නිවන්_මඟ_මෙන්න-(Part 08/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(08/20)

    5.0 චිතක්ෂන හා චිත්ත වීථි

    ශුද්ධාශ්ඨකයක් කියන්නේ ආපෝ, තේජෝ, වායෝ, පටවි, වර්න, ගධ, රස ඕජා කියන එක රූපයක තියන කුඩාම කොටසටයි.

    ශුද්ධාශ්ඨකයක වයස මනින්නේ චිත්තක්ෂණ වලින්.
    රූපයට චිත්ත වීථියක වයස තියනවා
    වීථියකට චිත්තක්ෂන 17ක ආයුෂ තියනවා
    ඒ කියන්නේ එක රූපයක් ඇතිවෙලා බිඳෙද්දී හිත 17 වතාවක් උපදිනවා

    චිත්තක්ෂණයක ලක්ෂණය තමයි උත්පාද, තිථි, භංග (ඇතිවෙනවා, පවතිනවා, නැති වෙනවා)

    ඇතිවෙනකොටම නැති වෙනවා නෙවෙයි. ඇත්තටම මේ ඇතිවීම නැතිවීම හොඳ එකක්

    "අම්මා" කියන එකේ "අ" යන්න කනට ඇහිලා නිරුද්ධ වෙලා ගිය නිසයි "ම්" යන්න ඇහුනේ.
    නැත්නම් "අ" යන්නම කනේ රැව් පිළිරැව් දිදී තියනවා.
    "ම් යන්න ත් නිරුද්ධ වෙලා ගිය නිසයි "මා" යන්න අපිට ඇහුනේ.
    "මා" යන්නත් නිරුද්ධ වුන නිසයි ඇහිලා ඉවර වුනා කියලා දැනගත්තේ

    ඒ කියන්නේ ඔය ඇති වෙලා නැති වෙන එක හොඳයි. නැත්නම් අපිට වචන අහන්න වෙන්නෙත් නෑ
    ඒ වගේම කසාය බොන්න වෙන්නෙත් නෑ. නැත්නම් බිව්වම තිත්ත රස ජීවිත කාලයේම දිවේ තියෙයි.

    චිත්ත වීථි වල නිධාන කතාව මෙහෙමයි

    හිත කියන්නේ මුලු 5ක් තියන මකුළු දැලක මැද නිදාගන ඉන්න මකුළුවෙක් වගේ කියලා හිතමුකෝ
    මැස්සෙක් දැලේ පැටලුනාම දැල හෙල්ලෙනවා
    මකුළුවා බලනවා කොතනටද ආවේ කියලා. බලලා ඒ සතාව අල්ලගන්නවා
    ඔන්න ඔය වගේ තමයි ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ ආයතන වලින් එක ආයතනයකට අරමුනක් ආවම ඒකත් එකක් විඥ්ඥානයක් හදන වැඩ පිළිවෙල

    ගිනි කූරක් ගහද්දී ගින්නක් ගන්නවා.
    සහජාතව (පෙර පසු නැතුව එකවිටම) ගින්නත් එක්ක උපදිනවා ආලෝකය, ශබ්ධය, ගන්ධය, වර්ණය, අලු,...

    හිතත් ඔය වගේ
    ඇහැත් රූපයත් ගැටුනම චක්ඛු විඥ්ඥානය උපදිනවා (ගින්න උපදිනවා වගේ)
    ගින්නත් එක්ක ආලෝකය, ශබ්ධය, ගන්ධය, වර්ණය, අලු උපදිනවා වගේ ඇහැත් රූපයත් ගැටුනම චක්ඛු විඥ්ඥානය උපදිනවාත් සමඟම චෛතසික 52ක් උපදිනවා

    ඔය චෛතසික සේරමත් පෙර පසු නොවී සහජාතවයි ගොඩනැඟෙන්නේ.
    මේ චෛතසික වල ගුණ තමයි කුසල් සිත්, අකුසල් සිත් කියන්නේ

    ඔය චෛතසික 52 තමයි මේ (මේවා සාමාන්‍ය දැනීමටයි)

    1) සර්වචිත්ත සාධාරන චෛතසික 7යි- සංඥා, වේදනා, ඵස්ස, මනසිකාර, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය

    සර්වචිත්ත සාධාරන චෛතසික කියන්නේ හැම හිතකම මේ ටික තියනවාමයි. මේ ටික නැතිව හිතක් මේ 31 තලයේ උපදින්නේ නෑ
    2) ප්‍රකීර්ණක චෛතසික 6යි - ප්‍රීතිය, ජන්දය, වීර්ය, අධිමොක්ක, විතක්ක, විචාර
    3) අකුසල චෛතසික 14යි -මෝහ, අහිරික, අනොතප්ත, උද්දච්ච
    ලෝභ , දිට්ටි, මාන, දෝස, උද්දච්ච, ථීන, මිද්දය, විචිකිච්ජා, ඉස්සාව, මච්චරිය

    මෝහ, අහිරික, අනොතප්ත, උද්දච්ච කියන 4 සියළු අකුසල් සිත් වල තියනවාමයි. ඔය 4 නැතුව අකුසල් සිත් නෑ
    ලෝභය තියන තැන දෝශය නෑ. එකිනෙකට විරුද්ධ නිසා

    4) සෝබන සාධාරන චෛතසික 17යි - ශ්‍රද්ධා, සතිය, හිරි, ඔත්තප්ප, අලෝභ, අද්වේෂ (මෙත්තා), තත්‍රමජ්ජතා (උපේක්ෂාව), පස්සද්දි (කාය, චිත්ත ), ලහුත (කාය, චිත්ත), මුදුතා (කාය, චිත්ත), පාගුඥ්ඥතා (කාය, චිත්ත), කම්මඥ්ඝ්නතා (කාය, චිත්ත), උගුගතා (කාය, චිත්ත)

    මේවා කුසල පැත්තට යෙදෙන්නේ

    5) විරති චෛතසික 3යි - සම්මා වාචා, සම්මා ආජීව, සම්මා කම්මන්ත
    6) අප්‍රමාන චෛතසික 2යි - කරුණා, මුදිතා
    ඒවා අප්‍රමානව පතුරන්න පුළුවන්. ඒකයි අප්‍රමාන චෛතසික කියන්නේ

    7) ප්‍රඥා චෛතසිකය (මේකෙන් තමයි අපිව සසර ගොඩදාන්නේ :) )

    අකුසල් චෛතසික 14 නැත්නම් එයා රහතන්වහන්සේ කෙනෙක්. ප්‍රඥා චෛතසික අර 14ම දවලා දානවා. ඔය චෛතසික මතක තියාගන්න ඕනේ නෑ. දැනගන්න එක හොඳයි

    මලක් ඇහැට පෙනෙනවා කියලා උදාහරණයකට ගමු

    විපාක අවස්ථාව:

    මලේ වර්ණ රූපය (රූපායතනය ) + චක්ඛු ප්‍රසාදය (චක්ඛායතනය )+ විඥ්ඥානය
    ඔය තුන එකතු වුනාට පස්සේ "ස්පර්ශය හේතුවෙන් සර්වචිත්ත සාධාරන චෛතසික ධර්ම 7ක් ඇති වෙනවා කියලා කලින් කිව්වනේ

    වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ජීවිතේන්ද්‍රිය, ඒකාග්‍රතාව කියන 6යි ස්ඵර්ශයයි එක්කයි 7ක් වෙන්නේ

    වේදනාව තමයි : උපේක්ෂා වේදනාව
    සංඥා තමයි: මලක්, දම් පාට පිච්ච මලක්
    චේතනාව තමයි: දැකීම, සිත ගොඩ නැඟීම
    මනසිකාර තමයි : නැවත නැවත මෙනෙහි කිරීම (මනස ක්‍රියාත්මක වීම )
    ජීවිතේන්ද්‍රිය තමයි චිත්ත පරම්පරාවක පැවැත්ම
    ඒකාග්‍රතාව තමයි: එකක් පමණක් අග්‍ර වීම

    මෙතන වෙන්නේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදය.
    (අව්‍යාකෘත පටිච්චසමුප්පාදය ගැන වෙනම විස්තරයක් පසුවට තියනවා )

    දැන් මෙතන නාම රූප තමයි,
    නාම: වේදනා, සඥ්ඥා, චේතනා මනසිකාර
    රූප: ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්න, ගන්ධ, රස, ඕජා

    ඔය ටික ලැබෙන්නේ පෙර කර්ම විපාක නිසා

    අතීතයේ කර්මය තමයි: අවිද්‍යා, සන්කාර, තන්හා උපාධාන
    ඔය ටිකයි අද විපාක ලැබෙන්නේ

    අද විපාක තමයි: විඥ්ඥාන, නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා
    (රූපයක් ගැටුනාම තමයි ආයතනයක් වෙන්නේ )

    ඒ ටික එක්ක අවිද්‍යාව නිසා අපි කර්ම හදනවා.
    ආපහු ලැබෙන නව කර්ම තමයි: අවිද්‍යා, සංඛාර, තන්හා, උපාධාන, භව

    මතු විපාක තමයි: විඥ්ඥාන, නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා (රහතන්වහන්සේගේ නාම විතරයි. රූප නෑ)

    ඕක තමයි පටිච්චසමුප්පාදය

    දැන් චිත්ත වීති ගැන බලමු

    චිත්ත වීථියක චිත්තක්ෂණ 17 තමයි මේ
    1) විපාක සිත - අතීත භවාංග
    2) විපාක සිත - භවාංග චලන
    3) විපාක සිත - භවාංග උපච්චේදය
    4) ක්‍රියා සිත - පංච ආවර්ජන
    5) විපාක සිත - චක්ඛු විඥ්ඥාන, ශබ්ධ විඥ්ඥාන,...
    6) විපාක සිත - සංපටිච්චන
    7) විපාක සිත - සං තීරන
    8) ක්‍රියා සිත - වොත්තපන
    9) කර්ම සිත - ජවන
    10) කර්ම සිත - ජවන
    11)කර්ම සිත - ජවන
    12) කර්ම සිත - ජවන
    13) කර්ම සිත - ජවන
    14) කර්ම සිත - ජවන
    15) කර්ම සිත - ජවන
    16) විපාක සිත -තදාරම්භන
    17) විපාක සිත -තදාරම්භන

    ඔය ටිකේ චිත්තක්ෂන වල 5 වෙනි එක තමයි කලින් කතා කළේ. වර්ණයක් දැක්කම මලක සංඥාවක් එන ටික

    අපි නිදාගන ඉන්න අවස්ථාව භවාංග සිත කියන අවස්ථාවයි
    නිදාගන ඉද්දී බාහිර ආයතන 5න් එකක් වත් ක්‍රියාත්ම නෑ.
    අපි මැරිලා නැති නිසා කර්ම ශක්තියෙන් තමයි හිත පවත්වන්නේ. හීනයක් පේන්නේ නැත්නම් "මන, ධම්ම" විතරයි ඒ වෙලේ ක්‍රියාත්මක

    ශරීරය පවතින්නේ කර්මය, ආහාර කියන දෙකෙන්
    කර්ම ශක්තියෙන් තියන ටික කර්ම ශක්තියෙන් පවත්වනවා, ආහාර වලින් පවත්වන ටික ආහාර වලින් පවත්වනවා
    නිදියලා ඇහැරෙනකම් මැරෙන්නේ නැත්තේ කර්මශක්තියෙන් පවත්වන නිසා

    නිදාගන ඉන්න ඒ වෙලේ පෙර කරපු කර්ම නිසා හැදුන හිතයි තියෙන්නේ
    (ඔය වෙලේ අපේ හිත තියෙන්නේ (1) න් කියන අවස්ථාවේ. අතීත භවාංග
    හරියට ඔය කලින් කියපු උදාහර ණ යේ මකුළුවා නිදාගන ඉන්නවා වගේ තමයි (1)න් කියන අවස්ථාවේ. අතීත භවාංග හිත

    එක පාරටම එලියෙන් ශබ්ධයක් ඇහුනොත් භවාන්ග ගත හිත චලනය වෙනවා. ඒ කියන්නේ (2) වෙනි අවස්ථාව
    මැස්සෙක් දැලේ පැටලුනාම දැල හෙල්ලෙනවා වගෙයි (2, භවාංග චලන)

    (3) කියන්නේ භවාංග උපච්චේදය. ඒ කියන්නේ අතීතයෙන් ගෙනාව හිත කැඩෙනවා. කැඩිලා පංච ආවර්ජන (4) වෙනවා
    ඒ (4) වෙනි එකේ ඇයි "ක්‍රියා" කියලා දාලා තියෙන්නේ? ඒක කරන්නේ පෙර කර්මයක විපාකයෙන් නෙවෙයි. හිතේ වැඩක්. පංච ආවර්ජනය
    ඒක හරියට මකුළුවා බලනවා (3, භවාංග උපච්චේදය) කොතනටද ආවේ කියලා (4, පංච ආවර්ජනය)

    ඔය මුල් චිත්ත වීථි 4 යනම්ම පෙනීමක් ලැබිලා නෑ. මොකද චක්ඛු විඥ්ඥානය ඇතිවෙලා නැති නිසා

    දැන් හිත බලනවා මට දොරටු 5ක් තියනවා. කොහෙන්ද ඒක ආවේ කියලා
    ආවේ චක්කු විඥ්ඥානයෙන් (5) (චක්ඛු විඥ්ඥානය, සෝත විඥ්ඥානය,...ඔය වගේ )
    ඒක විපාකයක්. ඇස් පෙනෙන්නේ නැති කෙනෙක්ට චක්ඛු විඥ්ඥානය නැත්තේ එකයි

    ඔය අවස්ථාව හරියට කොතනටද ආවේ කියලා බැලුවට පස්සේ ඒ සතාව අල්ලගන්නවා (5, චක්ඛු විඥ්ඥාන, ශබ්ධ විඥ්ඥාන,,..) වගේ තමයි එක ආයතනයකට අරමුනක් ආවම ඒකත් එක්ක විඥ්ඥානය හදන එක

    ඔය (5) වෙනි අවස්ථාව තමයි කලින් විස්තර කලේ වර්ණයක් දැක්කම මලක සංඥාව එන ටික)

    තවම දැකපු රූපය මලක් කියලා අඳුරගන නෑ, තවම සංඛාර නෑ

    ඊට පස්සේ සංපටිච්චන, සංතීරන කියලා (6), (7) උපදිනවා.

    (7) න් මලක් කියලා තීරණය කලාට පස්සේ අන්න (8) වෙනියට ක්‍රියාවක් තියනවා "වොත්තපන" කියලා
    එතනින් තමයි ඇලෙන්නේ හෝ ගැටෙන්නේ. ඒක "ක්‍රියා".
    ඔන්න ඔය 8 වෙනි චිත්තක්ෂනයේදී තමයි උපන් සිත කිලිටි කරගන්නේ

    උපන් සිත ප්‍රභාෂ්වරයි, අපි රාග ද්වේෂයෙන් තමයි ඒ හිත කිලිටි කරගන්නේ කියලා පිටු ගානක් ලිව්වේ ඔන්න ඔය 8 වෙනි චිත්තක්ෂණයේ වෙන දේ ගැනයි

    ඔය 8 වන චිත්තක්ෂණයේදී, ඒ කියනේ වොත්තපන අවස්ථාවේදී අනිච්ච, දුක්ඛ, අනත්ත මෙනෙහි කළොත් එතනින් පස්සේ එන ජවන් සිත් 7 ම (9,10,11,12,13,14,15 සිත් ) සේරම ධ්‍යාන සිත් බවට පත් වෙනවා (1 වෙනි ධ්‍යානයට යනවා )

    ඒ සිත් භව නිරෝධයි. හැබැයි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට විතරයි ඒක කරන්න පුළුවන්. අනිත් අයට බෑ එයාලා අනිච්ච දුක්ඛ අනත්ත දන්නේ නැති නිසා
    එයාලා අනිච්ච දුක්ඛ විදිහට හිතුවට පුණ්‍යාභිසංඛාර හිත තමයි ජවන් සිත් විදිහට යන්නේ
    එයා හදාගතේ රූපාවචර දැහැනක් නම් ආනඤ්ජාභිසංඛාර වේන්වා

    (8) වන චිතක්ෂණයේදී තමයි හඳුනගන්නේ ආ මේක මලක්, මේක මලක සුවඳක් නියමයි කියලා
    භාවනා කරද්දී ප්‍රථම ධ්‍යානයට යද්දී එක දිගට අපි උත්සාහ කරන්නේ ඔන්න ඔය (8) වන චිත්තක්ෂ්ණය අනිච්ච, දුක්ඛ අනත්ත විදිහටම තියාගන්න මහන්සි වෙන එකයි. යම් අවස්ථාවක චිත්ත වීථි 1ක් 2ක් හෝ ඒ විදිහට ගියොත් ඒවා දැහැන් සිත්.
    අසුරු සැනක් අනිච්ච වඩුවොත්....කියලා කියන්නේ ඔන්න ඔය අවස්ථාවයි

    පුරුදු කරගන ගිහාම විනාඩියක් හරි එක දිගට “අනිච්ච, දුක්ඛ අනත්ත” චිත්ත වීථි යවන්න පුළුවන්
    ඊට පස්සේ ජවන් සිත් 7ක් උපදිනවා (9,10,11,12,13,14,15). ඒවා කර්ම
    ඒ ජවන සිත් 7 "ක්‍රියා සිත්" කරගන්න පුළුවන් සෝතාපන්න වුන කෙනාට විතරයි
    ඒවා කුසල් අකුසල් සිත්. ඔය ජවන සිත් වලින් ඒ වෙලේත් ඇතිකරගන විඳිනවා. අනාගතේටත් ඉතුරු කරගන්නවා
    පුණ්‍යාභිසංඛාර ද, අපුණ්‍යාභිසංඛාර ද, ධ්‍යානද, කර්ම ද, සතර අපායේ ද, දිව්‍යලෝකයේ ද, නිවන ද කියලා තීරණය වෙන්නේ ජවන් සිත් 7 න් තමයි (9,10,11,12,13,14,15 සිත් ටික )

    සමාපත්ති අවස්ථාවේ (ඒ වෙලේ මන ධම්ම විතරයි ක්‍රියාත්මක) ඒ වෙලේ එකම චිත්ත වීථියක් තමයි මේ සේරගේම යන්නේ. ඒ සේරම ධ්‍යාන සිත්

    කර්මය නිර්මාණය වෙන්නේ ඔය කර්ම ජවන් සිත් වලින්. ඒ සිත් වල විශාල ශක්තියක් තියනවා.
    සෝවාන් කෙනාගේ සතරපාගත කර්ම හැදෙන්නේ නෑ ජවන්සිත් වල.
    කෙනෙක් නේවසංඥානාසංඥා කර්ම ශක්තියක් නිකුත් කළොත් කල්ප 84,000ක් ඉන්න ශක්තියක් තියනවා. වැඩිපුර මහ ගෙදර සතර අපායයි

    ජවන් සිත් වල චෛතසික ගොන්නක් ගොඩ නැඟෙනවා. කුසලමූල චෛතසික 50කට වැඩියි

    ඔය චෛතසික වල තියනවා ශ්‍රද්ධා බල, විරිය බල, සති බල, ප්‍රඥ්ඥා බල, හිරි බල, ඔත්තප්ප බල (පවට ඇති අකමැත්ත )

    "ආසේවන ප්‍රත්‍යයෙන්" ඔය බල ගොඩනැඟෙන්නේ. "ආසේවන ප්‍රත්‍ය" කියන්නේ කලින් "හේතු ප්‍රත්‍ය" වගේ ප්‍රත්‍ය වලින් එකක්.
    ඒකෙන් වෙන්නේ මුලින් කරලා ආයේ ආයේ ඒකම කළාම ඒකේ බලය තව තවත් වැඩි වෙනවා.

    උදාහරණයක් විදිහට රෙද්දක එක පාරක් තීන්ත ගාලා ආයේ ගාන්න ගාන්න ඝනකමත් වැඩි වෙනවා. හොඳහට තීන්ත අල්ලනවා වගේ වැඩක් වෙන්නේ

    අකුසලයක් ආසේවන ප්‍රත්‍යයෙන් ගොඩනැඟෙන්න ගියොත් ඒත් ඒවගේමයි. විශාල අකුසලයක් වෙනවා
    අන්න ඒකයි මදුරුවෙක් මරද්දී වගේ නෙවෙයි හරකෙක් මරද්දී එක දිගට අකුසල් සිත් ම ක්‍රියාත්ම වෙන නිසා මදුරුවට වඩා හරකට අකුසලය වැඩි

    පිංකමක් කරද්දී වුනත් එහෙමයි. කෙනෙක් සල්ලි දීලා අත පිහගන ඉන්නවා. තව කෙනෙක් කඩේ ගිහි බඩු ගෙනල්ලා, ඒවා උයලා, පූජා කරන්න පැකට් කරලා ඒවා අරගන ගිහින් පූජා කරනවා. ඔය ආසේවන ප්‍රත්‍යය නිසා සල්ලි දුන්න කෙනාට වඩා කඩේ ගිහින් බඩු ගෙනව කෙනාට පින වැඩි

    චෛතසික යෙදෙනවා කියන්නේ මොකක්ද? මේ හිත කර්මයක් බවට පත් වෙනවා.
    කර්මයක් කියන්නේ මොකක්ද? ආපහු උත්පත්තියක් අරන් දෙන්න පුළුවන් ශක්තියක් ජනිත කරනවා
    ඒකේ වෙන්නේ අවිද්‍යා තන්හා දෙකත් එක්ක යෙදුන ඒ චෛතසික බලයෙන්

    ජවන් සිත් වල මුල් දෙකෙන් එකින් එකට ආසේවන ප්‍රත්‍ය ලැබිලා ඊ ලඟ දෙක බල බවට පත් වෙනවා
    ඒ කියන්නේ (9),(10) චිත්තක්ෂන වලින් ආසේවනය වෙලා (11),(12) බල බවට පත් වෙනවා

    ජවන් සිත් වලින් තව දෙයක් කරනවා. මේ කරන දේ කුසලයක් ද අකුසලයක් ද කියලත් තීරණය කරනවා
    චිත්තවීථි වල ජවන් ගොඩනැඟෙන්නේ නැති චිත්තවීථි ත් තියෙන්න පුළුවන්

    අන්තිමට තදාරම්භන කියලා "විපාක" චිත්තක්ශණ 2ක් තියනවා (16,17)
    ඔය දෙකෙන් තමයි මේ මොහොතේ අත්විඳින්නේ
    විපාක සැපයක්, විපාක දුකක් එතන ලැබෙන්නේ

    ඔය (16,17) මොහොතේ ස්කන්ධ ටිකක් ගොඩනැඟෙනවා
    ඒ කියන්නේ සෑම චිත්ත වීථියක් පාසාම ස්කන්ධ 5ක් ගොඩනැඟෙනවා
    එක චිත්ත වීථියක හටගන්න ස්කන්ධ ටින ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ආයේ ඊ ලඟ චිත්ත වීථියේ හටගන ආයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා.

    දැන් ඕක දැක්කා කියලා නිවන් දකිනවද? ඕක බල බල ඉඳලා හරියනවද නිවන් දකින්න?
    8 වෙනි චිත්තක්ෂනයේදී උපන් සිත කිලිටි කරගන්නේ නැතුව හිටියමයි නිවන් දකින්නේ

    අති විශාල කර්මයක් කළොත් මොකද වෙන්නේ? මනුස්ස කර්මය යටපත් වෙලා යන තරමට ලෝභයක්, ද්වේෂයක් නැඟුනොත් කර්මානුරූපව ඊට අදාල ස්වභාවයක් ලැබෙනවා

    පහනක තිරයයි වැටියයි තියනකම් සිළුව පැනවෙනවා. ඒ වගේ තමයි අවිද්‍යාව තියනකම් මේ ස්කන්ධ 5 ගොඩ නැඟෙනවාමයි

    තිරයයි තෙලුයි දැම්මේ නැත්නම් තිරය නිවෙනවා. වගේ තමයි අවිද්‍යාවයි තන්හාවයි නැත්නම් මේ ස්කන්ධ 5 ගොඩ නැඟෙන්නේ නැතුව රහතන්වහන්සේ පිරිනිවන්පානවා. (අනුපාදිසේස නිර්වාණය කියන්නේ මේකටයි)

    පහනට තෙල් දාලා තියෙන්නේ, තිරෙත් තියනවා, හැබැයි අලුතෙන් තෙලුයි තිරයි එකතු කරන්නේ නෑ. පෙර දාපු තෙල් ටිකෙන් දුවන්නේ
    අන්න ඒ වගේ තමයි අවිද්‍යාවයි, තන්හාවයි ඉවර කලාම රහතන්වහන්සේ පිරිනිවන්පානකම් ජීවත් වෙන එක. (සෝපාදිසේස නිර්වාණය කියන්නේ මේකටයි)

    සෝපාදිසේස, අනික අනුපාදිසේස කියලා ඔය විදිහට නිවන් 2ක් තියනවා.

    තව උදාහරනයක් තියනවා. කාන්තාවක් වතුර බාල්දියක් අරන් යද්දී ඒ වතුරෙන් හඳ පෙනිලා බාල්දියේ අඩිය ගැලවිලා ගිහින් හඳ පේන්නේ නැති වුනාම රහත් වුනා
    ඒ උපමාවේ රොඩු ටික උඩින් අරන් කියනවා "හඳත් නෑ, බාල්දියත් නෑ, වතුරත් නෑ කියලා දැකලා රහත් වුනා" කියලා

    හඳත්, වතුරත් තියනකම් ජායාව පැනෙනවා ඒක හරියට තෙලුත් තිරයත් තියනකම් සිළුව පැනෙනවා වගේ....අවිද්‍යාවයි, තන්හාවයි තියනකම් ස්කන්ධ 5 තියනවා
    ඕක තේරුම් අරන් එදා රහත් වුනේ

    ඔය එක චිත්තක්ෂ්ණයක පටිච්චසමුප්පාද චක්‍ර 16ක් ක්‍රියාත්මක වෙනවා

    ඒක වෙන්නේ මෙහෙමයි

    බුදුරජානන්වහන්සේ දේශනා කලා සූවිසි ප්‍රත්‍යයක් (ප්‍රත්‍ය 24ක්). ඒකෙන් 4ක් තමයි
    පච්ච ප්‍රත්‍යය
    හේතු ප්‍රත්‍යය
    සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය
    අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය

    ඔය එක ප්‍රත්‍යය කට 4 ගානේ ප්‍රත්‍යය 4 ට පටිච්චසමුප්පාද චක්‍ර 4x4=16 ක් එක චිත්තක්ෂණයකදී ක්‍රියාත්මක වෙනවා.
    නිවන් යන්න මේවා දැනගන්න ඕනේ නෑ. සාමාන්‍ය දැනීමටයි මේ ටික

    පච්ච ප්‍රත්‍යයෙන් යටගන්න පටිච්චසමුප්පාදය කියන්නේ අපි කවුරුත් දන්න එක. ඒක මේ වගේ
    අවිද්‍යා පච්චයා > සංඛාරා
    සංඛාර පච්චයා > විඥ්ඥානං
    විඥ්ඥානං පච්චයා > නාමං
    නාමරූප පච්චයා > සලායතන.... ඔය වගේ

    හේතු ප්‍රත්‍යය පටිච්චසමුප්පාදය:
    අවිද්‍යා පච්චයා සංඛාරා > අවිද්‍යා හේතුකං
    සංඛාර පච්චයා විඥ්ඥානං > සංඛාර හේතුකං
    විඥ්ඥාන පච්චයා නාමං > විඥ්ඥාන හේතුකං...... ඔය වගේ

    සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය පටිච්චසමුප්පාදය:
    අවිද්‍යා පච්චයා සංඛාරා > අවිද්‍යා සම්ප්‍රයුත්තා
    සංඛාර පච්චයා විඥ්ඥානං > සංඛාර සම්ප්‍රයුත්තා
    විඥ්ඥාන පච්චයා නාමං > විඥ්ඥාන සම්ප්‍රයුත්තා ...... ඔය වගේ

    අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය පටිච්චසමුප්පාදය:
    අවිද්‍යා පච්චයා සංඛාරා > සංඛාර පච්චයාපි අවිද්‍යා
    සංඛාර පච්චයා විඥ්ඥානං > විඥ්ඥාන පච්චයාපි සංඛාරං
    විඥ්ඥාන පච්චයා නාමං > නාම පච්චයාපි විඥ්ඥානං...... ඔය වගේ


    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited:
    • Love
    Reactions: hodakolla