නිවන්_මඟ_මෙන්න-(09/20)
6.0 පටිච්චසමුප්පාදය
පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද ඇහුවම බොහෝ දෙනෙක් කරන්නේ ගිරවා දාලා තියන මෙන්න මේක කියවගන යන එකයි
1. අවිද්‍යා පච්චයා > සංඛාර
2. සංඛාර පච්චයා > විඥ්ඥාන
3. විඥ්ඥාන පච්චයා > නාම රූප
4. නාමරූප පච්චයා > සලායතනය
5. සලායතනය පච්චයා > ඵස්ස
6. ඵස්ස පච්චයා > වේදනා
7. වේදනාපච්චයා > තන්හා
8. තන්හා පච්චයා > උපාධාන
9. උපාධාන පච්චයා > භව
10. භව පච්චයා > ජාති
11. ජාති පච්චයා > ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස
පටිච්චසමුප්පාද චක්‍ර 10-15 ක් තියනවා
ඔය තියෙන්නේ අවිද්‍යාව නිසා එකින් එක ප්‍රත්‍ය වෙලා දුක හටගන්න ආකාරයයි. (අන්තිමටම දුක තියෙන්නේ )
පෙර භවයේ අවිද්‍යාව නිසා මේ භවයේ අපි දුක හදාගන්න ආකාරයයි.
ඔය තියෙන්නේ "අකුසලය ගොඩනැඟෙන" පටිච්චසමුප්පාද චක්‍රයයි. ඕකෙන් කවදාවත් නිවන් දකින්න බෑ
හාමුදුරුවෝ බණ කියලා ඉවර වෙලා ඔය පටිච්චසමුප්පාදය කියෙව්වට පස්සේ ඕකට සාධුකාර දෙන්නත් හොඳ නෑ
මොකද දුකක් තමයි සාධු කියලා ඒ අනුමෝදම් වෙන්නේ
ඔය පටිච්ච සමුප්පාදයේ විදිහට භවයන් 3ක පටිච්චසමුප්පාදයක් තමයි ඔය
කලින් භවයේ අවිද්‍යාවයි
මේ භවයේ සලායතනයි
ඊ ලඟ භවයේ ඉතුරු ටිකයි
ඔය පටිච්චසමුප්පාදයෙන් නිවන් දකින්න නම් අවිද්‍යාව නැති කරන්න කලින් භවයට යන්න ඕනේ.
ඕක විශුද්ධිමාර්ගයේ පටිච්චසමුප්පාදයයි.
ඔය කලින් කිව්ව පටිච්චසමුප්පාදයේ භවය කියන්නේ මොකක්ද?
"එහි උපාදානප්‍රත්‍යයෙන් උපදනා භවය කවරෙ යත්: භවය ද්විප්‍රකාරයෙන් වෙයි: කර්මභවයෙක් ඇත, උපප්‍රාප්තිභවයෙක් ඇති.
එහි කර්මභව කවරෙ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ඣාභිසංස්කාර යි. මේ කර්මභව යි කියනු ලැබේ. හැම භවගාමීකර්මය කර්මභව වේ.
එහි උපප්‍රාප්තිභව කවරෙ යත්: කාමභව ය, රූපභව ය, අරූපභව ය, සංඥාභව ය, අසංඥාභව ය, නෛවසංඥානාසංඥා භව ය, එකවොකාරභව ය, චතුවොකාරභව ය, පඤ්චවොකාරභව යි, මේ උපප්‍රාප්තිභව යි කියනු ලැබේ. මේ උපාදානප්‍රත්‍යයෙන් උපදනා භව යි කියනු ලැබේ."
(විභංගප්‍රකරණය - 1, පටිච්චසමුප්පාද විභංගය )
ඔය කිව්වේ මොකක්ද?
"උපාධාන ප්‍රත්‍යයෙන්" උපදනා භවය 2 ආකාරයි. ඒ කියන්නේ කර්ම භවය+උප්පත්ති භවය
කර්ම භවය කියන්නේ :පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනඤ්ජාභිසංඛාරයි
උප්පත්ති භවය කියන්නේ : රූප භවය, අරූප භවය, සංඤා භවය, අසංඥා භවය, නේවසංඤානාසංඤාභවය, එකවොකාරභවය, චතුවොකාර භවය, පංචවොකාරභවය,
තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔය කිව්වේ මොකක් ගැනද?
කර්ම භවය කියන්නේ මොකක්ද?
කර්ම භවය කියන්නේ මේ මේ මොහොතේ "කෙලෙස් හදන" පටිච්චසමුප්පාද චක්‍රයයි.
(ඒ කියන්නේ ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය යි )
අවිද්‍යාපච්චයා සංඛාර වැඩපිළිවෙල නිස රාග ද්වේෂ මෝහ වලින් මේ මේ මොහොතේ කෙලෙස් හදනවා.
හදන්නේ මොනවද? පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනඤ්ජාභිසංඛාරයි
පුණ්‍යාභිසංඛාර වලින් දිව්‍යලෝකයේ යන්න පුළුවන්
අපුණ්‍යාභිසංඛාර වලින් සතර අපායේ යන්න පුළුවන්
ආනඤ්ජාභිසංඛාර වලින් බ්‍රහ්මලෝකයේ යන්න පුළුවන්
ඔය එකකින් වත් නිවන් දකින්න බෑ
ඒ නිසා ඒ කර්ම අස්ථාන ගත කරන වැඩපිලිවෙලට කියනවා "කර්මස්ථාන වඩනවා" කියලා
උප්පත්ති භවය කියන්නේ සත්ත්වයා මරණයෙන් පස්සේ චුති වෙලා නැවත භවයක් ගන්න පටිච්චසමුප්පාදයයි (පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද ඇහුවම බොහෝ දෙනෙක් කරන්නේ ගිරවා දාලා තියන පටිච්චසමුප්පාදයයි ඒක)
කලින් කිව්වා නේද චිත්තක්ෂන 17ක් ගැන. ඔය හැම චිත්තක්ෂණයකදීම පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක වෙනවා
උදාහරණයක් විදිහට මෙහෙම ගමු,
එක තත්පරයකට චිත්ත වීථි ලක්ෂයක් තියනවා කියලා හිතුමු, එතකොට එතන චිත්තක්ෂණ ලක්ෂ 17ක් ගිහින් ඉවරයි
ඒ කියන්නේ පටිච්චසමුප්පාද චක්‍ර ලක්ෂ 17ක් හැදිලා ඉවරයි
ඒ කියන්නේ එක තත්පරයකදී පටිච්චසමුප්පාද චක්‍ර ලක්ෂ 17ක් හිතේ ක්‍රියාත්මක වෙනවා
එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් කලින් "චිත්ත වීථි" විස්තරයේදී කිව්වා
"ඔය මුල් චිත්ත වීථි 4 යනම්ම පෙනීමක්/ඇසීමක්.දැනීමක් ලැබිලා නෑ. මොකද චක්ඛු විඥ්ඥානය/සෝත විඥ්ඥානය ඇතිවෙලා නැති නිසා" කියලා
එතකොට මුල් චිත්ත වීථි වල ක්‍රියාත්මක වෙන පටිච්චසමුප්පාද චක්‍ර වල "විඥ්ඥානයක් නැද්ද?" කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
ඔතන විඥ්ඥානය කියන්නේ චිත්ත 9කටයි. ඔය විඥ්ඥානය ගොඩනැඟෙන්නේ 9 ආකාරයකටයි
(චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, මනේන්ද්‍රියං, විඥ්ඥානං, විඥ්ඥානස්කන්ධෝ)
ඔය විඥ්ඥාන ගැන පසුවට මුල සිට සරලව පැහැදිලි කරලා තියනවා ඒක කියෙව්වම තේරෙයි ඔය චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝ මනායතනං, මනේන්ද්‍රියං, විඥ්ඥානං, විඥ්ඥානස්කන්ධෝ විදිහට විඥ්ඥානය ගොඩනැඟෙන හැටි ගැන
8 වෙනි චිත්තක්ෂ්ණය වෙනකම් කෙලෙස් නෑ. ඒ නිසා ඒ අවස්ථාව වල ක්‍රියාත්මක වෙන්නේ "අව්‍යාකෘත පටිච්චසමුප්පාදයක්" . රහතන්වහන්සේගේ හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ අව්‍යාකෘත පටිච්චසමුප්පාදයයි
6.1 විපාක පටිච්චසමුප්පාදය
හැම චිත්තක්ෂණයක් පාසාම පටිච්චසමුප්පාද චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා.
රහතන්වහන්සේගේ හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විපාක පටිච්චසමුප්පාදයයි
අව්‍යාකෘත පටිච්චසමුප්පාදය කියන්නෙත් ඕකමයි.
අව්‍යාකෘත කියන්නේ කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි කියන එකයි. ඒක විපාකයක්
ඇසට රූපයක් ගැටිලා චක්ඛු විඥ්ඥානය හදාගන්න අවස්ථාව බලමු.
මේ කියන්නේ අර 5 වෙනි චිතක්ෂනයේ වෙන දේ. (ඒ කියන්නේ විපාක චක්ඛු විඥ්ඥානය යෙදෙන අවස්ථවේදීයි)
එතන යෙදෙන පටිච්චසමුප්පාදය මෙහෙමයි
"අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් උපේක්ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ."
(අභිධර්මපිටකය, විභංගප්‍රකරනය-1, පටිච්චසමුප්පාද විභංගය, 303 පිටුව)
(සංඛාර > විඥ්ඥාන > නාම > ෂෂ්ඨායතන > ඵස්ස > වේදනා > භව> ජාති > ජරා මරණ)
"යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින්". කියන්නේ මොකක්ද?
කුසල් සිත් 4යි
කාමාවචර කුසල් සිත්
රූපාවචර කුසල් සිත්
අරූපාවචර කුසල් සිත්
ලෝකෝත්තර කුසල්
කාමාවචරකුශල සිත් වලින් ඉපදෙන්නේ මනුස්සයා, දෙවියා, බ්‍රහ්මයා.
කාටවත් ලෝකෝත්තර හිත් උපදවාගන්න බෑ.
ලෝකෝත්තර හිත් සියල්ලම ධ්‍යාන හිත්.
ධ්‍යාන වලින් තොර සෑම හිතක්ම කාම ලෝකයේ හිත්.
කාම ලෝකයේ හිතකින් කවදාවත් මාර්ගඵල ලබන්න බෑ
"උපේක්ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්ෂුර්විඥානය උපදනේ වේ ද" කියන්නේ සියළුම රූප වල යථා ස්වභාවය "උපේක්ෂා". රූප බලලා යම් කිසි කෙනෙක් සැපයක් හෝ දුකක් හදාගත්තා නම් ඒක රූපයේ තියන එකක් නෙවෙයි. රූපයෙන් හදාගත්ත "ආශ්වාදයක්"
රූප වල වගේමයි ශබ්ධ වලත් තියෙන්නේ උපේක්ෂා, ගන්ධ, රස වලත් ඔහොමයි
අපි දන්න පටිච්චසමුප්පාදය පටන්ගන්නේ "අවිද්‍යා පච්චයෙන්"
ඒත් ඔය පටිච්චසමුප්පාදයේ "සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි" කියලයි පටන්ගන්නේ
ඒ විතරක් නෙවෙයි "නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය" කියලා තියෙන්නේ
"සලායතන නෙවෙයි" ෂෂ්ඨායතනය මේකේ තියෙන්නේ
ෂෂ්ඨායතනය කියන්නේ "මනායතනය" ටයි
බාහිරලෝකයේ තියන දෙයක් අපේ මනසට ගන්න ක්‍රමය තමයි "විපාක" කියලා කියන්නේ
ඒ විතරක් නෙවෙයි "වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි" කියලයි තියෙන්නේ
ඒත් අපි දන්න පටිච්චසමුප්පාදයේ තියෙන්නේ වේදනා > තන්හා > උපාධාන > භව විදිහටයි
තන්හා > උපාධාන කෑලි දෙකම මේකේ නෑ
"විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි" කියලයි තියෙන්නේ
නාම රූප නෑ....නාමය විතරයි
ඔතන නාම කියන්නේ "වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ යි"
ඔතන විඥ්ඥානය කියන්නේ චිත්ත 9 ආකාරයකින් තියනවා රහතන්වහන්සේටත්

ඔය චිත්ත, මනෝ, මානසං... ගැන වැඩි විස්තර පසුවට තියනවා
මේක තමයි සියළු සත්ත්වයන්ගේ යමක් දකින මොහොත. යමක් හඳුනාගන්නා මොහොත.
කෙලෙස් හටගන්න කලින් ප්‍රභාෂ්වර චිත්තයේ ක්‍රියාත්මක වෙන පටිච්චසමුප්පාදය.
මෙතන "වේදනා" කියලා තියෙන්නේ පංචස්කන්ධයේ වේදනාවයි. පංච උපාධානස්කන්ධයේ වේදනාව නෙවෙයි. මේ වේදනාවේ සැප/දුක්/උපේක්ෂා තියනවා. ඒත් කෙලෙස් නෙවෙයි
මේකට කියනවා "අව්‍යාකෘත පටිච්චසමුප්පාදය" හෙවත් "විපාක පටිච්චසමුප්පාදය" කියලා
8 වෙනි චිත්තක්ෂ්ණය දක්වා කෙලෙස් නෑ. මුල් චිත්තක්ෂණ 7 දක්වා ක්‍රියාත්මක වෙන්නේ "අව්‍යාකෘත පටිච්චසමුප්පාදය" යි. රහතන්වහන්සේගේ හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදයයි
රහතන්වහන්සේ මේ හඳුනාගැනීමෙන් එහාට යන්නේ නෑ.
දැක්කා නම් දැක්කා විතරයි
ඇහුනා නම් ඇහුනා විතරයි
දැනුනා නම් දැනුනා විතරයි කියන්නේ ඒකටයි.
ඒත් පෘතජනය මෙතනින් එහාට රාගයෙන්, ද්වේෂයෙන් බහිනවාම තමයි
ඔය කිව්ව විපාක අව්‍යාකෘත පටිච්චසමුප්පාදය මෙහෙමයි
1. සංඛාර පච්චයා > විඥ්ඥාන
2. විඥ්ඥාන පච්චයා > "නාම "
3. නාම පච්චයා > "ෂෂ්ඨායතන"
4. ෂෂ්ඨායතන පච්චයා > ඵස්ස
5. ඵස්ස පච්චයා > වේදනා
6. වේදනා > භව
7. භව පච්චයා > ජාති
8. ජාති පච්චයා > ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස
"ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ" කියන්නේ ඒ ඉපදුන නාම රූප ටික ජරා මරණ වෙනවා විතරයි
6.2 අකුසලමූල පටිච්චසමුප්පාදය
හැබැයි 8 වෙනි චිත්තක්ෂණයේ හා ඊට පස්සේ ඒවගේ පෘතජනය කෙලෙස් හදාගන්නවාමයි. අවිද්‍යාව හටගන්නේ එතනින්. ඒකයි අවිද්‍යාව අර්ථකථනයේ ස්පර්ශ ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත් නොදැනීම කියන්නේ
ස්පර්ශ ආයතන 6න් මොකක් හරි රූපයක් ආවම මෙන්න මේ විදිහට අකුසලමූල පටිච්චසමුප්පාදයක් හදාගන්නවා. මෙන්න මේක තමයි අපි කටපාඩ කරගන ගිරවා දාලා කිව්වේ
“අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ මිථ්‍යාදෘෂ්ටිය හා එකොත්පාදාදි ප්‍රකාරයෙන් යුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්රැස උපදනේ වේ.
(අභිධර්මපිටකය, විභංගප්‍රකරණය-1, පටිච්චසමුප්පාද විභංගය, 256 පිටුව )
(අවිද්‍යාව > සංඛාර > විඥ්ඥාන > නාම > සලායතන > ඵස්ස > වේදනා > තන්හා > උපාධාන > භව > ජාති)
6.3 ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය
පටිච්චසමුප්පාදය කිව්වම මතක් වෙන්නේ ඊ ලඟ භවයේ සතෙක් හැදෙන පටිච්චසමුප්පාදයක් ගැනයි. (ඔය උඩින් කිව්වා අකුසලමූල පටිච්චසමුප්පාදයයි). ඒකෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න දැනගන්න ඕනේ වෙන්නේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදයයි.
තථාගතයන්වහන්සේ නිවන් දකින්න දේශනා කලේ මේ පටිච්චසමුප්පාදයයි.
පටිච්චසමුප්පාදය කියන්නේ සත්ත්වයා මේ මේ මොහොතේ කෙලෙස් හදන චක්‍රයයි. මේ පටිච්චසමුප්පාදය දැනගත්තම අභිසංඛාර නොකර ඉන්න පුළුවන්. පංචකාම ආශ්වාදයේ හරයක් නෑ, ගන්න දෙයක් නෑ කියලා දැනගන්නේ මේ පටිච්චසමුප්පාදයෙනුයි. මේ මේ මොහොතේ කෙලෙස් හදන යාන්තරණය (ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය) දැනගන්නේ නැතුව නිවන් දකින්න බෑ
බුදුවුනාට පස්සේ අජපාල නුග රුක මුල විවේකීව උන්න බුදුරජානන්වහන්සේට සිතුවිල්ලක් පහල වුනා මේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය අමාරුයි, කාමයෙන් මුසපත් වෙලා ඉන්න මේ පෘතජනයෝ මේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය කොහොම තේරුම්ගනීවිද කියලා.
"එකල්හි එකලාව චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් පහළ විය. මා විසින් අවබෝධ කළ මේ ධර්මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතු ය, දුකසේ අවබෝධ කටයුතුය. ශාන්ත ය. ප්‍රණීත ය. තර්කයෙන් බැසගත නොහැක්ක. සියුම් ය. පණ්ඩිතයන් විසින් දැක්ක යුතු ය. මේ සත්ව සමූහයා (පඤ්චකාමගුණ නමැති) ආලයෙන් බැඳුනේ ය. ආලයෙහි ඇලුනේ ය. ආලයෙහි සතුටු විය. ආලයෙහි බැඳුන ආලයෙහි ඇලුනු ආලයෙහි සතුටු වූ මේ සත්ව සමූහයා විසින් ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද නම් වූ යම් මේ දහමෙක් වේ ද, එය දුකසේ දැක්ක යුතු ය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වූ සියලු උපධිධර්මයන්ගේ දුරලීම වූ තෘෂ්ණාව ක්ෂය කිරීම වූ විරාගය වූ නිරෝධය වූ යම් මේ නිවණෙක් වේ නම් මේ දහම ද දුකසේ දැක්ක යුතුය. මම ද දහම් දෙසන්නෙම් නම් පරහුදු මාගේ ධර්මය දැන නොගන්නාහු නම් ඒ මට කළකිරෙනු වෙයි. ඒ මට වෙහෙසෙක් වෙයි."
(සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, බ්‍රහ්‌ම සංයුත්‌තය, ආයාචන සූත්‍රය)
ඊට පස්සේයි සහම්පතී බ්‍රහ්මයා ආරාධනා කළේ දහම් දෙසන්න කියලා. ඒ විතරක් නෙවෙයි බුදුරජානන්වහන්සේ බුදුවෙන්න කලින් මේ කෙලෙස් නැතිකරගන්න හැටි ගැන හෙව්වා. ඒ කරපු පර්යේෂණය ගැන සඳහන් වෙනවා අරිය පර්යේෂන සූත්‍රයේ. ඒකෙත් තියෙන්නේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය ගැනයි
"මේ සත්ව ප්‍රජාව පංචකාමයෙහි ඇලී සතුටු වන්නීය. පංචකාමයෙහි ආශා ඇත්තීය. පංචකාමයෙහි සතුටු වූවාය. පංචකාමයෙහි ඇලී සතුටු වන්නාවූ පඤ්ච කාමයට ආශා කරන්නාවූ පඤ්චකාමයෙන් සතුටුවන්නාවූ මේ සත්ත්ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය ඇති වන්නේය යන ඉදප්පච්චයතා පටිච්ච සමුප්පාදය දැක ගැනීම අපහසුය.
සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ සියලු උපධීන්ගෙන් මිදීමට හේතුවූ තෘෂ්ණාව නැතිවීමට හේතුවූ කෙලෙස් පහ කිරීමට හේතුවූද සියලු දුක් නැති කිරීමට හේතුවූ යම් ඒ නිර්වාණයක් වේද යන මේ කාරණයද දැක ගැනීම අපහසුය."
(මජ්-1, අරියපර්යේෂණ සූත්‍රය, 409 පිටුව)
ඔය 2 වෙනි ජේදයේ තියන ටික පාලියෙන් මේ තියෙන්නේ. කර්මස්ථාන වැඩීමට මනසිකාර කරන්නේ මේ ටිකයි.
"යදිදං - ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං - සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බානං."
ඔන්න ඔය සූත්‍රයේ පාලි කොටසේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො කියලා තියෙන්නේ අන්න ඒකයි. සිංහල කොටසේ ඒක හලලා.
ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය යටතේ,
අකුසලමූල පටිච්චසමුප්පාද තියනවා ලෝභ, ද්වේෂ මෝහ, විචිකිච්චා, උද්දච්ච කියන අකුසල වලට
කුසලමූල පටිච්චසමුප්පාද තියනවා ලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසලමූල වලටත් වෙන වෙනම පටිච්චසමුප්පාද චක්‍ර තියනවා
6.4 අභිසංඛාර පටිච්චසමුප්පාදයේ විපාක ලෝකය හා සංඛාර ලෝකය
විපාක ලෝකය කියන්නේ අවිද්‍යා, තන්හා, උපාධාන නැති "විපාක පටිච්චසමුප්පාද" චක්‍රය
(සංඛාර > විඥ්ඥාන > නාම > ෂෂ්ඨායතන > ඵස්ස > වේදනා > භව)
සංඛාර ලෝකය තමයි අවිද්‍යා, තන්හා, උපාධාන තියන පටිච්චසමුප්පාද චක්‍රය
(අවිද්‍යාව > සංඛාර > විඥ්ඥාන > නාමාරූප > සලායතන > ඵස්ස > වේදනා > තන්හා > උපාධාන > භව)
ඇසට ගැටෙන රූපයක් උදාහරණයට ගමු
එතකොට පන්චස්කන්ධය මෙහෙමයි
රූප රූප
රූප වේදනා
රූප සංඥා
රූප සංඛාර
රූප විඥ්ඥාන
ඔය මුල් 3 (රූප රූප, රූප වේදනා, රූප සංඥා) අවිද්‍යාවත් එක්ක එකතු වෙලා 4 වෙනි එක
"චක්ඛු අභිසංඛාර" වෙනවා.
එතනින් පස්සේ ටික මෙහෙමයි (එතනින් පස්සේ ටිකට කියනවා අභිසංඛාර ලෝකය කියලා. ඒ කියන්නේ 8 වෙනි චිත්තක්ෂණයෙන් පස්සේ කොටස )
රූප රූප
රූප වේදනා
රූප සංඥා
චක්ඛු අභිසංඛාර
චක්ඛු අභිවිඥ්ඥාන
අභි නාමරූප
චක්කායතනය
චක්ඛුසම්ඵස්සය
සම්පස්සජාවේදනා (හෙවත් ආශ්වාදය)
රූප තන්හා
රූප උපාධාන
කර්ම භව
සම්පස්සජාවේදනා කියන්නේ ආශ්වාදයටයි.
එතකොට ආශ්වාද හදලා දෙන්නේ කවුද? ඊට උඩ තියන
රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන ටිකෙනුයි
සම්පස්සජාවේදනා හෙවත් ආශ්වාදයට බුද්ධසාසනේ කියනවා "දුක" කියලා
ඒ රිදෙන අර්ථයෙන් නෙවෙයි, ප්‍රඥා අර්ථයෙන්.
(ඔය සම්පස්සජාවේදනා කියන්නේ කාටවත් කරදරයක් නැතුව මොකක් හරි දිහා බලලා විඳින වේදනාවක්. ඒත් තමන් තනියෙන් චූන් වුනාට හරියන්නේ නෑ ඕකෙන් තමයි සසර ගෙනියන්නේ )
නාමරූප ගැන කලින් විස්තර කළා.
නාම කියන එක තියෙන්නේ රූපයේ. රූප වල තියෙන්නේ උපේක්ෂා විතරමයි
ඇස, කන, දිව, නාසයටත් ඔහොම්මමයි
"ආනන්ද, එසෙයින්ම උපාධානීය ධර්මයන්ගේ ආශ්වාදය නවත නැවත දකිමින් වෙසෙන්නෙකුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාධාන වේ. උපාධාන ප්‍රත්‍යයයෙන් භවය වේ.... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැන්ම වේ”
(සංයුත්ත නිකාය-2, සමණබ්‍රාහ්මණ සූත්‍රය, 5 පිට )
ඔය තියෙන්නෙත් පටිච්ච සමුප්පාදයමයි. සමුප්පාද චක්‍රයේ තන්හාවට කලින් තියෙන්නේ වේදනා. මෙතන තෘෂ්නාවට කලින් තියෙන්නේ " උපාධානීය ධර්මයන්ගේ ආශ්වාදය" කියලා
ඔය කියන්නේ "රාග සම්ඵස්සජා වේදනා" කියන එකයි. ආශ්වාදය කියන්නෙ "රාග සම්ඵස්සජා වේදනා" වලටයි
"ආශ්වාදය" කියන එක පටිච්චසමුප්පාදයේ තියෙන්නේ "වේදනා" කියන තැනයි
අකුසල් සිත්
අකුසල් මූල 3යි
ලෝභ මූල
ද්වේෂ මූල
මෝහ මූල
මේවා මූල මිසක් සිත් නෙවෙයි
ඉස්සරලා කුසල් සිත් 4යි කිව්වනේ. ඒ වගේම අකුසල් සිත් 7යි
1. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත් - (ලෝභ සිත් )
2. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත් - (ලෝභ සිත් )
3. උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත් - (ලෝභ සිත් )
4. උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත් - (ලෝභ සිත් )
5. දොම්නස් සහගියා වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ අකුසල්සිත - (ද්වේෂ සිත් )
6. උපේක්ෂා සහගත වූ විචිකිත්සා සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය - (මෝහ සිත් )
7. උපේක්ෂා සහගත වූ විචිකිත්සා සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය - (මෝහ සිත් )
ඔය මුල් 5 ට "අසංකාරික සිත්" කියලා දාලා අකුසල් සිත් 12ක් තියනවා කියනවා සමහර තැන් වල.
"අසසංකාරික සිත්" නම් ත්‍රිපිටකයේ කොහේවත් නෑ. ඒවා විශුද්ධි මාර්ගයෙන් ගත්ත ඒවා.
අසංඛාර කියන්නේ "සංඛාරයෙන් තොරයි"
හිතක් හදන්නේ නැති හිත් තියෙන්න බෑ (චිත්තය හදන්නේ නැති චිත්තයක් )
ඒ නිසා අසංකාරික හිත් තියෙන්න බෑ.
මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න
නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
නිවන්_මඟ_මෙන්න-(Part 20/20)
ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්

Last edited: