නිවන්_මඟ_මෙන්න-(05/20)
3.0 දැනගත යුතු මූලික අර්ථදැක්වීම්
3.1 පච්චයා
පටිච්චසමුප්පාද චක්‍රයේ හැමතැනම තියනව පච්චයා, පච්චයා කියලා
අවිද්‍යා -> පච්චයා -> සංඛාරා ඔය වගේ
මොකක්ද මේ පච්චයා කියන්නේ ? "ප්‍රත්‍ය වෙනවා" කියන එකයි
කොහොමද ප්‍රත්‍ය වෙන්නේ?
අභිධර්මපිටකයේ පට්ටානප්ප්‍රකරණයේ තියනවා ප්‍රත්‍ය වෙන ක්‍රම 24ක්
• හේතු ප්‍රත්‍යය
• ආරම්මන ප්‍රත්‍යය
• සමනන්තර ප්‍රත්‍යය
• අමඥ්ඥමමඥ්ඥ ප්‍රත්‍යය.... ඔය වගේ 24ක් තියනවා
ඒවගෙන් දැනගතයුතුම එක තමයි "හේතු ප්‍රත්‍යය"
අවිද්‍යා -> හේතු පච්චයා -> සංඛාරා
මොනවද මේ හේතු? පට්ඨානප්‍රකරණයට අනුව හේතු 6යි
ලෝභ, ද්වේෂ, මෝහ (අකුසල )
අලෝභ, අද්වේෂ, අමෝහ (කුසල )
ඔය කිව්ව කුසල අකුසල හේතු වල ඵල තමයි "කෙලෙස්" කියන්නේ
ගහකට ආලෝකයක් වැටුනම ඇහැට පෙනෙනවා....
උඩ පැන්නොත් බිම වැටෙනවා....ඔය හේතු නෙවෙයි බුද්ධසාසනයේ විස්තර කරන්නේ
කෙලෙස් කන්දෙන් අයින් වෙලා නිවන් දකින හැටියි.
"හේතු ඵල" කියන්නේ පෙර කල "කර්ම විපාක" නෙවෙයි. ඒවා රහතන්වහන්සේටත් තියනවා
හේතුඵල කියන්නේ කෙලෙස්
හේතු නිරෝධයෙන් ඵල නැති කරගන්න පුළුවන්
කෙලෙස් නැති කරලා නිවන් දකින්න පුළුවන්
විපාක, අභිසසංඛාර කියලා 2ක් තියනවා
විපාක කියන්නේ පෙර කල හේතුවේ ඵලය
ඒ විපාක අල්ලලා (අභිසසංඛාර කරලා) අපි නව කර්ම හදනවා. "නව හේතු" හදන වැඩ පිළිවෙල නිසයි සසරගමනක් යන්නේ
ඒකයි නවත්තගන්න ඕනේ.
3.2 අනිච්ච
අනිච්ච, දුක්ක, අනත්ත කියන වචන 3 ගනිමු,
"අනිච්ච" කියන පාලි වචනයට වචනයේ අර්ථ 2ක් තියනවා. නාම රූප වල රූපයේ (පධාර්ථයේ) ලක්ෂණ ගැන කියද්දී අනිච්ච කියලා කියන්නේ ස්ථිර නැති, හෙවත් " අනිත්‍ය "ය කියන අර්ථයයි. ඔතනට විතරයි "අනිත්‍ය" අර්ථය ගැලපෙන්නේ.
ඒ හැර, මුහුදේ කොතනින් ඇඟිල්ල ගහලා බැලුවත් ලුණු රසයි වගේ ත්‍රිපිටකය පුරාවටම මොන සූත්‍රය බැලුවත් තියෙන්නේ ආශ්වාදය, ආදීනවය නිස්සරනය ගැන. එහෙමත් නැත්නම් පටිච්චසමුප්පාදය ගැන. එහෙමත් නැත්නම් අනිච්ච, දුක්ඛ, අනත්ත ගැනයි
ආශ්වාදය ගැන කතා කරන හැම වෙලේම අනිච්ච කියන්නේ "ආශ්වාදය කැමැත්ත ඉෂ්ට කරන්නේ නෑ" කියන අර්ථයයි
ආශ්වාදය කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති නිසයි දුක එන්නේ
මොකද අනිත්‍ය වෙන සේරම දුක නෑ
දුකක් එන්නේ ඒ අනිත්‍ය දේ ගැන ආශ්වාදයක් හදාගන ඉන්නවා නම් විතරයි
"යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං"
"කැමති යමක් නොලැබේද, එයද දුකය"
(සංයුත්‌ත නිකාය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය)
දුක් වේදනාවක් විපරිනාම වෙද්දී සැපයි කියලා චුල්ලවේදල්ල සූත්‍රයේ තියනවා
යමක් අනිච්ච නම් දුකයි කියලා මහාපුණ්ණම සූත්‍රයේ තියනවා.
අනිච්ච කියන එක "අනිත්‍ය" (ස්ථිර නෑ) කියන අර්ථයෙන් ගත්තොත් ඔය දෙක පරස්පරයි
මේ තියෙන්නේ ඒ පරස්පරතා දෙකයි
“ආර්‍ය්‍යාවෙනි, සුඛවෙදනා කුමක් සුඛ කොට ඇති වේ ද, කුමක් දුක් කොට ඇති වේ ද? දුඃඛවෙදනා කුමක් දුක් කොට ඇති වේ ද, කුමක් සුඛ කොට ඇති වේ ද? උපෙක්‍ෂාවෙදනා කුමක් සුඛ කොට ඇති වේද, කුමක් දුක් කොට ඇති වේ ද
ඇවැත විසාඛයෙනි, සුඛවෙදනා ස්ථිති (අස්තිභාවයෙහි) සුඛ වෙයි. විපරිණාම (නාස්තිභාවයෙහි) දුඃඛ වෙයි. දුඃඛවෙදනා ස්ථිති දුඃඛ වෙයි. විපරිණාම සුඛ වෙයි. උපෙක්‍ෂාවෙදනා ඥාන සුඛ (දන්නාබව සුව කොට ඇති) වෙයි. අඥාන දුඃඛ (නොදන්නාබව දුක්කොට ඇති) වෙයි.”
(මජ්ජිමනිකාය, චූළවෙදල්ල සූත්‍රය)
"මහණෙනි, ඒ කිමැයි සිතවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ’යි.
‘වහන්ස, අනිත්‍ය යැ.’
‘යළි යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ’යි.
‘වහන්ස, දුක් වෙයි.’"
(මජ්‌ඣිම නිකාය, මහාපුණ්ණම සූත්‍රය)
3.3 අනත්ත
"අනත්ත" කියන්නේ "අසාරයි" කියන අර්ථයයි.
" අසාරකට්‌ඨෙන අනත්‌තා "
ආත්ම අනාත්ම කතාවක් කොහොමටවත් ගන්න බෑ. මොකද ආත්මයක් ඇත/නැත කියන දෙකම මිත්‍යාදිට්ඨි.
බුදුහාමුදුරුවෝ ඔය අන්ත 2 ම ප්‍රතිෂේප කළා
අයෝනිසෝමනසිකාරය නිසා දෘෂ්ඨි 6ක් ඇතිවෙනවා කියලා සබ්බාසව සූත්‍රයේ තියනවා. මාගේ ආත්ම ඇත, මාගේ ආත්මය නැත කියන මේ දෙකම අඥාන මිත්‍යා දෘෂ්ඨියක්
මහාපුණ්ණම සූත්‍රයේ රූප, වේදනා, සංඥා, සංඛාර අනාත්ම නම් අනාත්මයේ සිට කරන කර්මයෝ කවර ආත්මයක විපාක දෙන්නේද ඇහුවම අනාත්ම කිව්ව හාමුදුරුවන්ට "මෝඝ පුරුෂයා" කියලත් බැනලා තියනවා
"එකල්හි එක්තරා මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් උපන: ‘භවත්නි, මෙසේ කලි රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයෝ යැ, විඥානය අනාත්ම යැ, අනාත්මයෙහි සිට කළ කර්මයෝ කවර ආත්මයෙකැ සිට විපාක දෙන්නාහුදැ’යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්කය තමන් වහන්සේගේ සිතින් දැන භික්ෂූන් ඇමැතූ සේක: ‘මහණෙනි, තෙල කරුණ වැලිත් විද්‍යමාන වෙයි, යම් කරුණෙකින් මෙලොවැ ඇතැම් මෝඝපුරුෂයෙක් අවිද්වද් වූයේ අවිද්‍යාවට පැමිණියේ තෘෂ්ණාව අධිපති කොට ඇති සිතින් යුක්ත වැ ශාස්තෘශාසනය ඉක්මැයායුතු කොට සිතන්නේ ය: "
(මජ්‌ඣිම නිකාය, මහාපුණ්ණම සූත්‍රය, 123 පිටුව)
3.4 යෝනිසෝමනසිකාරය
සෝවාන් වෙන්න අවශ්‍ය අංග 4 තමයි සතරසෝතාපත්ති අංග කියන්නේ
කල්‍යානමිත්‍ර සේවනය, ශ්‍රද්ධර්ම සේවනය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්මප්‍රතිපදාව
යෝනිසෝමනසිකාරය කිව්වම "නුවනින් මෙනෙහි කිරීම" කියලයි ගිරවා දාලා හැමෝම කියන්නේ.
මොකක්ද නුවනින් මෙනෙහි කරන්නේ ඇහුවම කියනවා අහපු බන ටික කියලා.
"අයෝනිසෝමනසිකාර කවරෙ යත්: අනිත්‍යයෙහි නිත්‍ය යනු අයෝනිසෝමනසිකාර ය, දුඃඛයෙහි සුඛ යනු අයෝනිසෝමනසිකාර ය, අනාත්මයෙහි ආත්ම යනු අයෝනිසෝමනසිකාර ය, අශුභයෙහි ශුභ යනු අයෝනිසෝමනසිකාර යි, සත්‍යයනට විලොම විසින් හෝ චිත්තයාගේ ආවර්ජනයෙක් පුනපුනා ආවර්ජනයෙක් ආභෝගයෙක් සමන්වාහාරයෙක් මනසිකාරයෙක් වේ ද, මේ ‘අයෝනිසෝමනසිකාර’ යි කියනු ලැබේ."
(විභංග ප්‍රකරණ -2, බුද්ධක වත්ථු විභංගය, 234 පිටුව)
කිය කිව්වේ මොකක්ද?
අයෝනිසෝ මනසිකාරය කියන්නේ "අනිච්ච දේ නිච්ච විදිහට මෙනෙහිකරන එකත්, දුක්ඛ දේ සුඛ විදිහට මෙනෙහිකරන එකත්, අනත්ත දේ අත්ත විදිහට මෙනෙහිකරන එකත් කියන එකයි
එතකොට යෝනිසෝමනසිකාරය කියන්නේ
"අනිච්ච දේ අනිච්ච විදිහට මෙනෙහිකරන එකත්,
දුක්ඛ දේ දුක්ඛ විදිහට මෙනෙහිකරන එකත්,
අනත්ත දේ අනත්ත විදිහට මෙනෙහි කරන එකත්" කියන එකයි. ඔන්න යෝනිසෝමනසිකාරය.
එතකොට කල්‍යාන මිත්‍රයත් එක්ක අනිච්ච, දුක්ඛ, අනත්ත මෙනෙහි කිරීමයි කළ යුත්තේ
ධම්මානුධම්මප්‍රතිපදාව:
ධම්මානුධම්මප්‍රතිපදාව කියන්නේ "පන්සිල් රැකගන ඉන්න එක" කියලයි ගිරවා දාලා හැමෝම කියන්නේ.
බ්‍රහ්මලෝකයේ බ්‍රහ්මයෝ කල්ප ගානක් එක සිල් පදයක් වත් එහේ කඩන්නේ නෑ. ඒත් නිවන් දකින්නේ නෑ
"මහණෙනි, ධර්මානුධර්ම ප්‍රතිපන්න මහණහට මේ අනුලෝමධර්ම වෙයි:
යම් හෙයෙකින් රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ (අනිත්‍ය නුවණින්, දකිමින්) වාස කෙරේ ද, වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනිත්‍යානුදර්ශී වැ වාස කෙරේ ද, හේ රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ වාස කරනුයේ වේදනායෙහි ... සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනිත්‍යානුදර්ශී වැ ව්‍යාස කරනුයේ රූපය පිරිසිඳ දනියි."
(සංයුත්‌ත නිකාය, දෙවැනි අනුධම්‌ම සූත්‍රය)
ධම්මානුධම්මප්‍රතිපදාව කියන්නේ රූපය අනිච්චානුපස්සී විහරති, වේදනා අනිච්චානුපස්සී විහරති, සංඥා, සංඛාර, විඥ්ඥාන ....ඔය වගේ සේරටම
ඒ කියන්නේ පංචස්කන්ධය, පංඋපාධානස්කන්ධය අනිච්ච දුක්ඛ විදිහට මෙනෙහිකරන එකයි ධම්මානුධම්මප්‍රතිපදාව කියන්නේ
සීල සූත්‍රය ට අනුව සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් වෙන්නත් කරන්න තියෙන්නේ ඕකමයි.
පංචඋපාධානස්කන්ධය අනිච්ච දුක්ඛ විදිහට මෙනෙහි කරන එකම තමයි. ඒක කරන්නේ කොහොමද කියලා කලින් විස්තර කළා.
එතකොට ඔහොම කර කර ඉද්දී කෙනෙක් සෝතාපන්න වුනොත් එහෙම වුනා කියලා දැනගන්නේ කොහොමද?
සියළු සංඛාර අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා එයා දන්නවා
හිතට එන කිසිම සිතුවිල්ලක් නිච්චයි, සුඛයි, සාරයි කියලා ගන්නේ නෑ
3.5 අවිද්‍යාව
අවිද්‍යාව කියන්නේ මොකක්ද? හැමෝම ගිරවා දැම්මා වගේ කියන්නේ සතුරාර්‍ය සත්‍යය නොදැනීම කියලයි.
එහෙම එකක් නැතුව නෙවෙයි, එහෙම එකක් මේ වගේ තියනවා
1) "අවිද්‍යා කවර යත්: දුඃඛසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛසමුදයසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි නො දැනීම යි. මේ අවිද්‍යා යි කියනු ලැබේ.”
(විභංගප්‍රකරනය-1, පටිච්චසමුප්පාද විභංගය, 245 පිටුව)
ඒත් ඕකේ වැඩි විස්තර අනිත් සූත්‍ර වල තියනවා
ත්‍රිපිටකයේ ඒ ගැන තියන අනිත් තැන් බලමු
2) එකත්පස් ව හුන්, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා ය යි කියනු ලැබේ. ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජා ගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රුපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වෙදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි"
(සංයුත්ත නිකාය, පඨම අස්සාද සූත්‍රය, 307 පිටුව)
ස්ඵර්ශ ආයතන 6යේ ආශ්වාදයත්, ආදීනවයත් තතු සේ නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ
3) "ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රුපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වෙදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි."
(සංයුත්ත නිකාය-1, පඨම අස්සාද සූත්‍රය )
ඔතන කියන්නෙත් කලින් කිව්ව එකමයි. රුප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන වල ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී නම් ඒකටයි අවිද්‍යාව කියන්නේ
ඔතන ආශ්වාදය කියන්නේ මොකක්ද කියලයි මේ තියෙන්නේ
"මහණෙනි, රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයෙහි ආස්වාද යැ. යම්හෙයෙකින් රූපය අනිච්ච දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ රූපයෙහි ආදීනව යැ. රූපයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයෙහි නිස්සරණ යි. මහණ, වේදනාව නිසා යම් ... සංඥාව නිසා ... සංස්කාරයන් නිසා ... විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයෙහි ආස්වාද යැ, යම් හෙයෙකින් විඥානය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ විඥානයෙහි ආදීනව යැ. විඥානයෙහි යම් ඡන්‍ද රාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ විඥානයෙහි නිස්සරණැ’ යි වදාළහ" (මජ්ජිමනිකාය-3, මහාපුණ්ණම සූත්‍රය, 120 පිටුව )
4) "වහන්ස, කෙසේ දන්නා කෙසේ දක්නා මහණහුගේ අවිදු පැහේ ද? විදු උපදී දැ? යි. මහණ, ඇස අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදි යි. රූ අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. චක්ඛුවිඤ්ඤාණය අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. ඇස්පහස අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදියි ..."
(සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, අවිජ්‌ජා සූත්‍රය)
ඔන්න අවිද්‍යාව නැති කරගන්න විදිහ කියලා තියනව. "අනිස" කියන්නේ අනිච්ච කියන එක සිංහලෙන්.
ඇස, රූපය, චක්ඛු විඥ්ඥාණය අනිච්චයි දුක්කයි අනත්තයි කියලා මෙනෙහි කරන්න ඕනේ
කන, ශබ්ධ, සෝත
දිව....ඔය වගේ ආයතන 6ම
ආශ්වාදයේ ආදීනවය තමයි අනිච්ච දුක්ඛ අනත්ත කියන්නේ
ඔය කියලා තියෙන්නේ ආශ්වාදයේ ආදීනවය දැක්කම අවිද්‍යාව නැති වෙනවා කියලයි
එතකොට ඔය කියලා තියන විදිහට ස්ඵර්ශ ආයතන 6යේ ආශ්වාදයත්, ආදීනවයත් තතු සේ නොදැනීම තමයි "අවිද්‍යාව" කියන්නේ
3.6 මිත්‍යා දිට්ඨිය
බුදුරජානන්වහන්සේගේ කාලයේ මිත්‍යාදිට්ඨි 62ක් තිබුණා
උන්වහන්සේ දේශනා කරපු සම්මාදිට්ඨිය කියන්නේ 62ක් මිත්‍යා දිට්ඨි අතර 63වන දිට්ඨිය නෙවෙයි
62ක් මිත්‍යාදිට්ඨි වලින් මිදීමයි සම්මාදිඨිය කියන්නේ
ලෞකික සම්මාදිට්ඨියේ අංග 10ක් තියනවනේ මව ඇත, පියා ඇත, දුන් දේ විපාක ඇත,..... කියන ලිස්ට් එක.
ඔය 10 විස්වාස නොකරන එක තමයි "දස වස්තුක මිත්‍යාදිට්ඨිය" කියන්නේ.
දස වස්තුක මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ ලෞකික සම්මාදිට්ඨියේ අනිත් පැත්ත.
"මිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන් දැය විපාක නැත, යජන ලදුයෙහි විපාක නැත. පුදන ලදුයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක නැත. (පරලොවැ සිටියහුට) මේ ලොව නැත, (මෙලොවැ සිටියහුට) පරලොව නැත, මවු නැත, පියා නැත, (සැවැ උපදනා) ඕපපාතික සත්‍වයෝ නැත, ලොවැ යම් කෙනෙක් මේ ලොවත් පර ලොවත් විශිෂ්ටඥානයෙන් තුමූ මැ ප්‍රත්‍යක්‍ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නැතැ’යි. මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටි නම් වෙයි."
(මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, අනුපද වර්ගය, මහා චත්තාරීසක සූත්‍රය, 215 පිටුව)
යම් අයෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වුනාම (ඒ කියන්නේසෝවාන් වුනාම) එයා (ප්‍රානඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුෂාවාච, අභිජ්ජා, දෝමනස්ස, මිත්‍යාදිට්ටි) කියන දස අකුසල් වල "මිත්‍යාදිට්ඨියයි, ආනන්තරීය පාපකර්මයි" කියන 2 කරන්නේ නෑ. (අනිත් සේරම එයා අතින් කෙරෙන්න පුළුවන්. වෙන මිනිහෙක් මැරෙන්න වුනත් පුළුවන්)
නමුත් එයාගේ පොලවේ ප්‍රමාණයට තිබුන කෙලෙස් වලින් ඉතුරු වෙන්නේ අතට ගත්ට පස්පිඬක් වගේ ප්‍රමාණයක් තමයි. (නඛසිඛා සූත්‍රය). මොකද මිත්‍යායාදිට්ඨිකයා (පෘතජනයා) හිතන්නෙම අකුසලයෙන්. ලෝකෝත්තර සම්මාදිට්ඨිකයා (සෝවාන් පුද්ගලයා) හිතන්නෙම කුසලයෙන්
මහපොළව වගේ කෙලෙස් තියාගනයි සමහරු හාල්මැස්සෙක් වත් නොකා ඉන්නේ. හැබැයි ඔහු ඉන්නේ මිත්‍යාදිට්ඨියක වෙන්න පුළුවන්
එතකොට කෙනෙක් අඩුම ගානේ ලෞකික සම්මාදිට්ඨියට පත් වුනාම ඔය උඩින් කියපු 10 ඇත, ඇත කියලා විස්වාස කරනවා කියන්නේ එයාගේ මෝහයක් නෑ. මෝහයෙන් කවදාවත් පිනක් කරන්නේ නෑ. මෝහය තියන කෙනා සතර අපාගත වෙන කර්මයි කරන්නේ
එතකොට මේ මිත්‍යාදිට්ඨිය කියන්නේ මොකක්ද?
"මහණ, ඇස අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. රූප අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. ඇස්පහස අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. කන අනිස විසින් ... නැහැය ... දිව ... කය ... සිත"
(සංයුත්ත නිකාය 4, මිච්‌ඡාදිට්‌ඨිප්පහාන සූත්‍රය, 291 පිටුව)
රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ කියන ඒවා නිච්චයි, සුඛයි, සාරයි කියලා ගන්න එකයි මිච්ජාදිට්ඨිය. කේන්දර බලන ඒවා, නැකත් බලන ඒවා මිච්ජාදිට්ඨිය කියලයි අද හැමෝම හිතන් ඉන්නේ.
"ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම්" කියලා කියන්නේ ආශ්වාදය කියන එකයි
ආශ්වාදය නිච්චයි, සුඛයි, සාරයි කියලා ගන්න එකයි මිච්ජාදිට්ඨිය. (ඇස වගේම තමයි කන, දිව, නාසය, කය, මන කියන අනිත් ආයතන ටිකටත්)
එතකොට මිත්‍යාදිට්ඨිය නැති කරන්න නම් රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ කියන ඒවා අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා ගන්න එකයි කරන්න තියෙන්නේ
ඇස, කන, නාසය...ඔය ආයතනතන ටිකයි, රූප ශන්ධ ගන්ධ... ටිකයි, විඥ්ඥා ටිකයි කියන ඔය 18ම ආනිච්ජ, දුක්ඛ, අනත්ත විදිහට ගන්න එකයි සම්මාදිට්ඨිය වෙන්නේ
3.7 අවිද්‍යාව හා මෝහය අතර වෙනස
කසින භාවනාවක් කරද්දිත් රාග, ද්වේෂ, මෝහ වලින් තොරයි. ඒත් අවිද්‍යාවෙන් මිදිලා නෑ
කසින භාවනා කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් ගොඩනඟන පුණ්‍යාභිසංඛාර, ආභින්ජාභිසංඛාර.
ලෞකික සම්මාදිට්ඨියෙන් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අසිත තවුසා පුණ්‍ය සෘදියෙන් දිව්‍යලෝකයේ ගියා වගේ
නිවන පැත්තට තියන බණක්, අනිච්ච දුක්ඛ, අනත්ත ගැන කියවෙන බනක් අහගන ඉද්දී මනස තුල හැදෙන්නේ අවිද්‍යා නිරෝධයට මඟක්.
සෝවාන් ඵලය ලැබෙනකොට තමයි, සෝවාන් චිත්තයෙන් තමයි ලෞකික සම්මාදිට්ඨියෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්නේ.
4 වන ධ්‍යානයේ අවිද්‍යාව නෑ. ඒත් ධ්‍යානයෙන් එලියට ආවම ආයෙත් පෘතජනයෙක් වෙන්න පුළුවන්.
අවිද්‍යාව නැති වෙන්නේ රහත් ඵලයේදියි. ලෞකික සම්මාදිඨිය අවිද්‍යාවට අයිතියි. (අවිද්‍යාව නැති වෙන්නේ ලෝකෝත්තර සම්මාදිඨියට ආවහමයි). හැබැයි ලෞකික සම්මාදිට්ඨියේ අවිද්‍යාව තිබුනට පින් කරගන්න පුළුවන්. ඒකනේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනඤ්ජාභිසංඛාර 3 ම සිද්ද වෙනවා කියලා කලින් කිව්වේ.
"ආනඤ්ජ" කියන්නේ විරුද්ධ ධර්ම වලින් හෙලවෙන්නේ නැති කර්ම හෙවත් "අරූපාවචර දැහැන්සිත්". කාම, ද්වේෂ වලින් හෙලවෙන්නේ නෑ. කොටින්ම අරූපාවචර දැහැනකර්ට සමවැඳුනම කනෙන් ශබ්ධයක් ආවත් ඇහෙන්නේ නෑ
අවිද්‍යා ප්‍රත්‍යයෙන් භවාගාමී කර්ම කරන්නේ
පුණ්‍යාභිසංඛාර වලින් දිව්‍යලෝකයේ යන්න පුළුවන්
අපුණ්‍යාභිසංඛාර වලින් සතර අපායේ යන්න පුළුවන්
ආනඤ්ජාභිසංඛාර වලින් බ්‍රහ්මලෝකයේ යන්න පුළුවන්……ඔය එකකි වත් නිවන් දකින්න බෑ
“සුමනාවනි, දන් දිය යුතුය, පිං කළ යුතුය” කියලා කිව්වා. ඒ ඇයි?
නිවන් දකිනකම් මඟ වියදමට. නිවනට උපනිශ්‍රයක් විදිහට දන් පින් කරන්න ඕනේ
බුද්ධ සාසනයේ රාග, ද්වේශ මෝහ වලින් මිදෙන්නේ අවිද්‍යා නිරෝධයෙන්.
ඒක තමයි ලෝකෝත්තර විදිහට රාග ද්වේෂ මෝහ දුරු කරන විදිහ
මෝහයෙන් කවදාවත් පිනක් කරන්නේ නෑ
මෝහය තියන කෙනා සතර අපාගත වෙන කර්මයි කරන්නේ
දස වස්තුක මිත්‍යාදිට්ටිය කියන්නේ ලෞකික සම්මාදිට්ඨියේ විරුද්ධ පැත්ත
මෝහයෙන් මිදෙන්න පුළුවන් අඩුම ගානේ ලෞකික සම්මාදිට්ඨියට වත් ආවොත්
ලෝකෝත්තර සම්මාදිට්ඨියට ආවොත් අවිද්‍යාවෙනුත් මිදෙන්න පුළුවන්
අකුසල් සිත් හැම වෙලේම ද්විහේතුකයි. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ 3ම එක පාර යෙදෙන්නේ නෑ. 2යි යෙදෙන්නේ. ඒ හැම වෙලේම "මෝහ" හිත නම් තියනවා මේ වගේ
“මෝහ ලෝභ”, “මෝහ ද්වේෂ” තමයි යෙදෙන්නේ
කුසල් සිත් ද්විහේතුක වෙන්නත් පුළුවන්, ත්‍රිහේතුක වෙන්නත් පුළුවන් (අද්වේෂ, අලෝභ, අමෝහ )
"ත්‍රිහේතුක උද්කෘෂ්ට" කුසලයකින් උපන් කෙනාට සෝවාන් වෙන්නත් පුළුවන්
දුන් දේ විපාක තියනවා කියලා දැනගන කෙනෙක් යමක් තව කෙනෙකුට දෙයක් දෙනවා නම් එතන "ත්‍රිහේතුකයි". මොකද එතන අලෝභය, අද්වේෂය, අමෝහය කියන 3 ම තියනවා
අන්‍යාගමික කෙනෙක් ආධාර දෙන එක ද්වේතුකයි
එතන අලෝබය, අද්වේෂය තියනවා, ඒත් අමෝහය නෑ මෝහය තියෙන්නේ. මොකද එයා ලෞකික සම්මාදිට්ඨියට ඇවිත් නැති නිසා. අන්න ඒකයි විපාක දැනගන දන් දීමේ ආනිසන්ස වැඩි
කොහොඹ ගහකුයි, ඉදි ගහකුයි එකම පොලවේ හිටවපුවහම එකම විදිහට වතුර, පොහොර ලැබුනත් රස වෙනස්. ඒ වගේ තමයි මිත්‍යාදිට්ඨිකයයි සම්මාදිට්ඨිකයයි (බීජ සූත්‍රය)
ඒ නිසයි එකම දේ සම්මාදිට්ඨිකයා කරනවට වඩා මිත්‍යාදිට්ඨිකයා කළාම අකුසලය වැඩි
මොකද මිත්‍යාදිට්ඨියකයා හිතෙන්නෙම මෝහයෙන්
එයාගේ හැම සිතුවිල්ලකම මෝහය තියනවා……මෝහයෙන් පින් කරන්න බෑ
"මහණෙනි, යම් සේ කොසඹ බිජුවටෙක් වේවයි තික්ත ලබු බිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි නික්ෂිප්ත වූයේ යම් ම පොළෝරසයක් හා අල්වාගනී නම්, යම් ම ආපොරසයක් හා අල්වාගනී නම්, එහැම තික්ත භාවය පිණිස, කුළුබව් පිණිස, අශාතභාවය පිණිස වැටෙයි. එ කවරහෙයින යත්: මහණෙනි, බිජුවට ලමුමැයි.
මහණෙනි, එපරිද්දෙන් ම මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යාසංකල්ප ඇති - මිථ්‍යාවාක් ඇති - මිථ්‍යා කර්‍මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි වූ පරිද්දෙන් ගන්නා ලද සමාදන්වන ලද යම් කායකර්‍මයක් හා - යම් ම වාක්කර්‍මයක් හා දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම් ම මනඃකර්‍මයක් හා - යම් ම චේතනාවක් හා යම් ම ප්‍රාර්ථනාවක් හා යම් ම ප්‍රණිධියක් හා යම් ම සංස්කාර කෙනෙක් හා වෙත් ද එ හැම දහම්හු අනිටු බව පිණිස, අකාන්තය පිණිස දුක් පිණිස වැටෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය ලමු මැයි. (එහෙයිනි)"
(අඞ්‌ගුත්‌තර නිකාය, දසක නිපාතය, සමණසඤ්‌ඤා වර්ගය බීජ සූත්‍රය)
මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න
නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
නිවන්_මඟ_මෙන්න-(Part 20/20)
ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්

Last edited: