විතරක් සැප දෙනවා වගේ දැනෙන්නේ. එතකොට අපි හිතනවා මේ රූපයෙන් තමයි මට මේ සැප ගෙනත් දුන්නේ කියලා. ඊට පස්සේ ඒ රූපයත් එක්ක බැඳෙන්න ගන්නවා. ඊට පස්සේ රාගපරිදාහය උපදිනවා. කෝල් කරනවා, SMS යවනවා. ඊට පස්සේ විපරිණාමදුක්ඛතාව ඇති වෙනවා.
පෙර කුසල විපාක ධම්මයක් මනට ගට්ටනය වෙන කොටස පසුවට “මන ධම්ම” යටතේ තියනවා
පෙර අකුසල විපාකයක් නිසා ලැබෙන දුක් වේදනාවක් ද්වේෂයෙන් බැඳිලා දුක්ඛදුක්ඛ ඇතිවෙන්නේ මෙහෙමයි
"ද්වේෂඅකුශලමූලය කොයින් උපන යත් : අමනාපික වූ ආලම්බනයෙන් දෝසඅකුසල මූලය උපන, මෙසේ අමනාපික වූ ආලම්බනයෙන් දුක්ඛවේදනීය පහස වෙයි, දුක්ඛ වේදනීය එස්සය නිසා දුක්ඛවේදනාව උපදී, දුක්ඛවේදනාව නිසා දෝමනස්සුපවිචාරය උපදී, දෝමනස්සූපවිචාරය නිසා ද්වේෂය උපදී, ද්වේෂය නිසා ව්‍යාපාදවිතර්කය උපදී. ව්‍යාපාදවිතර්කය නිසා ද්වේෂජ පරිදාහය උපදී, ද්වේෂජ පරිදාහය නිසා සිටියහුගේ අන්‍යථාත්ව සංඛත ලක්ෂණය උපදී, සිටියහුගේ අන්‍යථාත්ව සංඛත ලක්ෂණය නිසා දුක්ඛදුක්ඛතාව උපදී."
(ඛුද්දක නිකාය, පෙටකොපදෙසෙ, 318 පිටුව)
උපේක්ෂාවේ අවිද්‍යාවෙන් බැඳීම නිසා සංඛාරදුක්ඛ ඇතිවෙන්නේ මෙහෙමයි
“මෝහඅකුශලමූලය කොයින් උපන යත් : උපේක්ෂාස්ථානීය වූ ආලම්බනයෙන් මෝහඅකුශලමූලය උපන, මෙසේ උපේක්ෂාවට කාරණ වූ ආලම්බනයෙන් අදුක්ඛමසුඛ වේදනීය වූ එස්සය වෙයි, අදුක්ඛමසුඛවේදනීය ඵස්සය නිසා අදුක්ඛමසුඛවේදනාව උපදී. අදුක්ඛමසුඛවේදනාව නිසා උපෙක්ඛා - උපවිචාරය උපදී, උපෙක්ඛා - උපවිචාරය නිසා මෝහය උපදී, මෝහය නිසා විහිංසාවිතර්කය උපදී, විහිංසාවිතර්කය නිසා මෝහජ පරිදාහය උපදී, මෝහජ පරිදාහය නිසා වයසංඛත ලක්ෂණය උපදී, වයසංඛත ලක්ෂණය නිසා සංඛාරදුක්ඛතාව උපදී. මෙසේ මේ තුන් ක්ලෙශයන්ගේ නිර්දෙශ යි. මේ අකුශලපක්ෂයෙහි තිපුක්ඛල නය යී කියනු ලැබේ.”
(ඛුද්දක නිකාය, පෙටකොපදෙසෙ, 318 පිටුව)
ඔය දුක් 3 ම හැදෙන්නේ රාග, ද්වේෂ, මෝහ නිසයි. ඔය දුක් 3 නැති කරගන්නේ මෙහෙමයි
"මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, සුවවේදනාවෙන් රගානුසයය පහකටයුතු ය. දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය. නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි. මහණෙනි, යම් කලෙක මහණහට සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ වූයේ වේ ද දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වුයේ වේ ද නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද මහණෙනි, පහ වූ රාගානුසයය ඇති මේ මහණ තෘෂ්ණාව සිඳදැම්මේ ය. සංයොජන මුලිනුපුටා හළේ ය. මැනවින් මනාවබොධයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ."
(සංයුත්තනිකාය 4 , පහාන සූත්‍රය, 391 පිටුව )
ඔය කිව්වේ මොකක්ද?
විපරිනාමදුක්ඛය නැති කරගන්න නම් සුවවේදනාවෙන් රාගානුසයය පහකල යුතුයි.
දුක්ඛදුක්ඛය නැති කරගන්න නම් දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකල යුතුයි.
සංඛාරදුක්ඛය නැති කරගන්න නම් නොදුක් නොසුව වේදනාවෙන් අවිද්‍යානුසයය පහකල යුතුයි.
රාගක්ඛය, දේවේෂක්ඛය, මෝහක්ඛය කළාම දුක නැති වෙනවා, නිවන් දකිනවා
රාගානුසයය, ද්වේෂ අනුසය නැති වෙනවා 1 වන ධ්‍යානයේදී
අවිද්‍යාව අනුසය නැති වෙනවා 4 වන ධ්‍යානයේදී
ඉඩමක් ගන්න ගිහාම ඒ ඉඩම හොඳයි කියලා හිත පිහිටන්නෙත් මන ධම්ම ගට්ඨනය වෙලා. පෙර විපාකයක් ගෙවන්න ධම්ම තියන නිසයි ඒ ඉඩම හොඳයි කියලා දැනෙන්නේ. සමහර විවාහ කර්ම ගනුදෙනුව තියනකම් හොඳයි. ඒ මන ධම්ම වලින් ඒකත් වෙන්නේ. ඒ "පෙර කර්ම" ඉවර වුනාම දෙන්න රණ්ඩු වෙලා "නව කර්ම" හදාගන්නවා. නව කර්ම වලින් සතර අපායේ යන්නත් පුළුවන්.
යමක් දැක්කම ඒක හඳුනාගැනීම කෙලෙස් නෙවෙයි
ඒ කියනේ ඇහැට පේන රූපයක් මේක පුටුවක්, මේක මම හිටපු ගෙදර, මේ මගේ අම්මා කියලා හඳුනගන්න එක කෙලෙස් නෙවෙයි. බුදුහාමුදුරුවෝත් රාහුල කුමාරයාව හඳුනගත්තා
යමෙක් මේ ලෝකයේ නිරන්තරයෙන්ම ඉන්නේ පෙලි පෙලී නෙවෙයි. එහෙම කියනවා නම් ඒක අධර්මයක්.
මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න
නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
නිවන්_මඟ_මෙන්න-(Part 20/20)
ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්

Last edited: