නිවන්_මඟ_මෙන්න-(Part 07/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(07/20)

    4.0 සතර සතිපට්ඨානය

    සිහියෙන් අත පය හොල්ලන එකයි "කායානුපසනා" කියලා බොහෝ දෙනෙක් වඩන්නේ.
    ඕක නෙවෙයි බුද්ධ ශාසනයේ කරන්න කියන්නේ. "කායේ කායානුපස්සනා"වයි වඩන්න්න ඕනේ.

    කායේ කායානුපස්සනා, වේදනාවේ වේදනානුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනාවයි, ධම්මේ ධම්මානුපස්සනාවයි
    (කලින් දුක්ඛදුක්ඛ කිව්වා වගේ වචන දෙක දෙක තියෙන්නේ)

    කායේ කායානුපස්සනා කිව්වම කාය 2ක් තියනවා. මොකක්ද මේ කාය 2?

    විපාක කය+ ආශ්වාද කය
    (පංචස්කන්ධ කය + පංච උපාධානස්කන්ධ කය)

    අපි නිරෝධ කරන්න ඕනේ විපාක කය ආශ්වාදයට යොදවලා හදාගත්ත ඔය "දෙවෙනි කය" යි

    රහතන්වහන්සේ පිණ්ඩපාතයේ යන්නේ විපාක කය පවත්වගන්න
    අපි චයිනීස් රෙස්ටූරන්ට් එකකට ගිහින් "දෙන්නම් අද බඩ පැලෙන්න" කියලා යන්නේ "ආශ්වාද කයයි, විපාක කයයි දෙකම" පවත්වාගන්නයි

    කායේ කායානුපස්සනා, වේදනාවේ වේදනානුපස්සනා කරන්නේ කොහොමද කියලා බලන්න කලින් මේ දෙවෙනි කය ගැන තියන සූත්‍ර එකින් එක අරන් බලමු මොකක්ද මේ දෙවෙනි කය කියන්නේ, ඒක කොහොමද හැදෙන්නේ, ඒක නිරෝධ කරන්නේ කොහොමද කියලා. කායේ කායානුපස්සනා කරන්නේ කොහොමද කියලා අන්තිමටම වෙන වෙනම විස්තර කරලා තියනවා

    "මහණෙනි, යම්සේ ආහාර ප්‍රත්‍යයයෙන් සිටුනා මේ කය අහර නිසා පවතීද, අහර නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින්ම ආහාර ප්‍රත්‍යයයෙන් සිටුනා පඤ්ච නීවරණයෝ අහර නිසා පවතිත්, අහර නැතිව නො පවතිත්."
    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, බොජ්ඣඞ්ග සංයුක්තය, කාය සූත්‍රය)

    ඔය කිව්වේ මොකක්ද? මේ කයට ආහාරය තමයි "පංචනීවරන"
    එතකොට මේ දෙවෙනි කය කියන්නේ "පංචනීවරන කයයි"

    කාමච්ජන්දයට ආහාරය "රාගයයි", ව්‍යාපාදයට ආහාරය "ද්වේෂයයි"
    ථීනමිද්දය, උද්දච්ජ, විචිකිච්ජාවට ආහාරය "මෝහයයි"

    "මහණෙනි, නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිස ද උපන් කාමච්ඡන්දයාගේ බහුල බව විපුල බව පිණිස ද ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, ශුභ නිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරිමෙක් වේ ද නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්දය බොහෝ වීම පිණිසත් විපුලත්වය පිණිසත් මේ ප්‍රත්‍යයයි."
    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, බොජ්ඣඞ්ග (සංයුක්තය, කාය සූත්‍රය)

    ඔය කිව්වේ මොකක්ද?

    අයෝනිසෝමනසිකාරය නිසා කාමච්ජන්දය උපදිනවා කියලයි කියන්නේ. අයෝනිසෝමනසිකාරය කියන්නේ මොකක්ද කියලා කලින් කිව්වා. කාමච්ජන්දයට ප්‍රත්‍යය අයෝනිසෝමනසිකාරයයි

    රොකට් එහෙම හඳට යවන්නෙත් නුවනින් මෙනෙහි කරලා. එතකොට ඒවා යෝනිසෝමනසිකාරයද? නෑ

    එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? යෝනිසෝමනසිකාරය කියන්නේ "අනිච්ච දේ අනිච්ච විදිහට මෙනෙහිකරන එකත්, දුක්ඛ දේ දුක්ඛ විදිහට මෙනෙහිකරන එකත්, අනත්ත දේ අනත්ත විදිහට මෙනෙහිකරන එකත් කියලා කලින් සඳහන් කළා.

    කාමච්ජන්දයට වගේම, ව්‍යාපාද, ථීනමිද්ද, උද්දච්ජ, විචිකිච්ජයටත් ඔය වගේම විස්තර කරලා තියනවා. අයෝනිසෝමනසිකාරය නිසයි ඔය සේරම උපදින්නේ

    ඒ කියන්නේ "කායේ කායානුපස්සනා" වඩනවා කියලා කරන්න ඕනේ "ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි" කියලා මෙනෙහි කරන එකයි

    සමුදය සූත්‍රය ඇසුරිනුත් තවත් බලමු මේ 2 වෙනි කය ගැන

    "මහණෙනි, සිවුසීවටන් හි සමුදයත් අත්ථගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, කයෙහි සමුදය කිමෙක් ද යත්: ආහාරසමුදයයෙන් කයෙහි හට ගැනීම වේ, ආහාරනිරොධයෙන් කයෙහි අස්තඞ්ගමය වේ. ඵස්ස සමුදයයෙන් වෙදනාවන්ගේ හට ගැනීම වේ. ඵස්ස නිරොධයෙන් වෙදනාවන්ගේ අස්තඞ්ගමය වේ. නාමරූපසමුදයයෙන් සිතේහටගැනීම වේ. නාමරූපනිරොධයෙන් සිතේ අස්තඞ්ගමය වේ. මනසිකාරසමුදයයෙන් ධර්මයන්ගේ හටගැනීම වේ. මනසිකාරනිරොධයෙන් ධර්මයන්ගේ අස්තඞ්ගමය වේ යි."
    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සතිපට්ඨාන සංයුක්තය, සමුදය සූත්‍රය )

    සිවුසීවටන් කියන්නේ- සතර සතිපට්ඨානය
    මේ ආහාර කියන්නේ කන ආහාර නෙවෙයි. බත් පාංකව්වුපි මුං ඇට නෙවෙයි
    ආහාර කියන්නේ බත් පාංකව්වුපි මුං ඇට කියලා ගත්තොත් "ආහාර නිරෝධයෙන් කයෙහි අත්තංගමය වේ" කියන නිසා කය නිරෝධය කරන්න නම් කන්නේ නැතුව හිටියම හරි වෙන්න ඕනේ.

    පංචනීවරනයට ආහාර තමයි "ආශ්වාදය" හෙවත් රාග ද්වේෂ මෝහ
    (උඩින් කතා අකලා මේක ගැන )

    "ආහාර නිරෝධයෙන් කයෙහි අත්තංගමය වේ" කියලා කිව්වේ භෞතික කය නෙවෙයි. රහතන්වහන්සේ භෞතික කය තියනවා ආශ්වාද කයයි නැත්තේ

    "ඵස්ස සමුදයෙන් වේදනාවේ හටගැන්ම වේ. ඵස්ස නිරෝධයෙන් වේදනාවන්ගේ අත්තංගමය වේ"
    මේ කිව්වේ මොකක්ද
    රහතන්වහසේට වේදනා තියනවා, ස්ඵර්ශයත් දැනෙනවා. එහෙනම් මේ කියන්නේ ඔය වේදනා නෙවෙයි

    රාග ද්වේෂ මෝහ වලින් හටගන්නා වේදනාවයි ඔය කියන්නේ
    ඒ කියන්නේ "සංඛාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛ දුක්කයි"

    පංචස්කන්ධ කයයි, පංච උපාධානස්කන්ධ කයයි ගැන ඔය කියන්නේ

    ඕක නොදැන සතර සතිපට්ඨානය වඩන්නේ කොහොමද?
    සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් වෙන්නත් කරන්න තියෙන්නේ එහම දෙයයි. ඒ තමයි ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා මෙනෙහි කරන එකයි. ඒ නැතුව කය දිහා බලන් ඉන්න එකක් තියෙන්නත් විදිහක් නෑ. දෙතිස් කුණුප දිහා බලන් ඉන්න එව්වත් නෑ, හුස්ම රැල්ල දිහා බලන් ඉන්න එව්වත් නෑ

    "භූමිජ සූත්‍රය" ඇසුරිනුත් තවත් බලමු මේ 2 වෙනි කය ගැන

    "ආනන්ද, කය ඇති කල්හිත් කායසඤ්චෙතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. ආනන්ද, වචනය ඇති කල්හිත් වචීයසඤ්චෙතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. ආනන්ද, සිත ඇති කල්හිත් මනොසඤ්චේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. අවිද්‍යාප්‍රත්‍යයෙන් ද (සුවදුක්) උපදි."
    (සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, භූමිජ සූත්‍රය)

    ඔය කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සිත, කය, වචනය මූලික කරගෙන මේ හදන සුවදුක් ගැනයි.
    ඒ කියන්නේ ආශ්වාදයක් ගැනයි. ඔය කියන්නේ නිරෝධ කළ හැකි "කය" ගැනයි ඔය කියන්නේ

    "යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද, අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් ඒ කය නොවේ. යම් ප්‍රත්‍යය කින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ වචනය නො වේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ සිත නොවේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ කෙත නො වේ. ... ඒ වාස්තුව නො වේ. ... ඒ ආයතනය නො වේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ අධිකරණය නො වේ."
    (සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, භූමිජ සූත්‍රය)

    ඔන්න කියනවා "ඒ කය නොවේ" කියලා අවිද්‍යාව ඉවර වෙනකොට "නැතිවෙලා යන කයක්" ගැන
    කෙකෙන්ක් රහත් වෙද්දී කය වාෂ්ඵ වෙලා යනවද? නෑ.
    එහෙනම් මේ කියන්නේ මොන කය ගැනද? කායේ කායානුපස්සනා කය
    සිත, කය වචනය කියලා 3ක් පරිහරනය කලා රාග ද්වේෂ මෝහයන්ගෙන්. ඒ 3ම දැන් නෑ

    "ගෙලඤ්ඤ සූත්‍රයේ" ත් ඔය ටිකම තියනවා. දෙවෙනි කය ගැන

    මනා සිහියෙන් වටපිට බල බල, අත් කකුල් හොල්ල හොල්ල ඉද්දී ඒ කය ගැන සුව වේදනාවක් උපන්නොත් ඒක දෙවෙනි කයක් නිසයි එහෙම සුව වේදනාවක් උපදින්නේ. ඒ කය අනිච්ච විදිහට දකින්න, ඒතකොට ඒ කයේ රාගය නැති වෙනවා කියලා 2 වෙනි කය නැතිකරගන්න විදිහ ගැන කියනවා
    වැඩි විස්තර ඕනේ නම් මෙතනින් බලන්න
    (සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, වෙදනා සංයුක්තය, ගෙලඤ්‌ඤ සූත්‍රය)

    හරි, දැන් කය කියන්නේ මොකක්ද කියන එක අඳුනගත්තා, ඊ ලඟට කායේ කායානුපස්සනා, වේදනාවේ වේදනානුපස්සනා කරන්න කලින් මොකක්ද මේ "අනුපස්සනා" කියන්නේ බකමු. මොකද අනුපස්සනාව කියන්නේ මොකක්ද දන්නේ නැතුව කායේ කායානුපස්සනා කරන්නේ කොහොමද?

    අනුපස්සනාව:

    "අනිච්චතො අනුපස්සති නො නිච්චතො,
    දුක්ඛතො, අනුපස්සති නො දුක්ඛතො
    අනත්තති අනුපස්සති නො අත්තතො
    නිබ්බින්දති, විරජ්ජති, නො සමුදෙති"

    (ඛුද්‌දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ 1, මහා වර්ගය, ආනාපානසතිකථා, සතොකාරිඥානනිර්දේශය, 334 පිටුව ),

    යමක් අනිච්ච, දුක්ඛ, අනත්ත විදිහට දැකලා රාග ද්වේෂ මෝහ පහ කරන එකයි අනුපස්සනාව කියන්නේ (ඒ කියන්නේ යෝනිසෝමනසිකාරයයි")

    ඔය විදිහට සතර සතිපට්ඨානය වැඩෙනකොට සතර සම්‍යක්ප්‍රධාන, සෘද්ධිපාද, පන්ච ඉන්ද්‍රිය, පන්ච බල, සප්ත බොජ්ජංග, ආර්යෂ්ටාන්ගික මාර්ගය කියන මේ ටික සේරම එක දිගට වැඩෙනවා

    4.1 කායේ කායානුපස්සනා

    "මහණෙනි, මේ සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති: කවර සතර දෙනෙකැ යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් දුරු කොට කයෙහි කය අනුව බලනසුලු වැ වාසය කෙරෙයි. වේදනාවන්හි .. චිත්තයෙහි ... කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් දුරු කොට ධර්‍මයන්හි ධර්‍මයන් අනු වැ බලනසුලු වැ වාසය කෙරේ. මහණෙනි, මොහු සතර සතිපට්ඨානයෝ“ යි "

    කිසෙයින් කයෙහි කය අනු වැ බලනසුලු වැ වාසය කෙරේ ද යත්: මෙසස්නෙහි ඇතැමෙක් පඨවීධාතුකාය (පඨවිධාතු සමුහය) අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ යැ, නිච්ච හෙයින් නො දක්නේ යැ, දුඃඛ හෙයින් පුනපුනා දක්නේ යැ, සුඛ හෙයින් නො දක්නේ යැ, අනත්ත හෙයින් පුනපුනා දක්නේ යැ, අත්ත හෙයින් නො දක්නේ යැ, කලකිරෙයි, සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි"

    (ඛුද්‌දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, පඤ්‌ඤා වර්ගය, සතිපට්ඨාන කථා)

    ඔය විදිහට පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා භූත වලටත්, කේසා, ලෝමා....දෙතිස් කුණුප වලටත් සේරටම විස්තර කරනවා

    කෙස් කියන්නේ ඵලයක්. හටගන්න හේතුව තමයි "කෙස් අවිද්‍යාව"
    ඔය විදිහට කෙලෙස් 4+32 ක් තියනවා
    ඔය ටික අතීත කර්ම. අනාගතයේ මතු කයක් හැදෙන්නේ නැති වෙන්න විදර්ශනා කරන එකයි කරන්න ඕනේ

    විපාක කය කියන්නේ ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය,
    එතකොට කේස කාය, ලෝම කාය, ජවි කාය,....

    ඔය ටික අනිච්ච, දුක්ඛ, අනත්ත විදිහට දකිනවා

    ගිරිමානන්ද සූත්‍රයේ තියනවා වගේ දෙවෙනි කය අනුපස්සනා කරනවා
    අනුපස්සනා අරනවා කියන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත අනුව පහ කරනවා කියන එක

    ඒ ආශ්වාද කයේ සුඛ වේදනාව අනිච්චානිපස්සනා කර කර, විරාගය අනුව බලද්දී ඒ කයේ සුඛ වේදනාවේ රාගානුසය නැති වෙනවා

    පලවෙනි කය (විපාක කය) අනුපස්සනා කරන්න බෑ, ඒ නිසා පලවෙනි කය අනිච්ච සේ දකිනවා, දෙවෙනි කය අනුපස්සනා කරනවා
    ඒ කියන්නේ පංචස්කන්ධය අනිච්ච සේ දකිනවා පංච උපාධානස්කන්ධය අනුච්චානුපස්සනා කරනවා

    කයේ කය අනුව බලමින් ඉන්න කොට කොහොමද සතර සතිපට්ඨානයම එතන වැඩෙන්නේ?

    රූප අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා මෙනෙහි කරනවා
    රූප කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි
    එතකොට කායේ කායානුපස්සනාව වැඩෙනවා

    4.2 වේදනාවේ වේදනානුපස්සනා

    "කිසෙයින් වේදනාවන්හි වේදනානුදර්ශී වැ වාසය කෙරේ යැ යත්: මෙසස්නෙහි ඇතැමෙක් සුඛවේදනාව අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ යැ නිත්‍ය හෙයින් නො දක්නේ යැ ... හැරපියයි නොගනී, අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි .."
    (ඛුද්‌දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, පඤ්‌ඤා වර්ගය, සතිපට්‌ඨානකථා)

    වේදනා අනිච්චයි දුක්ඛයි අනත්තයි මෙනෙහි කරනවා
    වේදනා කියන්නේ සැප දුක් උපේක්ෂා
    ඔය වේදනා 7 විදිහකට ඇති වෙනවා මේ වගේ. ඒ හැම වේදනාවක්ම අනිච්චානුපස්සන අකරනවා.

    "මෙසස්නෙහි ඇතැමෙක් දුක් වේදනාව ... නො දුක් නොසුව වේදනාව ... සාමිෂ වූ සුඛවේදනාව ... නිරාමිෂ වූ සුඛවේදනාව ... සාමිෂ වූ දුඃඛ වේදනාව ... නිරාමිෂ වූ දුඃඛ වේදනාව ... සාමිෂ වූ අදුක්ඛමසුඛවේදනාව ... නිරාමිෂ වූ අදුක්ඛමසුඛවේදනාව ... චක්ඛුසම්පස්සයෙන් උපන් වේදනාව ... සොතසම්පස්සයෙන් උපන් වේදනාව .... ඝානසම්පස්සයෙන් උපන් වේදනාව .... ජීව්හාසම්පස්සයෙන් උපන් වේදනාව ....කායසම්පස්සයෙන් උපන් වේදනාව .... මනෝසම්පස්සයෙන් උපන් වේදනාව අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි. ... හැරපියයි නො ගනී. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් වේදනාව අනුදර්‍ශනා කෙරේ.
    (ඛුද්‌දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, පඤ්‌ඤා වර්ගය, සතිපට්‌ඨානකථා)

    කලකිරෙයි, සතුටු නොවෙයි, විරක්ත වෙයි, නොඇලෙයි ,නිරුද්ද කෙරෙයි, සමුදය නොකෙරෙයි
    එතකොට වේදනාවේ වේදනානුපස්සනාව වැඩෙනවා

    4.3 චිත්තේ චිත්තානුපස්සනා

    චිත්තේ චිත්තානුපස්සනාවත් කලින් වහේම තියනවා

    "කිසෙයින් චිත්තයෙහි චිත්තානුදර්ශී වැ වාසය කෙරේ යැ යත්: මෙසස්නෙහි අතැමෙක් සරාග සිත අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි. ... පටිනිස්සජනය කෙරෙයි ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍ය සංඥාව දුරු කෙරෙයි ..."
    (ඛුද්‌දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, පඤ්‌ඤා වර්ගය, සතිපට්‌ඨානකථා)

    "මෙසස්නෙහි ඇතැමෙක් වීතරාග සිත ... සදොස සිත ... වීතදොස සිත ... සමොහ සිත ... වීතමොහ සිත ... සංක්‍ෂිප්ත සිත ... වික්‍ෂිප්ත සිත ... මහද්ගත සිත ... මහද්ගත නොවූ සිත ... සඋත්තර සිත ... අනුත්තර සිත ... සමාහිත සිත ... අසමහාහිත සිත ... විමුක්ත සිත ... අවිමුක්ත සිත ... චක්ෂුර්විඥානය ... ශ්‍රොත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජීව්හාවිඥානය ... කායවිඥානය ... මනෝවිඥානය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, නිත්‍ය හෙයින් නො කෙරයි ... පටිනිස්සජනය කෙරෙයි, ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි."
    ..... ඔය වගේ සිත් ගොඩකට වඩන්න කියලා තියනවා

    (ඛුද්‌දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, පඤ්‌ඤා වර්ගය, සතිපට්‌ඨානකථා)

    වීතරාග හිත, සදොස සිත, වීතදූස හිත, සමොස සිත, විතමොහ හිත, සංෂිප්ත හිත, මහද්ගත සිත, .....ඔය විදිහට හිත ගොඩකට වඩන්න කියනවා,

    කාය විඥ්ඥානය, චක්ඛු විඥ්ඥානය, ශෝත විඥ්ඥානය, විඥ්ඥානය, ජිව්හා විඥ්ඥානය....ඔව්වටත් වඩන්න කියනවා

    ඔය විදිහට සරාග සිතක් ආවම මේවා පස්සේ ගිහින් වැඩක් නෑ කියලා රාග හිත අනිච්චයි දුක්ඛඉ අනත්තයි
    ද්වේෂ සිතක් ආවම ඒ ද්වේෂ හිත අනිච්චයි, දුක්ඛයි, අනත්තයි විදිහට දැක්කාම චිත්තේ චිත්තානුපස්සනාව වැඩෙනවා

    ටික කලක් කරගන යද්දී කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව හිත පිහිටන්න ගන්නවා. එතකොට සවිත්තක්කං සවිචාරං විවේකය ප්‍රීති සුඛ කියන ප්‍රථම ධ්‍යානයේ තත්ත්වයට හිත පත් වෙනවා

    4.4 ධම්මේ ධම්මානුපස්සනා

    අයින් කරගන්න තියන ධර්මතා ටිකක් අයින් කරගන්න එකක් ගැන මේ කියන්නේ (අනිච්ච දුක්ඛ, අනත්ත අනුව පහ කරගන්න ඕනේ ධර්මතා ටික)
    මොන ටිකද? ආශ්වාද නිර්මානය වන අවිද්‍යා පච්චයා සංඛාරා කියන පටිච්චසමුපාද චක්‍රයෙන් නිර්මාණය වන සියළුම ධර්මතා අනුපස්සනා කරන්න ඕනේ

    තියාගන්න ඕනේ මොනවද? අව්‍යාකෘත කුසල විපාකය තියන අවිද්‍ය, තන්හා, උපාධාන නැති විපාකස්කන්ධය විතරක් එතකොට ඉතුරු වෙනවා

    "කිසෙයින් ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වාසය කෙරෙ යි යත්: මෙ සස්නෙහි ඇතැමෙක් කය තබා වේදනාව සිත තබා තදවශිෂ්ට (ත්‍රෛභූමක) ධර්‍මයන් අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, නිච්චය හෙයින් නො කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, සුඛ හෙයින් නො කෙරෙයි, අනත්ත හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, අත්ත හෙයින් නො කෙරෙයි. කලකිරෙයි සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි,"
    (ඛුද්‌දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, පඤ්‌ඤා වර්ගය, සතිපට්‌ඨානකථා)

    සියළු ලෝක අනිච්චයි දුක්කයි අනත්තයි
    ඒ කියන්නේ ධම්මානුපස්සනා

    එතකොට හිතෙන් රාගයෙන් මිදෙනවා
    රාගය ඇති වුනේ අනිච්ච විදිහට දැක්කේ නැති නිසයි, අනිච්ච විදිහට දැක්කම රාගය නැති වෙනවා

    කලකිරෙයි, සතුටු නොවෙයි, විරක්ත වෙයි, නොඇලෙයි ,නිරුද්ද කෙරෙයි, සමුදය නොකෙරෙයි

    ඔය විදිහට සතර සතිපට්ඨානය වැඩෙනකොට සතර සම්‍යක්ප්‍රධාන වැඩෙනවා
    සතර සම්‍යක්ප්‍රධාන වැඩෙද්දී සතර සෘද්ධිපාද වැඩෙනවා

    නූපන් අකුසල් නූපදවීමට කරන වීරිය, උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීරිය, නූපන් කුසල් ඉපදවීමට කරන වීරිය,
    උපන් කුසල් වැඩිදියුණු කිරීමට කරන වීරිය
    ඒ ටික වැඩෙද්දී පන්ච ඉන්ද්‍රිය පන්ච බල වැඩෙනවා

    ඔය විදිහට සතර සතිපට්ඨානය වැඩෙනකොට සතර සම්‍යක්ප්‍රධාන වැඩෙනවා
    ඒ කියන්නේ
    උපන් කුසල් වර්ධනය කිරීම පිණිස ඇති කරන වීර්ය.
    නුපන් කුසල් ඇති කර ගැනීම පිණිස ඇති කරන වීර්ය.
    නුපන් අකුසල් හට නොගැනීම පිණිස ඇති කරන වීර්ය
    උපන් අකුසල් නැති කිරීම පිණිස ඇති කරන වීර්ය.

    සතර සම්‍යක්ප්‍රධාන වැඩෙනකොට සතර සෘද්ධිපාද වැඩෙනවා
    ජන්ද, චිත්ත, විරිය, විමංසා

    මොකක්ද ජන්දය? මොකක්ද චිත්තය? මොකක්ද ගන්න වීර්යය? මොකක්ද හිත?
    වීර්ය තමයි අකුසල් දුරු කරනවා කුසල් වැඩෙනවා
    විමංසාව තමයි අනිච්ච, දුක්ක විදිහට විමසන එක
    චිත්තය තමයි විරාග හිත
    කැමැත්ත මොකක්ද? නිවනට

    සතර සෘද්ධිපාද වැඩෙන පන්ච ඉන්ද්‍රිය වැඩෙනවා
    ශ්‍රද්ධා, වීර්ය සති සමාධි ප්‍රඥා

    පංච ඉන්ද්‍රිය වැඩෙනකොට පංච බල, සප්ත බොජ්ජංග වැඩෙනවා

    සප්ත බොජ්ජංග කියන්නේ
    සති, ධම්මවිජය, වීර්ය, ප්‍රීතිය, පස්සද්දිය, සමාධි, උපේක්ඛා

    ඔය ටික වැඩෙද්දී මුළු ආර්යෂ්ටාන්ගික මාර්ගය වැඩෙනවා

    4.5 සතරසතිපට්ඨානයේ සප්ත බොජ්ජංග වඩන අයුරු

    කයෙහි කය අනුව බලමින් ඉන්න කොට සිහිය මුලා වුනේ නැත්නම් සතිසම්බොජ්ජංගය වැඩෙනවා
    ඒ කියන්නේ යම් කිසි ආශ්වාදයක් පස්සේ යන්නේ නැතුව, මේකට ගියාට වැඩක් නෑ කියලා හිතන එක වගේ
    (සංයුක්ත නිකාය 5-2 ආනන්ද සූත්‍රය 123 පිට )

    යම් ආශ්වාදයක් ආවම මේක ආශ්වාද වේදනාවක්, මේක විපාක වේදනාවක් කියලා දැනන් හිටියම මේ ආශ්වාද වේදනාවෙන් මිදෙනවා කියලා හිතන එක

    ආශ්වාද පස්සේ යන්නේ නැතුව ඉන්න යම් ධර්මයක් පාවිච්චි කරනවා නම් එතකොට ධම්මවිජයසම්බොජ්ජංගය වැඩෙනවා. ඒ කියන්නේ අනිච්චයි දුක්ඛයි කියන ධර්මය මෙනෙහි කරද්දී (සංයුක්ත නිකාය 5-2, ආනන්ද සූත්‍රය 123 පිට )

    ආශ්වාදයන් පස්සේ යන්නේ නැතුව නොයා ඉන්න වීර්යක් දරනවා නම් එතකොට විරියබොජ්ජංගය වැඩෙනවා. විරියබොජ්ජංගය කියලා වීර්යය දාලා කරන්න දෙයක් නෑ. කරපු ගොංකම් නවත්තන එකයි තියෙන්නේ මේක වැඩෙන්න. (සංයුක්ත නිකාය 5-2 ආනන්ද සූත්‍රය 123 පිට )

    "පිරිපුන් වැර ඇති මහණය ප්‍රීතිය උපදීද එය ප්‍රීතිසම්බොජ්ජංගයයි" කියලා කියන්නේ 1වන, 2වන දැහැන් වඩා එකයි

    "ප්‍රීති සිත් ඇත්තෙකුගේ කයත් සන්සිඳේ, සිතත් සන්සිඳේ"

    කය සන්සිඳේනවා කියන්නේ ඵස්සද්දිසම්බොජ්ජංගය
    සිත සන්සිඳේනවා කියන්නේ සමාධිසම්බොජ්ජංගයය

    ඒ කියන්නේ 1 වන, 2 වන දැහැන් වලදියි ඔය සම්බොජ්ජංග වැඩෙන්නේ

    ඊ ලඟට උපේක්ඛාසම්බොජ්ජංගය වැඩෙනවා 4 වන ධ්‍යානයේදී

    ඔන්න ඔය විදිහට ආනාපානාසතිභාවනාවෙන් සප්තබොජ්ජංගත් වැඩෙනවා, සතරසතිපට්ඨානයත් වැඩෙනවා. මේක වරද්දගන හුස්මක් දිහා බලන් ඉන්නවා.


    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    සතර සතිපට්ඨානය ගැන කතාකරන්නේ ,හැබයි මහාසතිපට්ඨාන සූත්‍රය මග ඇරිලා.හරි ශෝක්.
    ඊටපස්සෙ ඛුද්දක නිකායෙන් හොයනවා, සන්යුක්ත නිකායෙන් ගේනවා.ගොඩක් කම්ප්ලිකේටඩ් වෙලා.
    මෙච්චර සතර සතිපට්ඨානයම එකම සූත්‍රයක දේශනා කරලා තියෙද්දී ඒක මග ඇරිලා.
    අපි දන්නවා හොරේ. මේ වහරක අන්තවදී මහත්තුරු ටික නේද
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සතර සතිපට්ඨානය ගැන කතාකරන්නේ ,හැබයි මහාසතිපට්ඨාන සූත්‍රය මග ඇරිලා.හරි ශෝක්.
    ඊටපස්සෙ ඛුද්දක නිකායෙන් හොයනවා, සන්යුක්ත නිකායෙන් ගේනවා.ගොඩක් කම්ප්ලිකේටඩ් වෙලා.
    මෙච්චර සතර සතිපට්ඨානයම එකම සූත්‍රයක දේශනා කරලා තියෙද්දී ඒක මග ඇරිලා.
    අපි දන්නවා හොරේ. මේ වහරක අන්තවදී මහත්තුරු ටික නේද

    :lol::lol::lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    සතර සතිපට්ඨානය ගැන කතාකරන්නේ ,හැබයි මහාසතිපට්ඨාන සූත්‍රය මග ඇරිලා.හරි ශෝක්.
    ඊටපස්සෙ ඛුද්දක නිකායෙන් හොයනවා, සන්යුක්ත නිකායෙන් ගේනවා.ගොඩක් කම්ප්ලිකේටඩ් වෙලා.
    මෙච්චර සතර සතිපට්ඨානයම එකම සූත්‍රයක දේශනා කරලා තියෙද්දී ඒක මග ඇරිලා.
    අපි දන්නවා හොරේ. මේ වහරක අන්තවදී මහත්තුරු ටික නේද

    වලස්මුල්ලේ කහකඩයගෙ එහෙය්යො ටික....:lol::lol::lol:
    Sj91 කුරුසයා fake 100 කින් විතර ඇවිත් කොපි පේස්ට් කරල යනවා. පව් ඉතින්...:lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    පල්ලි අභයා ත්‍රිපිටකේ පෙනන්නවා යටින් ඉරි අදිනවා ඊට පස්සෙ හිතේ තියෙන බයිලයක් කියනවා මේක තමා තේරුම කියලා..පාලි අබමල් රේණුවක් බෑ.. ඉතින් එහෙය්යො ටික සාදු කියලා මේක තමා හරි මට තේරුණා කියල හිස මුදුනෙන් පිලි ගන්නවා..
    දැන් බලපන් මේකා ත්‍රෙඩ් 20 ක් දාලා නිවන් මග කියලා... පල්ලි අභයගෙ විකෘති දහම ඔලුවට දාගෙන ධර්මය දන්නවා කියල මුලා වෙලා.
    ඔක්කොම පල්ලි අභයගෙ බයිලා.. බුදු බණ
    අවිකෘති කරල සාසනේ කෑවට කල්ප ගාණක් නිරය නම් අනිවාර්යයයි...
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සතර සතිපට්ඨානය ගැන කතාකරන්නේ ,හැබයි මහාසතිපට්ඨාන සූත්‍රය මග ඇරිලා.හරි ශෝක්.
    ඊටපස්සෙ ඛුද්දක නිකායෙන් හොයනවා, සන්යුක්ත නිකායෙන් ගේනවා.ගොඩක් කම්ප්ලිකේටඩ් වෙලා.
    මෙච්චර සතර සතිපට්ඨානයම එකම සූත්‍රයක දේශනා කරලා තියෙද්දී ඒක මග ඇරිලා.
    අපි දන්නවා හොරේ. මේ වහරක අන්තවදී මහත්තුරු ටික නේද

    ඔව්. ඔබ හරි.
    සතර සතිපට්ඨානය ගැන විස්තර කරන්න මහා සතිපට්ඨාන සූත්‍රය අරගන නෑ තමයි
    ඒට හේතුව තමයි ත්‍රිපිටක සිංහල පරිවර්තනයේදී සතිපට්ඨාන සූත්‍රය විනාස කරලා දාලා තියෙන්නේ.
    පරිවර්තනය කරපු සූත්‍රය කියවලා මොකාට වත් නිවන් දකින්න බෑ

    මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න මම පහත කියලා තියන දේවල්
    https://www.thripitakaya.org/tipitakaya/Index/71?s=27

    EeRXmLG.jpg


    ඔය සතිපට්ඨාන සූත්‍රයේ පාලි වලින් සූත්‍රය පුරාම තියෙන්නේ "අස්සාස" කියලා
    "අස්සාස" කියන පාලි වචනයට සිංහල පරිවර්තනයේදී දාලා තියනවා "ආශ්වාස" කියලා

    "අස්සාස පහ කරනවට" දාලා තියනවා "ප්‍රාශ්වාස" කියලා

    දැන් ඉතින් ඕක බලාගන කට්ටිය හුලං අදින්න ගත්තා (ආශ්වාස, ප්‍රාශ්වාස කරන්න ගත්තා).

    ත්‍රිපිටකයේ වැසුනු ලෝකෝත්තර අර්ථ ගැන තියන මේ තෙඩ් 2 බලන්න.
    නිවන්_මඟ_මෙන්න-(14/20)
    නිවන්_මඟ_මෙන්න-(15/20)

    ඕකේ ආනාපානාසති භාවනාවේ ලෝකෝත්තර අර්ථය යටතේ බලන්න. කියලා තියනවා ආස්සාස කියන්නේ ආශ්වාස නෙවෙයි කියලා

    එතකොට මේ "අස්සාස" කියන්නේ මොකක්ද?
    (අස්සාද නෙවෙයි අස්සාස ගැන මේ කියන්නේ. අස්සාද කියන්නේ සංස්කෘත වලින් ආශ්වාද. ඒකේ වැරැද්දක් නෑ)

    අස්සාසය කියන්නේ ඇසුරු කරනවා කියන එකයි

    ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා ඇසුරු කරන එකට කියනවා "අස්සාස" කියලා

    ආශ්වාදයෝ නිර්මාණය කරලා දීපු රාග, ද්වේෂ මෝහ පහ කරන එකට කියනවා "පස්සාස" කියලා

    ඕක තමයි හිත නිවාගන්න අස්වාස, පස්සාස

    නැතුව හුස්ම ගන්න එකයි, හුස්ම පහල දාන එකයි නෙවෙයි

    ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා කියලයි මේ කියන්නේ

    සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි

    "ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදිනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.

    ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි."

    (සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රය)

    ඔය කියන්නේ මොකක්ද?
    ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා


    සමථයට තිබුන අර්ථකථනයත් ඕකමයි

    සමහර තැන් වල තියනවා "දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද" කියලා. මේක හිතාගන ඉන්නවා දීර්ඝව හුස්ම අල්ලනවා කියලා. මේ තියෙන්නේ එහෙම තියෙන තැන සංයුක්ත නිකාය 5-2 ආනන්ද සූත්‍රය.

    "ආනන්ද, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද ... සියලු ආශ්වාසප්‍රශ්වාසකය දන්නාසුලු ව ... කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්ද එසමයෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්ද එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ."
    (සංයුක්ත නිකාය 5-2, ආනන්ද සූත්‍රය)

    දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද කියන්නේ කෙනෙක් දීර්ග කාලයක් යමක් පුරුදු කරගන ආවා නම් ඒකෙන් මිදෙන්න අමාරුයි (මත්ද්‍රව්‍යය ගත්ත කෙනෙක් උදාහරණයකට ගන්න පුළුවන්, මව් සෙනෙහස, දරු සෙනෙහස.... ). ඒ වගේ කෙනෙක් දීර්ඝ කාලයක් මේ අස්සාදය පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ආහාර දීලා දීර්ඝ කාලයක් පුරුදු කරගත්ත දෙයක් නම් දීර්ග කාලයක් යනවා. ඒ වගේ කෙනෙක්ට දීග කාලයක් ආශ්වාදයේ ආදීනවය බල බල ඉන්න ඕනේ

    සමහර දේවල් කෙටියෙන් පහ කරගන්න පුළුවන්

    ආනාපානාසති භාවනාවේ
    ආන - ඇදගන්න ඕනේ ටික- අනිච්ච දුක්ඛ, අනත්ත
    නෙක්ඛම්මය, අව්‍යාපාද, ආලෝකය, ඥානය, ප්‍රබෝදය

    අපාන - පහ කරන්න ඕනේ ටික - නිච්චයි සුඛයි අත්තයි කියලා අල්ලගන තියන සේරම පහ කරන්න ඕනේ
    කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිත්ත, උද්දච්ච කුක්කුච්ච, අවිද්‍යා

    ඕක කලොත් නම් නිවන් දකිනවා

    මැරෙන්න ඉන්න වෙල හුස්ම රැල්ලත් අනිච්චයි දුක්කයි අනත්තයි කියලයි මෙනෙහි කරන්න ඕනේ