නිවන්_මඟ_මෙන්න-(03/20)
2.0 විපාක ලෝකය
විපාක ලෝකය ආකාර 4කට විස්තර කරනවා
1) පංචස්කන්ධ ලෝකය විදිහට (ස්කන්ධ 5යි )
2) ආයතන ලෝකය විදිහට (ආයතන 12යි )
3) ධාතු ආකාරයට (ධාතු 6යි )
4) භෞතික ලෝකය විදිහට (4 යි )
2.1 පංචස්කන්ධ ලෝකය විදිහට
මුලින්ම පංචස්කන්ධ ලෝකය බලමු. විපාක ලෝකයේ පංචස්කන්ධය කියන්නේ
රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥ්ඥානස්කන්ධ
අපි කෙටියෙන් රූප වේදනා සංඥා, සංඛාර, විඥ්ඥා කියන්නෙත් ඔය ටිකටමයි. ඔය හැම ස්කන්ධයක්ම ආයතන 6ත් එක්ක එකතු වෙලා 6x5 = 30ක් ගොඩනඟනවා.
පොඩි කාලේ ඇස, කන, දිව, නාසය, ශරීරය කියලා ඇඟේ කොටස් ටිකටයි පංචස්කන්ධය කිව්වේ. ඒවට කියන්නේ ආයතන කියලයි
රූප:
විපාක ලෝකයේ පංචස්කන්ධයේ රූපස්කන්ධ 6යි
ඇසට - රූප රූප
කනට - ශබ්ධ රූප
නාසයට - ගන්ධ රූප
කයට - කොට්ඨබ්බ රූප
දිව - ඝාන රූප
දිවට - ජිව්හා රූප
මනට - ධම්ම රූප
"නාමරූප" කියන්නේ මොනවද කියන එක පසුවට විස්තර කරලා තියනවා
නාමරූප වල "රූප" කියන්නේ මොනවද කියන එකත් පසුවට විස්තර කරලා තියනවා
වේදනා:
විපාක ලෝකයේ පංචස්කන්ධයේ වේදනාස්කන්ධයට අයිති වුනේ සැප, දුක්, උපේක්ෂා කියන තුනයි
වේදනා කියන්නේ වීමක් දනවන එකයි
ඒ වීම "සැප" නම් ඒ වීම "සැප වීමක්" දනවනවා- ඒක සැප වේදනාවක්
ඒ වීම "දුක" නම් ඒ වීම "දුක් වීමක්" දනවනවා- ඒක දුක් වේදනාවක්
ඒ වීම "උපේක්ෂ" නම් ඒ වීම "උපේක්ෂා" වීමක් දනවනවා- ඒක උපේක්ෂා වේදනාවක්
වේදනා කියන්නේ රිදෙන එකක් නෙවෙයි. අපිට මේන්න මේ විදිහටයි ආයතන වලට විපාක වේදනාවන් දැනෙන්නේ
ඇසට - උපේක්ෂා වේදනා
කනට- උපේක්ෂා වේදනා
දිවට- උපේක්ෂා වේදනා
නාසයට- උපේක්ෂා වේදනා
කයට- සැප/දුක්/උපේක්ෂා
මනට- සැප/දුක්/උපේක්ෂා
විපාක ලෝකයේ ආයතන 6න් කයට යි, මනට යි විතරක් සැප දුක් උපේක්ෂා පනවන්නේ
අනිත් ඇස, කන, දිව, නාසය කියන මේ 4ට පනවන්නේ උපේක්ෂා විතරයි.
සැප/දුක්/උපේක්ෂා කයටයි, මනටයි විතරක් පනවන්න හේතු වෙන්නේ ස්ඵර්ශයෙන් "වේදනාවක් දැනෙන්නේ" ඒ දෙකට විතරයි
සමට වඩා රළු එකක් නම් ගෑවුනොත් රිදෙනවා
සිනිදු එකක් නම් සැපයි
සමේ රළු භාවයට සමාන එකක් නම් ගෑවුනේ උපේක්ෂා
ඇහැට පේන රූපයක "උපේක්ෂා වේදනා" විතරයි තියෙන්නේ (සැප/දුක් ඒවගේ නෑ )
රාගයෙන් බැඳුනොත් තමයි සැප එන්නේ
ද්වේෂයෙන් බැඳුනොත් දුක එනවා
දෙහි බින්දුවක් අතට දැම්මට මොකුත් දැනෙන්නේ නෑ. උපේක්ෂා
ඒත් දෙහි බින්දුව ඇහැට දැම්මොත්? දනවා
ඒ දන්නේ ඇහේ තියන "කය" කියන කොටසටයි
අතේ තුවාලයක් තියන තැනකට දැම්මොත්? ඒත් දනවා
ස්පර්ශ වෙන තැන අනුව වේදනාව වෙනස්
වේදනාවක් විස්තර කරන්නේ "ඵස්ස පච්චයා වේදනා" කියලයි. ඒ නිසා වේදනාවක් දැනෙන්න ස්ඵර්ශ වෙන්නම ඕනේ
අන්න එකයි ඇස, කන, දිව, නාසය ට සැප/දුක් වේදනා පනවන්නේ නැත්තේ
"මන" ටත් සැප, දුක්, උපේක්ෂා 3 ම තියනවා. ඒ ගැන වැඩි විස්තර පසුවට පිටුවේ "මන ධම්ම" යටතේ විස්තර කරලා තියනවා
සංඥා:
සංඥා කියන්නේ
ඇසට නම්- නිල් පාට, රතු පාට, හැඩතල,.... වගේ දේවල්
නාසයට නම්- රෝසමල් සුවඳ, ගාඩිනියා සුවඳ...වගේ දේවල්
දිවට නම්- අඹ රස, තිත්ත රස, පැණි රස, ....
ඔය විදිහට ආයතන 6න්ම සංඥා ලබාගන්නවා
අඹ රස කියන්නේ සංඥාවක් මිසක් වේදනාවක් නෙවෙයි (වේදනා තියෙන්නේ 3යි. අඹ වේදනා කියලා එකක් නෑ ). එතකොට "රස කියන්නේ සංඥාවක්
සංඛාර:
සංඛාර කියන්නේ යම් කිසි දෙයක් ඉවර වෙන්න දෙන්නේ නැතුව නැවත නැවත ගොඩනඟනවා කියන එකයි
සංඛාර වර්ග 3යි- කාය සංඛාර, වාග් සංඛාර (වචී සංඛාර), චිත්තසංඛාර (මනෝසංඛාර)
සංඛාර කියන්නේ පාලියෙන්
සංස්කාර කියන්නේ සංස්කෘත වලින්
සංකර කියන්නේ සිංහලෙන්
කාය සංඛාර කියන්නේ මේ අපි කරන වැඩ ටික.
කාය සංඛාර තුලින් කය ක්‍රියාත්මක වෙනවා
කයෙන් යමක් කරනවා නම් කාය සංඛාරයක්
වචී සංඛාර (වාග් සංඛාර) තුලින් වචනය ක්‍රියාත්මක වෙනවා.
චිත්ත සංඛාර (මනෝසංඛාර)තුලින් මනස ක්‍රියාත්මක වෙනවා
චිත්තසංඛාර = චේතනා
චේතනා කියන්නේ චිත්තය තනනවා
චිත්ත සංඛාර (මනෝසංඛාර) කියන්නේ හිතන වැඩ ටික )
(බඩු මුට්ටු සංඛාර නෙවෙයි. ඒවට කියන්නේ "සංඛත" කියලයී
සංඛාර කියන්නේ ඇහෙන් නම් වර්ණය, හැඩතල ඇහෙන් ඇතුලට ගන්න එකයි
කනෙන් නම් කුරුල්ලෙකුගේ හඬක්, ගීතයක් අහගන ඉඳලා කනෙන් ඇතුලට ගන්න එකයි
ඔය විදිහට ආයතන 6න්ම සංඛාර කරගනන්වා
විඥ්ඥාන:
විඥ්ඥාන 6යි
විඥ්ඥානය හෙවත් සිතක් උපදින ක්‍රම 6ක් තියනවා. ඔය උපදින විඥ්ඥානය මේ විදිහට හඳුන්වනවා
ඇසට රූපයක් ගැටුනම සිතක් උපදිනවා - ඒකට කියනවා "චක්ඛුකාය විඥ්ඥානය" කියලා
කනට ශබ්ධයක් ගැටුනම සිතක් උපදිනවා - ඒකට කියනවා " සෝත විඥ්ඥානය" කියලා
නාසයට ගන්ධයක් ගැටුනම සිතක් උපදිනවා - ඒකට කියනවා "ඝාන විඥ්ඥානය" කියලා
දිවට රසක් ගැටුනම සිතක් උපදිනවා - ඒකට කියනවා "ජිව්‍හා විඥ්ඥානය" කියලා
කයට ස්ඵර්ශයක් ගැටුනම සිතක් උපදිනවා - ඒකට කියනවා "කාය විඥ්ඥානය" කියලා
මනට ධම්මයක් ගැටුනම සිතක් උපදිනවා - ඒකට කියනවා "මනෝ විඥ්ඥානය" කියලා
විඥ්ඥාන ගැන වෙනම විස්තරයක් පසුවට තියනවා
ඔන්න ඔය කිව්ව රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන කියන 5 තමයි පන්චස්කන්ධයට අයිති.
ඔය රූප වේදනා, සංඥා සංඛාර, විඥ්ඥාන එකක වත් ගන්න දෙයක් නෑ අසාරයි. ඒ ගැන "ඵෙණ පිණ්‌ඩූපම" සූත්‍රයේ මෙහෙමයි තියෙන්නේ.
"රූපය පෙණපිඩක් වැන්න, වේදනාව දියබුබුළක් වැන්න, සංඥාව මිරිඟුවක් වැන්න, සංස්කාර කෙසෙල් කඳක් වැන්න, විඥානය මායාවක් වැන්නැ යි ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලදී".
(සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, ඵෙණ පිණ්‌ඩූපම සූත්‍රය)
රූපය පෙන පිඬක් වගේ - අසාරයි ගන්න දෙයක් නෑ
වේදනාව - දිය බුබුලක් වගේ - හරයක් නෑ, ගන්න දෙයක් නෑ
සංඥාව මිරිඟුවක් වගේ - පසුපස ගියාට ලැබෙන දෙයක් නෑ. හරයක් නෑ
සංඛාර කෙසෙල් කඳක් වගේ - කොච්චර පැලුවත් අරටුවක් නෑ. හරයක් නෑ
විඥානය මායාවක් වගේ -
2.2 පංච උපාධානස්කන්ධය
ඔය කිව්ව විපාක පංචස්කන්ධ ලෝකයත් එක්ක "රාග, ද්වේෂ, මෝහ" වලින් පටිච්ච වෙලා අපි ආශ්වාද හදාගන්නවා. ආශ්වාද හදාගන්නවා කියන්නේ කෙලෙස් හටගන්නවා.
එතකොට විපාක ලෝකයේ ඉඳන් "සංඛාර ලෝකය" ගොඩනැඟෙනවා මෙන්න මේ විදිහට...
එතකොට කලින් කිව්වා වගේ රාගයෙන් නම්->විපරිනාම දුක්ඛ, ද්වේෂයෙන් නම් ->දුක්ඛදුක්ඛ, උපේක්ෂාවෙන් නම් ->සංඛාර දුක්ඛ හදාගන්නවා.
ඒක සිදුවෙන්නේ පච්චුප්පන්න වූ වර්තමාන මොහොතේ. පච්චුප්පන්න මොහොත ගැන විස්තරයක් 42 පිටුවේ තියනවා. (පටිච්ච= තන්හා, චන්දරාගයෙන් බැඳීම, ඇලීම, ආශාවීම)
එතකොට සංඛාර ලෝකය ගොඩනැඟෙන්නේ මෙහෙමයි
පංචස්කන්ධය -> පංචඋපාධානස්කන්ධය වෙනවා
එතකොට ස්කන්ධ සේරම උපාධානස්කන්ධ වෙනවා මේ විදිහට
රූප උපාධානස්කන්ධය, වේදනා උපාස්කන්ධය, සංඥා උපාස්කන්ධය, සංඛාර උපාස්කන්ධය, විඥ්ඥාන උපානස්කන්ධය
ඔය සේරම කෙලෙස්.
පංචස්කන්ධය ලෝකයේ තිබුණු
රූප-> අභිරූප,
වේදනා -> රාගසම්ඵස්ස වේදනා (රාගයෙන් නම් )
සංඥා -> අභිසංඥා
සංඛාර -> අභිසංඛාර (පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනඤ්ජාභිසංඛාර)
විඥ්ඥාන -> රාග විඥ්ඥාන (රාගයෙන් නම් )
අභිරූප:
උදාහරණයක් විදිහට විපාක ලෝකයේ රූපස්කන්ධයක් දැක්කම, අපි හිතමුකෝ මලක් දැක්කා කියලා. "අනේ ෂෝක්" කියලා හිතුවා (ආශ්වාදයෙන් බැඳුනම. ඒ කියන්නේ ඒකත් එකක් රාගයෙන් පටිච්ච වුනාම සැප වේදනාවත් එක්ක "විපරිනාම දුක්ඛයක්" හදාගනන්වා
අයිස්ක්‍රීම් එකක් හද්දී ඒ දැනෙන රස "මාර රහයි" කියලා ආශ්වාදයක් හදාගත්තම ඒත් "විපරිනාම දුක්ඛයක්" හදාගනන්වා
කවුරු හරි අපිට හැහුවම එයත් එකක් ද්වේෂ පටිච්චයක් "හදාගන "දුක්ඛදුක්ඛයක්" හදාගන්නවා
ඔන්න ඔය වගේ දුක් ගොඩක් අපි හදාගනන්වා. ඒත් ඒ දුක අපිට පේන්නේ නෑ. ආශ්වාදයෙන් වැහිලා තියෙන්නේ "දුක්ඛ ආර්‍ය සත්‍යය" ගැන පටන්ගද්දිම ඔය ටික විස්තර කලා.
එතකොට කලින් කිව්ව විදිහට රූපයේ උපේක්ෂා නම් තියෙන්නේ උපේක්ෂාවත් එක්ක හැදෙන්නේ "සංඛාර දුක්ඛ" නිසා සංඛාර දුක්ඛයක්නේ මෙතන හැදෙන්න ඕනේ..... කොහොමද එතකොට "විපරිනාමදුක්කයක්" හැදුනේ?. එහෙම වෙන්නේ රූපයෙන් උපේක්ෂා ආවට විඥ්ඥාන ඇති වෙද්දී පෙර සංසාරේ ධම්මයක් මනට ගට්ටනය වෙලා සැප වේදනාවක් දෙනවා. එතකොට ඒ සැප වේදනාවත් එක්කයි "විපරිනාමදුක්කයක්" හැදෙන්නේ.
ආශ්වාද වේදනා:
පංචස්කන්ධයේ වේදනාස්කන්ධයට අයිති වුනේ සැප, දුක්, උපේක්ෂා කියන තුනයි
ඒ වගේම තමයි මේ "වේදනා උපාධානස්කන්ධය"ට අයිති මොනාද? ඒත් සැප, දුක්, උපේක්ෂා ම තමයි. හැබැයි මේ දෙක දෙකක්
අන්න ඒකයි ගිරිමානන්ද සූතරයේ පංචස්කන්ධය "අනිච්ච සේ" දකින්නත්, පංච උපාධානස්කන්ධය "අනිච්චානුපස්සනා" කරන්නත් කිව්වේ
(පංචස්කන්ධය "අනිච්ච සේ" දකින්න හැටිත්, පංච උපාධානස්කන්ධය "අනිච්චානුපස්සනා" කරන හැටිත් ගැන පසුවට තියනවා )
හැබැයි පංචස්කන්ධයේ තියන සැප වේදනාවට සැපයි කියලා කිව්වට පංච උපාධානස්කන්ධයේ සැප වේදනාවට "දුකයි" කියලයි කියන්නේ.
මොකද අර පංචස්කන්ධයේ තියන සැප වේදනාවට රාගයෙන් බැඳිලයි මේ සැප හදාගත්තේ. අන්න ඒ "ආශ්වාදයටයි" දුක කියලා කිව්වේ
මොන අර්ථයෙන්ද කිව්වේ? රිදෙන අර්ථයෙන්ද? නෑ,..ප්‍රඥා අර්ථයෙන්
පංචස්කන්ධ විපාක දුක ට කියනවා "දුක්ඛ සත්‍යය"
පංච උපාධානස්කන්ධයේ හැදෙන මේ දුක් 3 ට කියනවා "දුක්ඛ ආර්‍ය සත්‍යය"
පංච උපාධානස්කන්ධයේ මේ දුක් 3 හැදෙන්නේ මනෝ මූලිකව. ඒකයි ප්‍රඥා අර්ථයෙන් කියන්නේ
"උපාධානීය ධර්මයන්ගේ ආශ්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නෙකුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්නා ප්‍රත්‍යයෙන් උපාධානය වේ. උපාධාන ප්‍රත්‍යයෙන් භවය වේ. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැන්ම වේ"
(සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, නිදාන සූත්‍රය)
ඔය දුක කියන්නේ දුක්ඛ ආර්‍ය සත්‍යයයයි. එතකොට දුක කියන්නේ මොකක්ද? ආශ්වාද වලට බැඳි බැඳී යන එකයි දුක
මෙතන තන්හාවට කලින් ආශ්වාදය තියනවා (ආශ්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නෙකුගේ තෘෂ්ණාව වැඩේ). ආශ්වාදය හදන්නේ මොකෙන්ද? වේදනාවෙන්.
මොන වේදනාවද? රාගසම්ඵස්සජා වේදනාවෙන්
රහතන්වහන්සේටත් සම්ඵස්සජාවේදනා තියනවා. ඒත් රාගසම්ඵස්සජාවේදනා නෙවෙයි
(නිවන කියන්නේ රාගක්ඛයෝ නිබ්බානං දේවේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං)
ක්ෂය - රෙද්දක කුණු ගෑවිලා තියෙද්දී ඒක හෝදලා අයින් කරනවා වගේ අදහස
ක්ඛය - රෙද්දේ කුණු ගෑවෙන්න නොදී තියාගන්නවා කියන අදහස
"රාගක්ඛයෝ නිබ්බානං" කියන්නේ ප්‍රභාෂ්වරව උපන් හිත රාගයෙන් කිලිටි කරගන්නේ නැතුව තියාගත්තම නිවන් දකිනවා කියන අදහසයි
(ආස්වක්ඛය ඥානය කියන්නේ ආස්‍රව ඇසුරු කරන්නේ නැතුව ඉන්න එක ගැන ඥාණයයි)
ඵස්ස කියන්නේ ස්පර්ශය. එතකොට සම්ඵස්ස කිව්වේ? ඇහැයි රූපයි සං වෙලා (එකතු වෙලා) තමයි හැදුනේ
"උපාදානීය ධර්මයන්ගේ ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නෙකුගේ තෘෂ්ණාව නිරුද්ධවේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාධාන නිරෝධය වේ. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ"
(සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, නිදාන [පටිච්චසමුප්පාද] සූත්‍රය)
ඒ කියන්නේ මොකක්ද? දුක නිරෝධය කරන්න තියන මාර්ගය තමයි ආදිනවය නැවත නැවත දකිමින් ඉන්න එක.
ඒ කියන්නේ මොකක්ද? "අනිච්ච, දුක්ඛ, අනත්ත"
ආශ්වාදය අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා නැවත නැවත මෙනෙහි කරමින් ඉන්න එතකොට තෘෂ්ණාව නිරෝධය වෙනවා.
සංඛත වල අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරලා වැඩක් නෑ. (සංඛත කියන්නේ පධාර්ථ වල)
ආශ්වාදයේ යි අනිච්ච දුක්ඛ අනත්තයි මෙනෙහි කරන්න ඕනේ
අභිසංඥා:
සමහර සංඥා තියනවා. ඒ සංඥා වලට රාග/ද්වේෂ වලින් පටිච්ච වෙලා සැප වේදනා/දුක් වේදනා හදාගන්නවා
සංඥාවක් රාග,ද්වේෂ, මෝහයන්ගෙන් ගත්තම ඒකට කියනවා අභිසංඥා කියලා
උදා: ජන්ද කාලෙක නගරය පුරාම කොල පාට දැක්කම UNP කාරයෙක්ට මාර සතුටක් එන්නත්, නිල් පාට කොඩි දැක්කම තද වෙන්නත් හේතුව ඒකයි. එකම සංඥාවක් නිසා එක්කනෙකුට රාගයත්, තව කෙනෙකුට ද්වේෂයත් එනවා.
උදාහරණයක් විදිහට කෙනෙක්ට මස් මාලු නැත්නම් කන්න බෑ, බිත්තර නැත්නම් කන්න බෑ
බිත්තර සැප කියලා එකක් නෑ. ඒත් එයා බිත්තර රසය අභිසංඥා කරගන ඉන්නවා
ඒ කියන්නේ එයා බිත්තර රස කියන සංඥාවත් එක්ක රාගයෙන් පටිච්ච වෙලා අභිසංඥා කරගන ඉන්නවා
සංඥා නෙවෙයි අයින් කරන්න ඕනේ අභිසංඥායි
සංඥා සියල්ලම අත හරින්න ඕනේ කියලා කියන්නේ බමුණෝ.
(අභිසංඥා නිරෝධය ගැන වැඩි විස්තර ඕනේ නම් දීඝනිකාය-1, පොට්ඨපාද සූත්‍රය බලන්න )
අභිසංඛාර
රාග, ද්වේෂ, මෝහ වලින් සංඛාර කරනවා ට කියනවා අභිසංඛාර කියලා
පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනඤ්ජාභිසංඛාර
ඔන්න ඔය සංඛාර රාග, ද්වේෂ, මෝහ වලින් අභිසංඛාර කලාට පස්සේ අවිද්‍යාව නිසා ඒවා ආයෙත් බෙදනවා පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනඤ්ජාභිසංඛාර කියලා 3කට
රහතන්වහන්සේ ඇවිද්දී කාය සංඛාර ක්‍රියාමත වෙනවා, කතා කරද්දී වචී සංඛාර ක්‍රියාමත වෙනවා, හිතද්දී චිත්ත සංඛාර (මනෝසංඛාර) ක්‍රියාමත වෙනවා. ඒවගේ පව් පිං නෑ. මොකද පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනින්ජාභිසංඛාර වෙන්නේ අවිද්‍යාව නිසයි.
අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා සංඛාර තමයි පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනඤ්ජාභිසංඛාර
කයෙන් පුණාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර කියන 2 ම කරනවා
වචනයෙනුත් පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර කියන 2 ම කරනවා
හැබැයි මනසින් පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනඤ්ජාභිසංඛාර කියන 3 ම කරනවා
පුණ්‍යාභිසංඛාර කියන්නේ: "දාන, සීල, භාවනා" ත්‍රිවිධපුණ්‍යක්‍රියා
කරපු පිනක් ගැන මතක් කර කර ඉන්න එකත් පුණ්‍යාභිසංඛාරයක්
ඒත් ඕවගෙන් නිවන් දකින්න බෑ. ඒකයි "අවිද්‍යාපච්චයා සංඛාර " යටතේ ඕවා තියෙන්නේ
පුණ්‍යාභිසංඛාර කියන්නේ හොඳ එකක්. ඒත් හොඳම එක නෙවෙයි
අපුණ්‍යාභිසංඛාර කියන්නේ: දස අකුසල චේතනා (ප්‍රානඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුෂාවාච, අභිජ්‍යා, දෝමනස්ස, මිත්‍යාදිට්ටි)
ආනඤ්ජාභිසංඛාර කියන්නේ: බමුනන්ගේ දැහැන් වඩන ක්‍රමය
පුණ්‍යාභිසංඛාර වලින් දිව්‍යලෝකයේ යන්න පුළුවන්
අපුණ්‍යාභිසංඛාර වලින් සතර අපායේ යන්න පුළුවන්
ආනඤ්ජාභිසංඛාර වලින් බ්‍රහ්මලෝකයේ යන්න පුළුවන්
ඔය එකකින් වත් නිවන් දකින්න බෑ. මේ හිත් හද හද යන එක නවත්තන එකයි භාවනාව
අභිසංඛාර වලින් ආශ්වාද තියනවා. TV එකක් බල බල (ඇහෙන් අභිසංඛාර කර කර) ඉද්දී කවුරුහරි TV එක වැහෙන්න හිටගත්තම තරහා යන්නේ ඒකයි. ශබ්ධය ඇහෙනවා, ඒත් ඒක ඇහුනට වැඩක් නෑ ඇහෙන්ම ඇහෙන් අභිසංඛාර කරන වැඩපිළිවෙලයි ඒ වෙලේ එයාට ආශ්වාදය. ඒකයි තරහ ගියේ
එහෙම තරහා අරගන දුක් වේදනාවත් එක්ක ද්වේෂයෙන් පටිච්ච වෙලා "දුක්ඛදුක්ඛ" යක් හදාගන්නවා
"සංඛත" අභිසංඛාර කරන්න පුළුවන්. ඒ කොහොමද? අවිද්‍යාප්‍රත්‍යයෙන්
සං කියන්නේ කෙලෙස් නෙවෙයි, රහතන්වහන්සේටත් සංඛාර තියනවා
සං කියන්නේ එකතු වෙනවා කියන අදහසයි.
නෙක්ඛම්මසංකල්පනා කියන්නේ කාමයෙන් මිදෙනපැත්තට එකතුවෙනවා කියන එකයි.
අභිසං කියන්නේ රාග ද්වේෂ මෝහ වලින් එකතු වෙන එක
සංඛත හා අසංඛත
සබ්බේ සංඛාරා අනිච්චාතී කියන එකේ සංඛාර කියන්නේ අනිත්‍ය වෙන ද්‍රව්‍ය වස්තු නෙවෙයි.
සංඛත කියන්නේ සැකසුන ඒවට. ඒ කියන්නේ පධාර්ථ
සංඛත වල ලක්ෂන තමයි ඉපදීම, පැවතීම, වෙනස්වීම, නැසීම
(උපචය, සංතති, ජරතා, අනිත්‍යතා ).
නිවන කියන්නේ අසංඛතයක්. නිවන හැර සියල්ලම සංඛතයි
සංඛාර නිර්මානය වෙන්නේ ආයතන වලින් රූප අරගන කරගන ඒවා රාග ද්වේෂ වලින් බැඳුනාමයි. අභිසංඛාර කියන්නේ සංඛාර කරපු එක රාග, ද්වේෂ මෝහ වලින් ගන්න එකයි.
පංචස්කන්ධය හා පංචෞපාධානස්කන්ධය ගැන සම්පූර්ණ විස්තරයක් ඔය කිව්ව ටිකේ තියනවා
2.3 විපාක ලෝකය ආයතන ලෝකය විදිහට
ආයතන ලෝකය ඇතුලේ ආයතන 12ක් තියනවා
අභ්‍යන්තර 6යි
චක්ඛායතනය, සෝතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය
බාහිර 6යි
රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, ඵොට්ඨබ්බායතනය, ධම්මායතනය
ඇසට රූපයක් ගැටුනහම ඒ දෙක --> චක්කායතනයයි, රූපායතනයයි වෙනවා
කනට ශබ්ධගැටුනහම ඒ දෙක --> සෝතායතනයයි, සද්දායතනයයි වෙනවා
නාසයට ගන්ධයක් ගැටුනහම ඒ දෙක --> ඝානායතනයයි ගන්ධායතනයයි වෙනවා
දිවට රසයක් ගැටුනහම ඒ දෙක --> ජිව්හායතනයයි රසායතනයයි වෙනවා
කයට ස්ඵර්ශයක් ගැටුනහම ඒ දෙක --> කායායතනයයි ඵොට්ඨබ්බායතනයයි වෙනවා
මනට ධම්මයක් ගැටුනහම ඒ දෙක --> මනායතනයයි ධම්මායතනයයි වෙනවා
ඔය ආයතනම කාය විදිහටත් මේ විදිහට විස්තර කෙරෙනවා
අභ්‍යන්තරයෙ- චක්ඛුකාය, ශෝතකාය, ඝානකාය, ජිව්‍යාකාය, කායකාය, මනෝකාය
බාහිරින්- රූපකාය, ශබ්ධකාය, ගන්ධකාය, රසකාය, කොට්ටබ්බකාය, ධම්මකාය

අනිත් ඇස, කන, දිව, නාසය කියන මේ 4ට පනවන්නේ උපේක්ෂා විතරයි
2.4 ධාතු ආකාරයට. (ධාතු 6යි )
පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝධාතු, වායෝ ධාතුව, ආකාස ධාතුව, විඥ්ඥාන ධාතුව
මූලපරියාය සූත්‍රයේ මේ ධාතු ආකාරයෙන් අරන් තමයි 31ක් තලයම විස්තර කරන්නේ
(31 තලය කිව්වේ මනුස්ස ලෝකය, දිව්‍යලෝක 6, බ්‍රහ්ම ලෝක 20, 4 අපාය)
චක්ඛු ධාතු, රූප ධාතු, විඥ්ඥාන ධාතු කියලා 18කට බෙදන්නත් පුළුවන්
(අර 6ත් එක්ක මේ 3 අරන් 6x3 විදිහට )
4) භෞතික ලෝකය විදිහටත් බෙදන්න පුළුවන්.
සත්ත්ව පුද්ගල, ද්‍රව්‍ය, වස්තු විදිහට විදිහට
පුද්ගල කියන්නේ දුව, පුතා, මව පියා වගේ
ද්‍රව්‍ය කියන්නේ යාන වාහන වතු පිටි,..ඔය වගේ
පුද්ගලයා කෙලෙස් සහිත වුනාම "සත්ත්ව" කියනවා
ද්‍රව්‍ය වලට කෙලෙස් වලින් බැඳුනම "වස්තු" කියනවා
සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු. ඔච්චරයි භෞතික ලෝකයේ තියෙන්නේ
දරුවෙකුට "මගේ රත්තරන් වස්තුව" කියන්නේ ඒ පුද්ගලයාට රාගයෙන් බැඳිලා
රහත් වුනාම "වස්තු" කෑල්ල අයින් වෙලා පුද්ගලයා වෙනවා
2.8 සතර මහා භූත විදර්ශනා කළ යුතුද?
ඔය සතර මහා භූත කියන්නේ "ඵලයක්"
හේතු ඵල වල අද බොහෝ දෙනෙක් "ඵලය" තමයි විදර්ශනා කරන්නේ
බුදුහාමුදුරුවෝ කිව්වේ "හේතුව විදර්ශනා කරන්න" කියලයි
සතර මහා භූතයන්ගේ ඇතිවීම නැතිවීම බල බල ඉන්න එක "ඵලය විදර්ශනා කිරිමක්." ඒක තනිකර බුදුහාමුදුරුවෝ කිව්ව එකට විරුද්ධ දෙයක්
ශරීරයක් අපිට ලැබෙන්න හෙතුව තමයි පෙර සසරේ අපි ශරීරයක් ලැබෙන්න කරපු දේවල් .ඒ මොනවද?
ඇයි අපිට ඇස් ලැබුනේ?
රූප දකින්න කැමැත්ත නිධන්කරගත්ත තන්හාවෙන් කරපු කුසල් හේතුවෙන්
හිත ලැබුනේ දැනගැනීමේ කැමැත්ත නිධන් කරගන තන්හාව නැමැති කර්මයෙන්
ඔය දෙකම ආශ්වාදයේ ප්‍රතිඵලයන්. සත්ත්වයා සසර ගෙනියන්නේ ඔය ආශ්වාදය නිසයි.
ඒ හේතු ටිකයි විදර්ශනා කරන්න ඕනේ. හේතුවක් නිසා ලැබුන මේ ඵලය විදර්ශනා කිරීමක් නෙවෙයි. "ඒකයි ආශ්වාදය විදර්ශනා කරන්නේ". ඔය ආශ්වාද තවමයි නැවත භවයක් අපිට අරන් දෙන්නේ
භාවනා කරද්දී සමාධි ප්‍රතිලාභයෙක් ලබන්න මෙනෙහි කල යුත්තේ මොකක්ද? මෙනෙහි නොකල යුත්තේ මොකක්ද කියලා ආනන්ද හාමුදුරුවෝ ඇවිත් අහපුවහම බුදුරජානන්වහන්සේ කියනවා මෙනෙහි කළ යුතු දේ වගේම මෙනෙහි නොකල යුතු දේවල් ලිස්ට් එකක්.
මොකද ලෝකයේ තියන ඒ දේවල් මෙනෙහි කළාම වැඩෙන්නේ ලෞකික ධ්‍යාන නිසා. ඔය ගැන තවත් දීර්ඝව විස්තරයක් පසුවට විස්තර කරලා තියනවා.
මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න
නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
නිවන්_මඟ_මෙන්න-(Part 20/20)
ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්

Last edited: